ගර්භණී කාලයේ අවසාන මාස කිහිපය ගැන ඔබ දැනගත යුතු සියළුම දේ

ගර්භණී කාලයේ අවසාන මාස කිහිපය ගැන ඔබ දැනගත යුතු සියළුම දේ

ගර්භනී සමයේ අවසාන මාස තුනේ අම්මාගේ කුස තුළ පැටියාගේ වර්ධනය, සිරුරේ ඇතිවිය හැකි වෙනස්කම්, ප්‍රසූතියේ අදිරය වල පෙළගැස්ම ආදී සියල්ල ගැන මනාව දැනුවත් වන්න

ගර්භණී සමයේ අවසාන ත්‍රෛමාසිකයේ නැතහොත් ගර්භණී සමයේ අවසාන කාලය තුළදී ඔබ අත් දකින්නට පුළුවන් දේවල් ගැන තමයි අද කතා කරන්නට යන්නේ.   

මේ වන විට ඔබගේ කුස ප්‍රමාණයෙන් ගොඩක් වැඩියි. බලා ඉන්න ආසාවේ බැරුව ඇති.

ඔබේ වටපිට ඉන්න සිඟිත්තෝ ඔබේ කුසට අත තියාගෙන කුසේ ඉන්න චූටි පැටියා පයින් ගහන කල් බලා ඉන්නවා ඇති .

ඉතිං ඔබේ ගර්භණී සමයේ අවසාන කාලය වන අවසාන ත්‍රෛමාසිකය පටන් ගන්නේ කවදාද?

සාමාන්‍යයෙන් සති විසි අටක් ගතවූ විට ඔබගේ පළමු හා අවසාන ත්‍රෛමාසිකය ආරම්භ වනවා.

මාස වලින් ගත් කල ගත්කල හත් වැනි මාසයේ සිට නව වන මාසය දක්වා ඔබගේ තුන්වන ත්‍රෛමාසිකය නොහොත් අවසාන කාලය ගතවනවා.

පැටියාගේ උපත 40වන  සතියේ බලාපොරොත්තු වන නමුත් ඔබට ගර්භනී වේදනා ඊට කලින් වූ පසු කල් පසුවී ඇති හෝ පසු කල් පසු වී ඇති වන්නට පුළුවන් ඒ කෙනාගෙන් කෙනාට වෙනස් විය හැකි නිසයි.

අධ්‍යයනවලින් සොයාගෙන තිබෙන්නේ සියයට තිහක් පමණ මව්වරුන් දරුවන් බිහි කරන්නේ කරන්නේ මා සති 40 ඉක්මවූ පසු බවයි.

කෙසේ වෙතත් සති හතළිස් දෙකක් ගත වූ පසු ගත වූ පසු විළිරුදා වේදනා දැනුනේ නැතිනම් කල්පනාකාරී වන්න.

කෘතිම ගර්භණී වේදනා උද්දීපනය කර ඔබගේ ප්‍රසූතිය නොහොත් දරු උපත සිදු වන්නට ඔබේ වෛද්‍යවරුන් තීරණය කරාවි.

තුන්වන ත්‍රයිමාසිකය තුළ කුස තුළ පැටියාගේ වර්ධනය 

තුන්වන ත්‍රෛමාසිකයේ දී පැටියා සීඝ්‍රයෙන් විශාල වනු ඇති. එය ගර්භනී 28 වන සතියේ රාත්තල් 2 1/2 යි අඟල් 16 සිට 40 වන සතිය වන විට අඟල් 19-22 දක්වාත් රාත්තල් 6-9 දක්වාත් වේගවත් වර්ධනයක් වේ.

මේ නිසා මෙම කාලයේ සීඝ්‍රයෙන් සිදුවන කුසේ ප්‍රමානණයේ විශාල වීමත් කුස තුළ ඇති වන තෙරපීමත් ගැන මවිත වන්නට එපා. 

ගර්භණී සමයේ අවසාන කාලය: තුන්වන ත්‍රයිමාසිකයේ විශේෂ සංධිස්ථාන කිහිපයක්

ඇටකටු: ඔබගේ සිරුරේ ඇති සියළුම කැල්සියම් පාහේ උරාගෙන පැටියාගේ කාටිලේජ තත්වයේ පැවතුනු අස්ථි දැන් ඇටකටු බවට ශක්තිමත් වන්නට පටන් ගනුඇත. ඉතින් ඔබ ප්‍රමාණවත් ලෙස කැල්සියම් ගන්නට අමතක කරන්නට එපා.

නියපොතු, හිසකෙස් සහ සම: ගර්භණී 32වන සතිය වන විට විනිවිද පෙනෙන සමකින් යුතුව තිබූ පැටියාගේ සම ක්‍රමයෙන් සාමාන්‍ය ලෙස ඝන වන්නට පටන්ගනී. 36වන සතිය වනවිටත් මේදය දිහින් දිගටම අවශෝෂණය කරගනී.

මේ අතර වර්නික්ස් තරලය සම පැටියාගේ සම මතුපිටට දිගින්දිගටම මුදාහරින්නේ ඇම්නියෝටික තරලයෙන් ආරෂා වීමේ සාමානය සංසිධියක් ලෙසයි.

ආහාර ජීර්ණ පද්ධතිය: ගර්භනී අවසාන සති කිහිපය තුළ පැටියාගේ බඩවැල් වල මෙකෝනියම් නැතහොත් මුල්ම මළපහ නිපදවෙනමින් පවතී.

මෙහි වැඩිපුර අන්තර්ගත වන්නේ වර්නික්ස් පටල, ලන්ගුවෝ නම් සිහින් රෝම සහ මැරුණු රුධිර සෛල වේ. 

පංචේන්ද්‍රිය: ගර්භණී සති 29 - 30 වන විට පැටියාගේ පචේන්ද්‍රීය මනා ලෙස වර්ධනය වී තිබෙනවා.

31වන සතිය වනව විට අඳුර, එළිය, රස සහ ඔබේ හඬ යන සියළු ඉන්ද්‍රියයන් තුළින් දරුවාට සංඝ්‍ ල්යැබෙන්නට පටන්ගන්නවා.

මොළය: තුන්වන ත්‍රයිමාසිකයේදී දරුවාගේ මොළය අන් කවරවධියකටත් වඩා සීඝ්‍රයෙන්  වර්ඩ්දනය වන්නට ගන්නවා. 

34වන සතියේදී පැටියා යටිකුරු අතට හැරවීම ඇරඹෙනවා. මෙසේ නොවුවහොත් එය බ්‍රීච් තත්වය ලෙස හඳුන්වනවා. එහිදී වෛද්‍යවරයා විසින් ක්ෘතිම ලෙස ද්ෘවා හැරවීම සිදුකරන්නට පුළුවන්.

ගර්භණී සමයේ අවසාන කාලය තුළ මවගේ සිරුරේ ඇතිවිය හැකි වෙනස්කම්

ඔබේ කුස තුල පැටියා ඉතා ක්‍රියාශීලීව සිටින මේ අවදියේ විශාල වන ඔබගේ කුස තුළත් සිරුරේත් වෙනස්කම් රැසක් ඔබට දැනෙන්නට පටන් ගනීවි.

උදරයේ රිදුම්: ඔබගේ බර වැඩිවන සහ විශාල වන උදරයට ආධාරකයක් ලෙස ක්‍රියාකරන අස්ථිබන්ධ මත ඇති වන බලපෑම් නිසා ඔබට කුස හා අවට කෙණ්ඩාපෙරළීම් සහ තියුනු වේදනා දැනෙන්නට පිළිවෙන.

මෙය සාමාය තත්වයක් වන අතර මීට නිර්භයව මුහුණදෙන්නට සූදානම් වන්න.

අධික තෙහෙට්ටු ගතිය: සිරුරේ ප්‍රමාණය හා බර වැඩිවීමත් සමඟ ඔබට තෙහෙට්ටුව හා නිදිමත ආදිය වැඩිපුර දැනෙන්නට පුළුවන්.

පෝශ්‍යදායී ආහාරපාන ගෙන, හොඳින් විවේක ගෙන මෙම කාලය ගතකරන ලෙස අපගේ නිර්දේශයයි.

බඩදැවිල්ල: ගර්භාෂයේ දිගින්දිගටම ඇතිකරන තෙරපීම නිසා ආමාශය හා ආහාර ජීර්ණපද්ධතියේ තෙරපුම් ඇතිවීම වැලැක්විය නොහැකියි.

මෙය දරාගත නොහැකි තත්වයකට පැමිණේනම් ඔබගේ වෛද්‍යවරයා හමුවී ප්‍රතිකර්මයක් ඉල්ලා සිටින්න.

කොන්දේ වේදනා: ඔබගේ විශාල වන හා බර වැඩිවන සිරුර කොඳුඇට මත කෙරෙන බලපෑම නිසා මේ අවදියේ කොන්දේ වේදනා ඇතිවිය හැකියි. 

විළිරුදාව වැනි සියුම් වේදනා: ඔබේ සිරුර දරුඔරසූතියට සූදානම් කරනුවස් කඩින් කඩ විළිරුදාවට සමාන සියුම් වේදනාවන් ඇතිවිය හැකියි.

බලනහර ඉදිමුම (Varicose veins): දෙපා වල හා පතුල් වල ඉදිමුනු නහර ඔබව බියට පත්කළ හැකියි.

ඉදිමුනු බලනහර නිසා ඔබට අර්ශස් තත්ව පවා නැතිවිය හැකියි. සුභාරංචිය වන්නේ ප්‍රසූතියෙන් පසු මෙම තත්ව ක්‍රමයෙන් පහව යනු ඇති බවයි.

පාලනයකින් තොරව මුත්‍රා පහවීම: බර දරා සිටින ඔබගේ ශ්‍රෝණි මාංශපේෂි ලිහිල් විය හැකි බැවින් ඔබ කිවිහුමක් යවද්දී පවා මුත්‍රා පහවිය හැකියි.

නිතර කීගල් ව්‍යායම කිරීම තුළින් මෙම මාංශපෙෂි ශක්තිමත්ව තබාගන්න. ප්‍රසූතියෙන් පසුව ක්‍රමයෙන් මෙම තත්වය මගහැරෙනු ඇති.

පියයුරු වලින් කිරි ශ්‍රාවය වීම: පැටියාට කමව්කිරි දීමට සකස් වෙමින් පවතින පියයුරු වලින්  සුළු කිරි ප්‍රමාණ ශ්‍රාවය විය හැකියි. මෙය සාමන්‍ය තත්වයකි.

ගර්භණී සමයේ අවසාන කාලය තුළ තුන්වන ත්‍රයිමාසිකයේදී ඔබට ඇතිවිය හැකි පූර්වප්‍රසව අත්දැකීම් පෙළගැස්ම: 

ගර්භණී සමයේ අවසාන කාලය

පැටියා මොළොව එළිය දකින්නට මග බලාසිටින මේ අවදියේ ඔබ අවධනයෙන් සිටිය යුතු කාල වකවානුවක් වනවා.

අනපේක්ෂිත සැහල්ලු බවක්: 36වන සතියෙන් පසුව ඔබ දෙපැත්තට පැද්දි පැද්දී ගමන් ක‍රන්නේ පැටියා යටි පැත්තට පෙරළුනු බවට ඉඟියක් ලෙසයි. පැටියාගේ ප්‍රසූතියට සූදානම් වීම ණුවනට හුරුයි.

අවපැහැගත් රුධිර පැල්ලම්: ලාවට පෙනිය හැකි මෙම ශ්‍රාවය ප්‍රසූතිය ළඟ ළඟ එන බවට සංකේතයකි

විළිරුදාව: කලින් ඇතිවූ කෙමෙන් පහව ගිය විළිරුදාවට වඩා වෙනස් ලෙස මෙවර විළි රුදාවේ වේදනාව ක්‍රමක්‍රමයෙන් වැඩි වන්නට පටන් ගනී. මෙය ප්‍රසූතියේ සළකුණක් වන අතර වහාම රෝහළට යාම නුවනට හුරුයි.

වතුර බෑගය පිපිරීම: මෙය වන විට ඔබ දැනටමත් රෝහලේ වන්නට පුළුවන්. එය ප්‍රසූතියේ ළඟම ලක්ෂණයක් වන බැවිනි

ඔබේ වෛද්‍යවරයා ඔබට සූතිකාගරයට ඒමට වෙලාවක් නියම කරාවි. ඔබට සුභ පැතුම්! දැන් ඉතින් ඉන්න පැටියා ළඟ ළඟම එනවා!

කුමන හේතුවක් නිසා හෝ ඔබ රුධිරවහනයක් අත්දකින්නේ නම් හෝ 101.5'ෆ් ට වැඩි උණ තත්වයක් අත්දකින්නේ නම් හෝ වහාම වෛද්‍ය සහය ලබාගත යුතුබව කරුණාවෙන් සළකන්න.

තුන්වන ත්‍රයිමාසිකයේ ඔබ විසින් කළ යුතු දේවල් 

කුසතුළ පැටියාගේ චලනය: සති 28න් පසුව ඔබගේ කලලයේ චලන සටහන්ගත කරන්න.

චලන රටාවේ ඇතිවන වෙනස්කම් ගැන (විශේෂයෙන් 9වන මාසයේ) සැළකිලිමත් වන්න)

ඔබගේ බර: ඔබේ බර ඝන සැළකිලිමත් වන්න. කලලයේ වර්ධනයත් සමඟ ඔබගේ බර වැඩි විය යුතු අතර ප්‍රසූත දිනය ළංවත්ම බරේ යම් අඩුවීමක් වුවත් ඇතිවන්නට පිළිවෙන.

ඔබේ බර කලයේ වධනයට සාපේක්ෂව වර්ධනය නොවේනම් ඔබේ වෛද්‍යවරයා ඔබට විශේෂ ආහාර සැලස්මක් ලබාදෙනු ඇති.

ක්‍රියාශීලී වන්න: වෙනත් වෛද්‍ය හේතු නොවේනම් සාමන්‍ය ලෙස ක්‍රියාශීලීව කාලය ගෙවීම ඉතා වැදගත් වනවා

වෛද්‍ය හමුවීම්: පිළිවෙලට සටහන්ගත කර ඔබගේ වෛද්‍යවරයා මුන ගැසීම කලට වේලාවට කරන්න අමතක කරන්න එපා.

කලමනා මල්ල: ප්‍රසූතිය සූදානම් වීම පිණිස ඔබට හා පැටියාට උවමනා සියල්ල පිළියෙල කරගත් කළමනා මල්ල සූදානම්ව තබාගන්න

ප්‍රසූතියේ සංසිද්ධි: ප්‍රසූතිය සිදුවන ආකාරය ගැන්දැනුවත් වන්න. ප්‍රසූත අවස්ථා, අදියරෙන් අදියර ප්‍රසූතිය සිදුවන ආකාරය ආදිය ගැන පත්පොත, ලිපි ආදිය කියවන්න.

ඒ ගැන අධ්‍යයනය කර දැනුවත්ව සිටින්න. ප්‍රසූතියේදී ඔබෙන් සිදුකළ යුතු මාංශපේෂි තෙරපුම, තැටමීම, තල්ලු කිරීම ආදිය මෙන්ම, ප්‍රසූතියෙන් පසුව වැදෑමහ සිරුරෙන් බැහැර කිරීම ආදිය ගැනද දැනුවත් වන්න.

මව්කිරි දීමට සූදානම් වන්න: පැටියා උපන් මොහොතේ පටන් මව්කිරි දීමට සූදානම් වනු වස්, ඒ ගැන ලිපි කියවා දැනුවත් වන්න. 

බබාගේ කාමරය සූදානම් කරගන්න: බබාගේ කාමරය සූදානම් කරන්නත් දැන් කාලය හරි. 

ගෙදරට අවශ්‍ය ආහාරපාන: ශීතකරණයේ කල්තියාගත හැකි ආහාර පාන විශේඩෂයෙන්ම අධිශීත කළ හැකි ආහාර අවශ්‍ය පමණට ගබඩාකර තියාගන්න.

පැටියා එක්ක අළුත් ගමනට කල්තියා සූදානම් වන්න. ඔබට සුභ පැතුම්!

මූලාශ්‍රය: third trimester of pregnancy

 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

Written by

Niloufer Perera