ගර්භණී අවදිය හතලිස්තුන්වන සතිය: කළලයේ වර්ධන සති සටහන

ගර්භණී අවදිය හතලිස්තුන්වන සතිය: කළලයේ වර්ධන සති සටහන

ගර්භණී අවදිය හතලිස්තුන්වන සතිය: ගර්භණී අවදියේ සතිපතා කළලයේ වර්ධනය තුළින් මව්කුස තුළ පැටියාගේ සුන්දර ගමන ගැන ලිපි පෙලක්.

ගර්භණී සති 43 (pregnancy week 43):ඔබේ ප්‍රසුතිය ප්‍රමාද වු විට සැලසුම් කළ පරිදි ඔබට යෝනි මාර්ගය ඔස්සේ දරු උපතක් ලබා ගැනීමට නොහැකි වේවි.

ගර්භණී සති 43 වන විට පැටියාගේ ප්‍රමාණය කොපමණද?
ගර්භණී සති 43

ගර්භණී සති 43

ඔබේ දරුවා පිටතට එන්නේ කවදාදැයි ඔබ සිතන්න. ඔබේ පුංචි පැටියාට නම් එහි සැබවින්ම උණුසුම හා සුවපහසුව දැනෙන්න පුළුවන්. නමුත් ඔහු එයට කැමති වුවත් නැතත්, ඔහුව හෝ ඇයව පිළිගන්නා තුරු එහි වැඩිපුර කාලයක් රැදි සිටීමට සිදුවේ.

මේ මොහොතේදී, ඔබේ විශේෂඥ වෛද්‍යවරයා සිසේරියන් සැත්කමක් ගැන හා වෙනත් කල් පසු වු ප්‍රසුතිය කරන ආකාර ගැන ඔබ සමඟ සාකච්ඡා කරාවි.

ගර්භණී සති 43 තුළ ඔබේ දරුගැබේ වර්ධනය
  • ඔබේ දරුවාට තවමත් පිටතට නොපැමිණියත් ඔබ දරුවාගේ චලන ගණන් කිරීම නැවැත්විය යුතු නැහැ. ඔහුට
    ගර්භාෂය ප්‍රමාණවත් ඉඩක් නැහැ. නමුත් යම් අවස්ථා වලදී, ඔබේ පුංචි පැටියා මෘදු චලන කරනවා.
  • වැඩි කාලයක් ගර්භාෂය තුල සිටින දරුවාගේ බර වැඩිවෙන්න පුළුවන්. ඒනම් ඔබට බිහිකරන්න වෙන්නේ
    ප්‍රමාණයෙන් විශාල දරුවෙක්, ඒ නිසා සිසේරියන් සැත්කමක් තෝරා ගැනීම පහසු වේවි.
  • කල් පසු වු දරු ප්‍රසූතියක ඇති ලොකුම අවාසිය වන්නේ වැදෑමහයේ ක්‍රියාකාරිත්වය අඩු වන වීම හා
    ඇම්නියොටික් තරලයේ ප්‍රමාණය අඩු වීමයි.
  • එමනිසා ඔබේ දරුවා වෙත ලැබෙන ඔක්සිජන් හා පෝෂණය අඩුවෙනවා. ඒ වගේම පෙකණි වැල පීඩනයට ලක් වීමේ අවදානමක් තිබෙන අතර එමඟින් ඔබේ දරුවාට සංකූලතා ඇති වෙන්න පුළුවන්.
ගර්භණී සති 43: ගර්භණී ලක්ෂණ හා අපහසුතා
  • ඔබේ දරුවා ඔබේ දෝතට ගන්නා තුරු ඔබ යන සෑම තැනකම ඔහුගේ බර කුසයේ දරාගෙන යන්න සිදුවේවි.
  • පපුවේ දැවිල්ල, නිතර නිතර මුත්‍රා කිරීම අවශ්‍ය වීම, ශ්‍රෝණි ප්‍රදේශයේ වේදනාව, කොන්දේ අමාරුව , ජලය
    රඳවා තබා ගැනීම යන සියල්ලම තවම පහව ගිහින් නැහැ.
  • හොඳ රාත්‍රී විවේකයක් ලබා ගන්න ඉතා අපහසු විය හැකිය. ඔබේ ශරීර ප්‍රමාණය වැඩි වීම හා කොන්ද පහල
    තදවීම මෙයට හේතු වේ. නමුත් ඔබ හැකි තරම් විවේකයක් ලබාගන්න. ඔබේ පුංචි පැටියා ඔබ ලගට ආ පසුව එය
    අනිවාර්යයෙන්ම අවශ්‍ය වේවි.
මේ කාලයේ අවධානය යොමු කල යුතු දේවල්
  • ඔබේ රෝහල් බෑගයේ සෑම දෙයක්ම ඔබ සතුව ඇත්දැයි නැවත වරක් පරීක්ෂා කරන්න. මේ වන විට ඔබේ
    වෛද්‍යවරයා සීසේරියන් සැත්කමට දිනයක් ලබා දී ඇති. මේ අතර, ඔබේ ප්‍රසුතිය ප්‍රේරණය වන ස්වාභාවික
    ක්‍රම කිහිපයක් ද අත් හදා බලන්න.
  • යෝනි ප්‍රසූතියක් බලාපොරොත්තුවෙන් සිටියා නම් ඒ ගැන ඔබටම දොස් පවරගන්න එපා. සමහර දේවල් ඔබගේ පාලනය තුළ නැහැ . ඔබේ දරුවා ප්‍රසුත කිරිමට ඔබ අවධානය යොමු කළ යුතුය. ඔබට කිසියම් ප්‍රශ්නයක් හෝ අදහසක් විමසීමට ඇත්නම් සැමවිටම ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කරන්න.
පිරික්සුම් ලැයිස්තුව
  • රෝහලට ගෙනියන බෑගය අන්තිම මිනිත්තුවේදී ද පරීක්ෂා කරන්න. මේ වතාවේ සත්‍ය ලෙසම ඔබට ඔබේ දරුවා සැබෑවටම දකින්න ලැබෙනවා.

මෙම ගර්භණී මාර්ගෝපදේශයේ 43 සතිය මගින් ඔබ ලබාගත් තොරතුරු ගැන වඩා කණගාටු වෙන්න එපා.
ඔබේ EDD යනු ඔබේ දරුවා ලැබිය යුත්තේ කවදාද යන්න පිළිබද දළ ගණනය කිරීමක් පමණයි. එහි දෝෂ නිසා ඔබේ
දරු උපත සිදුවෙන දිනය වරදින්න පුළුවන්.

සැලසුම් කළ පරිදි ඔබට යෝනි මාර්ගයෙන් දරු උපත සිදු කිරිමට නොහැකි වුවද, භ්‍රෑණ චලන ගණන් කිරීම
දිගටම කරගෙන යන්න.

ඔබේ වෛද්‍යවරයා ඔබට උදව් කිරිම් සහ මග පෙන්වම් කරනු ලබයි. ඒ බලාපොරොත්තු වලින් පිරි සිටින්න .
ධනාත්මක වන්න.

Theasianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

Written by

Niloufer Perera