මම ගර්භනී අවධියේ මාව රැවටීම ට ලක් කල සහකරුවාට...

lead image

මම දරුවෙක් බිහිකරන්නට සූදානම්ව සිටියේ නැහැ. නමුත්  ඔබට දරුවෙක් අවශ්‍ය වුණා. ඉතින්  මම මගේ අපහසුතා පසෙකින් තබා එයට එකඟ වුනා. නමුත් මම මාස හතක ගැබිනියකව සිටියදී ඔබ මාව රැවැට්ටුවා.

මම දරුවෙක් බිහිකරන්නට සූදානම්ව සිටියේ නැහැ. නමුත්  ඔබට දරුවෙක් අවශ්‍ය වුණා. ඉතින්  මම මගේ අපහසුතා පසෙකින් තබා එයට එකඟ වුනා. නමුත් මම මාස හතක ගැබිනියකව සිටියදී ඔබ මාව රැවැට්ටුවා.

අවුරුදු හතක් රැවටීම...

අවුරුදු හතක් තිස්සේ අපි එකට ජීවත් වුනා. අපි අපේ ජීවිත ගොඩනඟන්න උත්සාහ කළා. ඔබට අපිට දැනට ඇති පවුලට දරුවෙක් ලබා ගැනීමට උත්සාහ කිරීමට අවශ්‍ය වුනා . මම සූදානම් වෙලා හිටියේ නැහැ. ඉතින් මම එකග වුනා. කුසට මාස හතක් වෙනකොට අපේ දරුවා මේ ලෝකෙට එන්න මාස කිහිපයක් තිබියදී ඔබ වෙනත් කෙනෙක් සොයා ගෙන ඇති බව මට ටිකක් දැනගන්න ලැබුණා.

නරකම දෙය ඔබ ඒ කාන්තාවද ගර්භණිත්වයට පත් කර තිබෙනවා. පාපොච්චාරණය කිරීම මගින් ඔබ මොනවද මගෙන් බලාපොරොත්තු වෙන්නේ ?  මම ඔබට ආදරෙයි. නමුත් එය ප්‍රමාණය ඉක්මවා යනවා. ඔබේ  පාපොච්චාරණය කම්පනයේ නරකම කොටස වුණේ නැහැ. ඒ අනෙක් කාන්තාව වේදනාවට පත්විය හැකි  කැපවූ සම්බන්ධතාවයක් ඔබ වෙත තවම තිබෙන  බව දැන සිටියා. ඇය මගේ තැන සිටියානම් කෙසේද? ජීවිතාන්තය දක්වා එකට ඉන්නට සැලසුම් කළ පුරුෂයා වෙනත් කාන්තාවක්  සොයා ගෙන ඇය ගර්භණීත්වයට පත් වීම ඇයට අවශ්‍ය වෙයිද?

ඔබ සමග අවුරුදු ගාණක් ගත කරපු මට වඩා ඇයට අයිතියක් තිබෙනවා වගේ  මාව රිදවීමට  පවා ඇයට මානසිකත්වයක් තිබෙනවා. ඔබට අවශ්‍ය වු අප පවුලට දරුවන් දීම සදහා  මම මගේ ජීවිතය නතර කර දැම්මා.

මට දැනෙන වේදනාව විස්තර කිරීමට වචන නැහැ. දැන් මම  මං ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. මම සැලකිලිමත් වන එකම දෙය වන්නේ මෙම මානසික පීඩනය  දරුවාට බලපෑමක් නොවීමටයි. මම ඔබව විශ්වාස කළා. ඔබ මාව පාවා දෙයි කියලා  මම එක මොහොතක් වත් හිතුවේ නෑ.

ඔබ මා සමඟත් මම ඔබ සමග ජීවත් වෙන්න තෝරගත්තා. නමුත් හදවතේ වූ බිඳවැටීම එයට කවදාවත් මකා දමන්න බැහැ. මම පිලිගෙන මාව මාතෘත්වයට සූදානම් කරමින් සිටින  විටත් ඇයි මේ වගේ දෙයක් සිදුවුණේ කියා මම දෙවියන්ගෙන් අහනවා.  මගේ හිතත් හදවතත් දිගින් දිගටම ගැටුම් කාරී වෙනවා. මට හැමදාමත් ඔබව දැකීම  දුෂ්කරයි. මට ආයේ කවදා හරි ඔබ  විශ්වාස කළ හැකි වේ දැයි මම දන්නේ නැහැ. මම ඔබ දෙස බලන විට මට ඔබේ බොරුව පේන්න පටන් ගන්නවා.

මම හිතනවා මට හිත සනසගන්න විදියක් හොයා ගන්න පුළුවන් වේවි කියලා. ඒ මා සදහා නම් නොවේ ඒ අපේ දරුවාගේ සතුට වෙනුවෙන්,

මෙය අපේ පක්ෂපාතී කියවන්නෙක් රහසිගතව බෙදා ගත් අතර ඇගේ අනන්‍යතාවය ඇගේ ඉල්ලීම මත රහසිගතව තබාගන්නවා.

සහකරු හෝ සහකාරිය අතින් රැවටීමට ලක් වූ හිතක වේදනාව කොතරම් ද යන්න වටහා ගන්න මෙය ප්‍රමාණවත් වේවි. මේ තොරතුරු ඔබ වෙත ගෙන ආවේ The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී