theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගර්භණී අවදිය හතලිස්එක්වන සතිය: කළලයේ වර්ධන සති සටහන

2 අවම කියවීම
ගර්භණී අවදිය හතලිස්එක්වන සතිය: කළලයේ වර්ධන සති සටහනගර්භණී අවදිය හතලිස්එක්වන සතිය: කළලයේ වර්ධන සති සටහන

ගර්භණී අවදිය හතලිස්එක් සතිය: ගර්භණී අවදියේ සතිපතා කළලයේ වර්ධනය තුළින් මව්කුස තුළ පැටියාගේ සුන්දර ගමන ගැන ලිපි පෙලක්.

ගර්භණී සති 41 (pregnancy week 41): ඔබේ දරුවාගේ පැමිණීම ප්‍රමාදද? සංසුන් වෙන්න උත්සාහ කරන්න, අම්මේ. ඉක්මනින් ඔහු පැමිණේවි.

ඔබගේ මනස සංසුන් කර ගැනීමට සැබෑ ප්‍රසුති සංකෝචන සහ බ්‍රැක්ස්ටන් හික්ස් සංකෝචන අතර වෙනස දැන ගන්න.

ගර්භණී සති 41 වන විට පැටියාගේ ප්‍රමාණය කොපමණද?

ගර්භණී සති 41

ගර්භණී සති 41 වන විට පැටියා කොස් ගෙඩියක ප්‍රමාණයක් ගන්නවා

මේ සතිය තුළ ඔබේ දරුගැබේ වර්ධනය

  • හෝමෝන හා සම්බන්ධ ඔබේ දරුවාගේ අන්තරාසර්ග පද්ධතිය උපත සඳහා සූදානම් වෙමින් පවතිනවා. (ඔහුගේ උපතේදී, ඔහු නිපදවන ආතති හෝමෝන ප්‍රමාණය ඔහු සිය ජීවිතයේ නිපද වු විශාලතම ආතති හෝමෝන ප්‍රමාණය වේ. බිය වෙන්න එපා. මේ මගින් ඔහුව ගර්භාෂයෙන් පිටත ජිවිතයකට හැඩ ගස්වනු ලබයි.)
  • භ්‍රෑණ ක්‍රියාකාරිත්වය අඩුවීම ඔබේ දරුවා සම්පූර්ණයෙන්ම වැඩි ඇති බවට සලකුණකි. මේ සම්පුර්ණ වර්ධනය
    නිසා ඔහුට එහා මෙහා යන්න අසිරුයි.
  • හතලිස්එක් වන සතියේ ගර්භණී ලක්ෂණ හා අපහසුතා

ගර්භණී සති 41 ක් වන විට, ඔබට ස්වභාවික ප්‍රසුතියකට යොමුවෙන්න පුළුවන්. එහිදි අවධානය යොමු කළ යුතු කරුණු:

  • ඔබේ ඇම්නියොටික් බෑග් එක කැඩීම (ඔබ කෙගල් ව්‍යායාම කළත් ගලා යාම නතර නොවෙන පැහැදිලි
    ද්‍රවයක්, නමුත් මෙය කහ පැහැති මුත්‍රා සමඟ පටලවා ගන්න එපා)
  • රුධිරය සහිත ශ්ලේෂ්මල පිටවීම
  •  නිතර ඇතිවෙන සංකෝචනය ( බ්‍රැක්ස්ටන් හික්ස් සංකෝචන සමග පටලවා නොගන්න.).
  • ඒ වන තෙක් ඔබට නිතර මුත්‍රා පිටකිරීමට අවශ්‍ය වීම, ශ්‍රෝණි පෙදෙසේ වේදනාව, ඔබේ අලුත උපන් බිළිඳා සඳහා ඔබේ නිවස සූදානම් කර ගැනීමට ඇති අධික ආශාව, රක්තපාත තත්වය හා නිරන්තරයෙන්ම දියර මළ පිටවීම ඇතිවිය හැකිය.

ගර්භණී සති 41 තුළ අවධානය යොමු කල යුතු දේවල්

  • නිතර මුත්‍රා පිට කිරීමට අවශ්‍ය වේවි. ඔබේ දරුවාගේ වර්ධනය වීම ඔබේ මුත්‍රාශයට විශාල පීඩනයක් ඇති
    කරනවා.
  • ඔබේ ශරීරයට විවේකයක් ලබා දෙන්න. උණුසුම් ජල තටාකයක, නාන බේසමක විවේක සුවයෙන් ඉන්න. ජලය
    ගුරුත්වාකර්ෂණයට ප්‍රතිරෝධයක් දක්වනවා. ඒ නිසා ගර්භනී සමයේ ඔබට වැඩි සුවදායක බවක් ලැබේවි.

පිරික්සුම් ලැයිස්තුව

  • සංසුන් වන්න. ඔබ සති 40 පසු කලත් ඔබේ දරු ප්‍රසුතිය ප්‍රමාද බව එයින් කියවෙන්නේ නැහැ. මෙසේ කල් පසු
    වන දරු ප්‍රසුතී වලින් 70% ක්ම සිදුවන්නේ පිළිසිඳ ගැනීමේ කාලය වැරදි ලෙස ගණනය කිරීම නිසයි.
  • ඔබ ඔබේ වෛද්‍යවරයා සමඟ කෘතිමව දරු ප්‍රසුතිය කිරීම ගැන සාකච්ඡා කර නොමැති නම්, දැන්ම එය කරන්න.
  • ඔබේ ගැබ්ගෙල දරු ප්‍රසූතියට සූදානම් නොමැති නම්, කෘතිම දරු ප්‍රසුතියට පෙර එය පරිණත කිරීමට ඔබේ
    වෛද්‍යවරයා හෝමෝන භාවිතා කරනවා. ආරම්භක සංකෝචන ඇති කිරීමට ඔක්සිටොසින් භාවිතා කරනවා.
  • හදිසි ඇමතුම් අංක ලගින්ම තබා ගන්න. ඔබේ යෝනි මාර්ගයෙන් නිතර ද්‍රව කාන්දු වීමක් හෝ භ්‍රෑණ චලනය
    විශාල ලෙස අඩුවීමක් ඔබට දැනුනොත් වහාම වෛද්‍යවරයාට දන්වන්න.

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

මීට පෙර ලිපියෙන් ගර්භණී හතලිස්වන සතිය ගැන කියවුනා. 

මීළඟ ලිපියෙන්, ගර්භණී හතලිස් දෙවන සතිය

Theasianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • තුන්වන ත්‍රයිමාසිකය
  • /
  • ගර්භණී අවදිය හතලිස්එක්වන සතිය: කළලයේ වර්ධන සති සටහන
බෙදාගන්න :
  • ගර්භණී අවදිය හතලිස්දෙවන සතිය: කළලයේ වර්ධන සති සටහන

    ගර්භණී අවදිය හතලිස්දෙවන සතිය: කළලයේ වර්ධන සති සටහන

  • ගර්භණී අවදිය හතලිස්වන සතිය: කළලයේ වර්ධන සති සටහන

    ගර්භණී අවදිය හතලිස්වන සතිය: කළලයේ වර්ධන සති සටහන

  • විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

    විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

  • ගර්භණී අවදිය හතලිස්දෙවන සතිය: කළලයේ වර්ධන සති සටහන

    ගර්භණී අවදිය හතලිස්දෙවන සතිය: කළලයේ වර්ධන සති සටහන

  • ගර්භණී අවදිය හතලිස්වන සතිය: කළලයේ වර්ධන සති සටහන

    ගර්භණී අවදිය හතලිස්වන සතිය: කළලයේ වර්ධන සති සටහන

  • විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

    විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it