theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගර්භණී අවදිය හතරවන සතිය: කළලයේ වර්ධනය සති සටහන

3 අවම කියවීම
ගර්භණී අවදිය හතරවන සතිය: කළලයේ වර්ධනය සති සටහනගර්භණී අවදිය හතරවන සතිය: කළලයේ වර්ධනය සති සටහන

ගර්භණී අවදිය හතරවන සතිය: ගර්භණී අවදියේ සතිපතා කළලයේ වර්ධනය තුළින් මව්කුස තුළ පැටියාගේ සුන්දර ගමන ගැන ලිපි පෙලක්.

ගර්භණී අවදිය හතරවන සතිය වන විට පැටියාගේ ප්‍රමාණය කොපමණද?

පැටියාගේ ප්‍රමාණය අන්වීක්ෂයක්  නැතිව නොපෙනෙන තරමට කුඩා වුවත්, මේ කළල වර්ධනයේ නැතහොත් ගර්භණී කාලයේ මුලාරම්භය වන සංධිස්තානයයි. ගර්භණී සති 4 වනවිට කළලයේ වර්ධනය කෙසේදැයි බලමු.

ගර්භණී සති 4 තුළ කළලයේ වර්ධනය

  • ගර්භණී අවදිය හතරවන සතිය ගර්භණී සති 4 වන විට පැටියා කසකසා ඇටයක ප්‍රමාණයක් ගනී.

    මේ වන විට ඇම්නියන කෝෂය පෙනෙන්නට තිබේ. පැටියා මෙලොව එළිය දකින තුරු ඔහුගේ නිවහන වන්නේ මෙම කෝෂයයි.

  • වැදෑමහේ මූලික අවධියද මේ මොහොතේ සිට සෑදෙන අතර එය ස්ථර දෙකකින් යුක්ත වනවා. මවගේ රුධිරය දරුවා වෙත ගෙනයාමට විශේෂ මගක් සේ ක‍්‍රියාත්මක වන වැදෑමහ, වර්ධනය වන කළලයේ සෛල වර්ධනයට අවශ්‍ය ඔක්සිජන් සහ සියලු පෝෂ්‍ය පදාර්ථ මේ ඔස්සේ සපයනවා. ඇමෝනික් තරලය පිරි කෝෂය (වෝටර් බෑග්) තුළ කලලය දිනෙන් දින වර්ධනය වේ. මේ අතර වැදෑමහද ක්‍රමක්‍රමයෙන් වර්ධනය වන තුරු දරුවාගේ රතු රුධිර සෛල නිපදවීම මෙන්ම පෝෂණය ලබාදීම සිදු කෙරෙනුයේ මෙම තරලය මගිනි.
  • මෙතැන් පටන් සති 6ක කාලයක් පුරාවට දරුවාගේ අවයව වර්ධනය වන්නට පටන් ගන්නවා. ඇතැම් අවයව ක්‍රියා කරන්නටත් පටන් ගන්නවා.

මෙම කාලයේ ඇතිවිය හැකි මූලික ලක්ෂණ හා අපහසුතා 

  • මේ වන විට දැනෙන වෙනස්කම් නිසා ගැබ් ගෙන ඇති බව පිරික්සීමේ පරීක්ෂණයක් නිවසේදීම කරගන්නට ඇති.
  • සෑම ගැබ් ගැනීමකම ප්‍රතිපල නිවසේදී කරන පරීක්ෂණ වලින් (Home Pregnancy Test) වලින් 100% නිරවධ්‍ය නොවේ. මුල් කාලයේදී ගැබ් ගැනීම පරික්ෂා කරගන්නට අවශ්‍ය නම් ඔසප් බලාපොරොත්තු වන දිනය ලඟම ඇති රෝහලට ගොස් පරික්ෂා කරගැනීම වඩාත්ම සුදුසුයි.
  • ඔබට මේ වන විට ලොකු වෙනසක් නොදැනෙන මුත් නොබෝ දිනකින් ඇඟට දැනෙන වෙනස්කම් තිබේවි.
  • සිරුරේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනයේ වැඩි වීම නිසා බද පිපුණු ගතියක් දැනෙන්නට පුළුවන්. යුක්තානුව පැලෝපිය නාලයේ ඉහළට පහළට ගමන් කිරීමත් කාලය තැන්පත් වීමත් මෙම අවදියේ සිදු වනවා. මේ හේතුවෙන් සුළු වශයෙන් දැනෙන්නට ඇති විය හැකි කෙණ්ඩා පෙරලීම්, සුළු රුධිර වහනයන් ආදිය අත්දකින්නට පුළුවන්.
  • සිරුරේ ඇති වන හෝමෝන විපර්යාස නිසා මනසේ හැඟීම්ද අසමතුලිත විය හැක. අසාමාන්‍ය කනස්සලු ගතිය, කේන්ති යාම ආදිය  ඇති වේ නම් මේ ඊට හේතුවයි.

මේ කාලය තුළ අවධානය යොමු කල යුතු දේ 

  • ගැබ්ගෙන ඇති බව තහවුරු වීමත් සමඟ දුම් පානය හා පානය කරන්නන් අවට සිටීම නොකළ යුතු වේ.
  • මත්පැන් පානය කිසි සේත්ම නොකළ යුතු අතර කෝපි හා කැෆේන් අඩංගු ආහාර පාන අවම කල යුතු වේ. 
  • පැස්චරීකරණය කර නොමැති  චීස් ඇතුළු කිරි සහිත ආහාර මෙන්ම මනාව පිස නොගත් මස් මාළු ආදිය ආහාරයට ගැනීමෙන් වැළකිය යුතුයි. එමගින් ඊ-කොලි බැක්ටීරියා ආසාදන ඇතිවිය හැකි බැවිනි.
  • රසදිය අඩංගු මාළු වර්ග (මෝර මාළු, කුම්බලාවෝ වැනි) ආහාරයට ගැනීමෙන් වැළකිය යුතුයි.

පිරික්සුම් ලැයිස්තුව 

  • නිවසේදී ගත් ගැබ්ගෙන ඇති බව දැනගැනීමේ පරීක්ෂණය තුළින් ගැබ්ගෙන ඇති බව තහවුරු වුවහොත් ඔබේ ප්‍රසව හා නාරි වෛද්‍යවරයා හමුවන්න. 
  • ඔබ ගන්නා වෙනත් බෙහෙත් හේත් වේ නම් ඒවායේ ලැයිස්තුවක් ලියාගෙන තබාගන්න. වෛද්‍යවරයා හමු වන විට නොවරදවා ඒ ගැන ඔහුට පවසන්න.
  • ඔබ ගත යුතු විටමින් වර්ග නොවරදවා ගත යුතු අතර නිවැරදි ආහාර රටාව පිළිපදින්නට කැපවන්න.

 

මීළඟ ලිපියෙන්, ගර්භණී අවදිය පස්වන සතිය

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • ගර්භණී අවදිය
  • /
  • ගර්භණී අවදිය හතරවන සතිය: කළලයේ වර්ධනය සති සටහන
බෙදාගන්න :
  • ගර්භණී අවදිය දාහතරවන සතිය: කළලයේ වර්ධනය සති සටහන

    ගර්භණී අවදිය දාහතරවන සතිය: කළලයේ වර්ධනය සති සටහන

  • ගර්භණී අවදිය පස්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

    ගර්භණී අවදිය පස්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

  • ගර්භණී අවදිය දාහතරවන සතිය: කළලයේ වර්ධනය සති සටහන

    ගර්භණී අවදිය දාහතරවන සතිය: කළලයේ වර්ධනය සති සටහන

  • ගර්භණී අවදිය පස්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

    ගර්භණී අවදිය පස්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it