ගර්භණී අවදිය හතලිස්වන සතිය: කළලයේ වර්ධන සති සටහන

ගර්භණී අවදිය හතලිස්වන සතිය: කළලයේ වර්ධන සති සටහන

ගර්භණී අවදිය හතලිස්වන සතිය: ගර්භණී අවදියේ සතිපතා කළලයේ වර්ධනය තුළින් මව්කුස තුළ පැටියාගේ සුන්දර ගමන ගැන ලිපි පෙලක්.

ගර්භණී සති 40 (pregnancy week 40): දරුවා එන සලකුණු පමා වෙන විට ඔබට පුංචි නොඉවසිල්ලක් දැනේවි. මේ ගැන හිතමින් හෝ අන් කිසි දෙයක්

වෙනුවෙන් නින්ද අහිමි කර නොකරන්න. ඒ වෙනුවට, මේ කාලය විවේකිව ඉන්න. කුණාටුවට කලින් නිසංසල බවක්
ඇතිවෙනවා. එහෙම නේද?

ගර්භණී සති 40 වන සතිය වන විට පැටියාගේ ප්‍රමාණය කොපමණද?
ගර්භණී සති 40

ගර්භණී සති 40 වන විට පැටියා කුඩා වට්ටක්කා ගෙඩියක ප්‍රමාණයක් ගන්නවා

මේ අවදිය තුළ ඔබේ දරුගැබේ වර්ධනය
  • ඔබේ දරුවා තවමත් උපත් මාර්ගය හරහා ගමන් කර නොමැති නිසා ඔහුගේ හිස් කබල අස්ථි තවමත්
    සම්පුර්ණයෙන්ම සම්බන්ධ වී නැහැ. උපත් මාර්ගය හරහා ගමන් කිරමේදී හිරවීමක් වුවහොත් මේ අස්ථි මදක්
    ලංවීමට මෙය ඉඩ සලසනවා. ඔබේ දරුවාගේ හිස වටකුරු වීමට වඩා ඕවලාකාර හැඩයක් ගැනීමට මෙය හේතු
    වෙනවා.
හතලිස් වන සතියේ ගර්භණී ලක්ෂණ හා අපහසුතා
  • දරුවා ඔබේ ශ්‍රෝණිය දිගේ පහලට එන විට ඔබට දිගින් දිගටම අපහසුතාවයක් දැනේවි. උදරය, යෝනි
    ප්‍රදේශය සහ කකුල් දිගේ එන තියුණු වේදනාවක් ලෙස එය ඔබට දැනෙනු ඇත.
ගර්භණී සති 40 තුළ යොමු කල යුතු දේවල්
  • දරු ප්‍රසුතිය ගැන හිතමින් නින්ද අහිමි කර ගන්න එපා. සුව නින්දක් ලබාගන්න.
  • ඔබේ ඇම්නියොටික් බෑගය සිදුරු වී ඇති බව හදුනාගන්නේ කෙසේද? ඇම්නියොටික් තරලය සාමාන්‍යයෙන්
    වර්ණයෙන් තොර අතර ගන්ධයක් නැත. කහ පැහැයෙන් යුත් ඇමෝනියා සුවඳ දැනෙන තරලයක් ඔබ දුටුවහොත්, බොහෝ විට එය මුත්‍රා කාන්දු වීමක් වේ.
  • ඔබේ ඇම්නියොටික් බෑගය සිදුරු වී ඇතිදැයි පරීක්ෂා කිරීමට තවත් ක්‍රමයක් තියෙනවා. ඒ නම් ඔබේ ශ්‍රෝණි
    මාංශ පේශි මිරිකීමෙන් තරලයේ ගලායාම වළක්වා ගැනීමට උත්සාහ කිරීමයි (කෙගල් ව්‍යායාම).
  • එහිදි තරල ගලායෑම නතර වුවහොත්, එය මුත්‍රා වේ. එය දිගින් දිගටම ගලා යයි නම් එය ඇම්නියොටික් තරලය
    වේ.
  • ඔබේ ඇමොටිනික් තරලය කොළ හෝ දුඹුරු පැහැති නම් වහාම වෛද්‍යවරයා අමතන්න. ඔබේ දරුවා ගර්භාෂය
    තුළදීම මළපහ (මෙකෝනියම්) පිටකර තියෙනවා වෙන්න පුළුවන්.
පිරික්සුම් ලැයිස්තුව
  • ඔබේ දරුවා ප්‍රමාද සෑම මොහොතකම කලයුතු වන්නේ හොදින් විවේක ගැනීමයි. සුව නින්දක් ලගාකර ගන්න.

මීට පෙර ලිපියෙන් ගර්භණී තිස්නවවන සතිය ගැන කියවුනා. 

මීළඟ ලිපියෙන්, ගර්භණී හතලිස් එක් වන සතිය

Theasianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

Written by

Niloufer Perera