ගර්භණී අවදිය හතලිස්දෙවන සතිය: කළලයේ වර්ධන සති සටහන

ගර්භණී අවදිය හතලිස්දෙවන සතිය: කළලයේ වර්ධන සති සටහන

ගර්භණී අවදිය හතලිස්දෙවන සතිය: ගර්භණී අවදියේ සතිපතා කළලයේ වර්ධනය තුළින් මව්කුස තුළ පැටියාගේ සුන්දර ගමන ගැන ලිපි පෙලක්.

ගර්භණී සති 42 (pregnancy week 42): අම්මේ මේ සතිය අවසන් වන විට ඔබේ කිරි සිහිනය සැබෑ වි ඔබ මෙතරම් කල් කුස දැරු ඔබේ කිරි කැටියා දෝතට ඒවි. ඉතින් සිහින සැබෑ වෙන්නට තව දවස් කීයද? මේ ඔබට ඉතාම නොඉවසිලිමත් කාලයක් බවට නොඅනුමානයි.

ගර්භණී සති 42 වන විට පැටියාගේ ප්‍රමාණය කොපමණද?
ගර්භණී සති 42

ගර්භණී සති 42 වන විට පැටියා ලොකු ලබු ගෙඩියක ප්‍රමාණයක් ගන්නවා

මේ කාලය තුළ ඔබේ දරුගැබේ වර්ධනය

• දරු ප්‍රසූතියෙන් පසු, ඔබේ දරුවාගේ සම වියළි, ඉරිතලා ගිය, රැළි වැටුන බවක් පෙන්වයි. මෙය තාවකාලික
තත්වයක් වේ. ප්‍රසුතිය බලාපොරොත්තුවෙන් සති කිහිපයකට පෙර ඔහුගේ ආරක්ෂිත ඉටි ආවරණය ඉවත් වීම
මෙයට හේතුවයි.

• ඔහුට දිගු නියපොතු සහ හිසකෙස් තියෙන්න පුළුවන්. වඩාත් විමසිල්ලෙන් පසුවෙන්න.

ගර්භණී සති 42: ගර්භණී ලක්ෂණ හා අපහසුතා

• නිතර නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වීම ,ශ්‍රෝණි ප්‍රදේශයේ වේදනාව, ඔබේ අලුත උපන් බිළිඳා සඳහා ඔබේ
නිවස සූදානම් කර ගැනීමට ඇති අධික ආශාව, රක්තපාත තත්වය හා නිරන්තරයෙන්ම දියර මළ පිටවීම තවදුරටත්
පවතී.

• ප්‍රසුතිය කල් පසු වු කාන්තාවන්ගෙන් සියයට දෙක අතර ඔබ සිටිය හැක. මෙම සතිය අවසන් වීමට පෙර ඔබේ
දරුවා උපත ලබනවා. ඒ නිසා සැනසීමක් ලබාගන්න. ලබන සතියේ වන විට පුංචි පැටියා එක්ක ඔබේ පවුල සතුටෙන්
ඉතිරේවි.

ගර්භණී සති 42 කාලයේ අවධානය යොමු කල යුතු දේවල්

• ප්‍රසුතිය ආසන්න බව හගවන සලකුණු ගැන දිගටම සැලකිලිමත් වන්න. ප්‍රසුතියට පෙර එන එක් සලකුණක්
වන්නේ බඩ බුරුල් වී යෑමයි. උපත් මාර්ගය දිගේ දරුවාට ගමන් කිරීමට අවශ්‍ය ඉඩ සලසා දීම සඳහා ඔබේ බඩවැල්
පිරිසිදු කිරීම මෙසේ සිදුවේ.

• ඔබේ සංකෝචන බලවත් නම්, ඒවා අවම වශයෙන් තත්පර 45 ක් වත් පවතින්නේ නම් සහ සෑම මිනිත්තු 5 කට
වරක් ඒවා පැමිණේ නම් තව පැය කිහිපයකින් ඔබේ දරුවා උපත ලබනවා.

පිරික්සුම් ලැයිස්තුව

• සුවපහසුව ඉන්න. ඔබට ඔබේ පුංචි පැටියා ඉක්මනින්ම මුණ ගැසේවි.

ඔබේ කලමනා මල්ල මේ වෙනකොට සූදානම් නේද? 

මීට පෙර ලිපියෙන් ගර්භණී හතලිස් දෙවන සතිය ගැන කියවුනා. 

මීළඟ ලිපියෙන්, ගර්භණී හතලිස්තුන්වන සතිය

Theasianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

Written by

Niloufer Perera