ඔබ අම්මා කෙනෙක් වෙන්නද සුදානම්ද? මේ සලකුණු 13 බලන්න.

lead image

කාන්තාවන්ට ජීවිතයේ තියෙන අභියෝග පහසු නැහැ . මව් පදවියට යන මාවතත් එවන් අසීරූ අභියෝගයක්, කිරි සිහිනයට යන මග දුක් වේදනා පිරිපුන් එකක්, හරීම සීරූවෙන් යන්න ඕනී අසීරූ ගමන් මගක්, ඒ අසීරූ චාරිකාවේ මග සලකුණු කියවන්න.

ළදරු නාම උත්පාදකය

ස්ත්‍රී පුරුෂ භාවය

අකුර

ප්‍රභේදය

සොයාගත් ළදරු නම්

සොයාගත නොහැක

ගර්භනීභාවයේ මූලික ලක්ෂණ පහලවෙන්නේ අලුත් අමුත්තෙක් ඔබේ කුස පිළිසිඳගැනීමත් සමගමයි.

දියණියක්  ලෙස උපත ලද ඔබ, වැඩිවිය පැමිණි දා ඉදන් මාසයක් ගානේ විදින අපහසුතාවයන්ට ලැබෙන අමිල ත්‍යාගය කුමක්ද?

නැතිනම් පෙම්වතියක ලෙස පෙරුම් පුරා ආදරය කර පතිනියක් වු පසු ඊලග බලාපොරොත්තුව කුමක්ද?

ඔව් ඒ සදහා උත්තරය මව්පදවිය නේද? ඔබේ එකම හීනය මාතෘත්වයෙන් උත්තරීතරත්වයට පත් වෙන්නයි.

කාන්තාවන්ට ජීවිතයේ තියෙන අභියෝග පහසු නැහැ .

මව් පදවියට යන මාවතත් එවන් අසීරූ අභියෝගයක් , කිරි සිහිනයට යන මග දුක් වේදනා පිරිපුන් එකක්, හරීම සීරූවෙන් යන්න ඕනී අසීරූ ගමන් මගක්,

ගර්භනීභාවයේ මූලික ලක්ෂණ:  මගේ කිරි හිනේ හැබෑ වෙලාද?

අම්මා කෙනෙක් වෙන්න පෙරුම් පුරන ඔබේ හීනය හැම මාසෙකම ඔසප් වීමත් සමග බිද වැටෙන්න ඇති, ඒත් එක මොහොතක ඒ හීනේ හැබෑ වෙනවා.

එතකොට ඔබ ගොඩාක් පරිස්සම් වෙන්න ඕනී. එහෙනම් ඔබේ පුංචි පැටියා ලගට එන්න සුදානම් බව පෙන්වන ගැබිනි බවේ මුල් සලකුණු සොයා බලමුද?

ගර්භනීභාවයේ මූලික ලක්ෂණ: සොදුරු පදවියක පෙර මග සලකුණු 

ගර්භනීභාවයේ මූලික ලක්ෂණ යනු රෝගයක්  නම් නොවේ. මෙම සලකුණු කාන්තාවක ගෙන් කාන්තාවකට වෙනස්, සමහරුන් මේ සලකුණු සියල්ල අත්විදින්න පුළුවන් අතර සමහරුන් මින් කිහිපයක් පමණක් අත් විදින්න පුළුවන් .

එහි කිසි ගැටලුවක් නැහැ . ඒ ඔබේ ශරීරයේ ස්වභාවය අනුව මෙම ලක්ෂණ පහල වීම් වෙනස් වෙනවා.

ඒ නිසා මේ ලක්ෂණ සියල්ලම පහල නොවීම ගැන කලබල වෙන්න එපා.

ඒ වගේම මේ ඔක්කොම ලක්ෂණ වලට හේතුව වන්නේ ඔබේ සිරුරේ හොමෝන වෙනස් වීමයි.

1. පීරියඩ්ස් හැදුනේ නෑනේ

නියමිත දිනට ඔසප් වුනේ නැතිනම් , එය සතියක් දෙකක් පරක්කු වෙන කොට ඔන්න සුභ ආරංචියක් වෙන්න පුළුවන්.

මෙය හැම  අම්මා කෙනෙකුටම පොදුයි. ගර්භණිත්වය පරීකෂා කරන පරීක්ෂණයක් කර බලන්න.

එහි ප්‍රතිඵලය ධන නම් ඔබේ ඩිම්බය සාර්ථකව ශුක්‍රාණුවක් සමග එකතු වෙලා. දන්නවාද ඔය දෙන්නාගේ ආදරේ සලකුණ ඔබගේ කුස තුල දැන් පණ ගැහෙනවා.

ඔසප් වීමෙන් මාස දහයක් ගැලවුනාට ඔන්න ඊලගට එන්න ඉන්න පැටියා ගෙන් නම් ඔයාට මුළු ජිවිත කාලයම ගැලවෙන්න ලැබෙන්නේ නැහැ.

2. මට හැමදාම උදේට වමනේ යන්නේ ඇයි?

ඔබට උදේ නැගිට්ට ගමන් ඔක්කාරෙට එනවාද? ඔන්න එහෙනම් දැන් පරීක්ෂා කරලා බලන්න පුංචි පැටියා ඔබ ලගට  ඇවිත් වෙන්න පුළුවන්.

උදෑසන වමනය කිව්වාට මෙය දවස පුරාම ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍යයෙන් මේ ලක්ෂණය ඔබට සති 6 සිට සති 12 වෙනකම් තියෙන්න පුළුවන්.

සමහර විට මුළු ගර්භණී අවදියේම තියෙන්නත් පුළුවන්. ඔයා වාසනාවන්ත නම් ඔයාට මේ වමනේ තත්වය ඇති නොවෙන්න පුළුවන්.

උදේම නැගිට්ට ගමන් ඇදෙන් බහින්නේ නැතුව ප්ලේන්ටියක් බීලා ක්‍රීම් කැකර් දෙකක් කන්න කියලා වින්නඹු අම්මා කියනවා.

නැතිනම් ඇඹුල්, පැණි රස, සැර යමක් හපන්න ඔබට හිතෙන්න පුළුවන්. ඉතා අධික ලෙස වමනේ යනවා නම් වෛද්‍ය උපදෙස් ගන්න.

3. කටම අමුතු රහයි. කෑම අප්පිරියායි.

මුළු දිවේම මොනවදෝ බැදිලා වගේ , කටට එන්නේ අමුතු රහක්, වතුරත් අප්‍රියයි වගේ නේද? මේ එක්කම  ඔබට කෑම කන්න අප්‍රිය වේවි. 

සමහර කෑම සුවද එද්දීම අප්පිරියා වෙලා වමනේ යන්න පුළුවන්.

මේ ඔක්කොම වෙන්නේ ඔබගේ සිරුරේ වෙන හෝමෝන වෙනස්කම් එක්ක, ඇඹුල් , පැණි රස, සැර යමක් නිතර හපන්න. අප්පිරියාව අඩු කර ගන්න පුළුවන්.

4. නිතර වොෂ් රූම් යන්න වෙනවානේ.

ඔබේ පුංචි පැටියා ටික ටික වර්ධනය  වෙද්දී ගර්භාෂයට ඔබේ මූත්‍රාශය තෙරපෙනවා.

ඒ නිසා පලවෙනි සති දොළහා තුල ඔබට නිතර නිතර මුත්‍රා පිට කරන්න අවශ්‍ය වෙනවා.

5. බ්‍රෙස්ට් එක වෙනස් වෙනවා.

ඔබ ගැබ් ගැනීමත් එක්ක ඔබේ පියයුරු මහත් වු කාර්යයකට  සුදානම් වෙනවා.

ඒ ඔබේ පුංචි පැටියා මෙලොව එලිය දුටු පසු මව් කිරි වලින් පොෂණය කිරීම සදහායි.

එය පිරුනු මොලොක් ස්වභාවයක් ගන්නා අතර පියයුරු තුඩු ලොකු වී ඒ අවට අදුරු පැහැ වෙනවා.

සම ඇදෙන සුලු වීම නිසා කසන බවක්ද පියයුරු තුඩු වලින් මද වේදනාවක්ද දැනෙන්න පුළුවන්. 

6. ගර්භනීභාවයේ මූලික ලක්ෂණ: ඇග හරිම රස්නෙයි. මට උණ හැදෙන්නද? 

ඩිම්බ පිටවීම නිසා ඔබේ ශරීරයේ උෂ්ණත්වය ඉහළ යනවා . ඒ වගේම  ගර්භණී සමයේදී ඔබේ ශරීර උෂ්ණත්වය ඉහළ යනවා.

සති දෙකක් විතර මඳක් වැඩි උෂ්ණත්වයක් තිබීම ඔබ මවක් වෙන්න සුදානම් බවට සලකුණක් වෙනවා. සුභපැතුම් අම්මා.

7. හරිම මහන්සියි. ක්ලාන්තේ වගේ

ගර්භණී සමයේ දැනෙන සුලබ ලක්ෂණයක් වන්නේ  වෙහෙස දැනීමයි.

ඔබේ ශරීරයේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන මට්ටම ඉහළ යෑම මීට හේතු වෙනවා.

ඒ නිසාම ඔබට වෙහෙස බවක් , නැතිනම් ක්ලාන්ත බවක් දැනෙන්න පුළුවන්. ක්ලාන්තය වගේ ඇති වේ නම් ආරක්ෂා කාරී වන්න.

8. වැසිකිළි යන්න බැහැනේ. බඩ වේලීලාද?

මළපහ පිට කිරීමට අපහසු මළබද්ධ තත්වයක් ගැබිනි බව පෙන්වන තවත් ලක්ෂණයක් ලෙස පෙන්වන්න පුළුවන්. 

නිතර දියර පානය කරන්න. කෙඳි සහිත එළවළු හා පළතුරු ආහාරයට ගන්න. එවිට මෙම තත්වය අඩු කරගන්න පුළුවන්.

මේ තත්වය එසේ පාලනය නොවේ නම් වෛද්‍ය උපදෙස් ගන්න.

9. මේ කොන්ද කැක්කුම නම් 

සමහර විට ඔබට   කොන්දේ පහළ ප්‍රදේශයේ තදබල වේදනාවක් හටගන්න පුළුවන්. මෙය ගැබිණි මව්වරුන්ට සාමාන්‍ය තත්වයක් වෙන අතර ඉවස ගන්න අපහසු නම් ඔබේ වෛද්‍යවරයා ගෙන් උපදෙස් ගන්න.

10. මේ මොකද ලේ පැල්ලම්, බඩත් කොරවෙලා, මට පීරියඩ් හැදිලාද?

යුක්තාණුව ගර්භාෂයට සවි වීම නිසා කැක්කුමක් එක්ක රුධිරය මදක් පිටවෙන්න පුළුවන්.

රතු, රෝස හෝ දුඹුරු පැහැයෙන් යුත් පැල්ලම් ලෙස එය ඔබට දකින්න පුළුවන්. එහෙත් රුධිර අධික ලෙස පිටවෙනවා නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න.

11. ගර්භනීභාවයේ මූලික ලක්ෂණ: ඔලුව පැලෙන්න එනවා වගේ

හෝමෝන  වෙනස්කම්  නිසා මුල් ගර්භිණී සමයේදි ඔබට හිසරදය ඇතිවෙන්න පුළුවන් . වැඩිපුර  ජලය පානය කරන්න. විවේකීව ඉන්න. 

12. ගර්භනීභාවයේ මූලික ලක්ෂණ: ලිංගික ප්‍රේරණය වැඩි වීම

ගර්භනී වු විට ඔබේ ලේ ගමනාගමනය වැඩි වීම නිසා ශරීරයේ පහල අවයව වල සංවේදී භාවය වැඩි වෙනවා. මේ නිසාවෙන් මෙම අවදියේදී වැඩිපුර ලිංගිකව ඔබ උත්තේජනය වෙන්න පුළුවන්.

13. මොකද මේ අදුරු පැහැ පැල්ලම්

 ඉහල යන හෝමෝන  නිසා සමේ වර්ණක වලට බලපෑමක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ සම මතුපිට අදුරු පැහැ කුඩා පැල්ලම් ඇති වෙන්න පුළුවන්. 

මෙන්න මේවා තමයි ගැබිනි වියේ මූලික ලක්ෂණ විදියට ඔබට ප්‍රධානව අත් විදින්න ලැබෙන්නේ, ඊට අමතරව ගැබිනි ඔබව දකින ගැමි කාන්තාවන් හුඹහින් ඇදලා දාලා වගේ නේද? සුභ ආරංචියක් නේද කියලා අහන්න පුළුවන්. ඒ ඔවුන්ගේ අත් දැකිමෙන්,

ගැබිනි ඔබ ඉහත අපහසුතා අත් විදිනවා නම් සැහැල්ලුවෙන් , මානසිකව සතුටින් ඉන්න උත්සාහ කරන්න .

නිතරම ආරක්ෂා කාරි වෙන්න. ඔබට ගැටළුවක් ඇතිනම් වෛද්‍ය උපද‌ෙස් ලබාගන්න. theAsianparent sri lanka ඔබට සුවදායක ගැබිණි වියක් ප්‍රර්ථනා කරනවා. ඔබට නිරෝගී සුරතල් දරුවෙක් ලැබේවා.

පරිශිලනය - 

Early Signs of Pregnancy 

 

app info
get app banner