ගර්භණී අවදිය විසිනමවන සතිය: කළලයේ වර්ධන සති සටහන

ගර්භණී අවදිය විසිනමවන සතිය: කළලයේ වර්ධන සති සටහන

ගර්භණී අවදිය විසිනවවන සතිය: ගර්භණී අවදියේ සතිපතා කළලයේ වර්ධනය තුළින් මව්කුස තුළ පැටියාගේ සුන්දර ගමන ගැන ලිපි පෙලක්.

ගර්භනී සති 29(pregnancy week 29): වේගයෙන් වර්ධනය වන මොළයත් සමග ඔබේ දරුවාට දැන් බොහෝ පුදුමාකාර දේවල් සිදුවෙමින් පවතිනවා.

ඔබ, අම්මේ, යකඩ අතිරේකය ලබාගන්න. නහර ගැට ගැසීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්න.

ගර්භනී සති 29(ගර්භනී සති 29week 29) වන විට පැටියාගේ ප්‍රමාණය කොපමණද?
ගර්භනී සති 29

ගර්භනී සති 29(pregnancy week 29) වන විට පැටියා පුංචි වට්ටක්කා ගෙඩියක ප්‍රමාණයක් ගන්නවා.

ගර්භණී අවදිය විසිනමවන සතිය (ගර්භනී සති 29week 29) තුළ ඔබේ දරුගැබේ වර්ධනය
  • ඔබේ දරුවාගේ වේගයෙන් වර්ධනය වෙන මොළයට ඉඩ සලසන්න හිසත් වර්ධනය වෙනවා.
  • ඔබ දරා සිටින්නේ පිරිමි දරුවෙක් නම් නම්, ඔහුගේ වෘෂණ වකුගඩු අසලින් තල්ලු වී ඔහුගේ ඉඟටිය හරහා පහලට
    ගමන් කරනවා.
  • ඔබට දරා සිටින්නේ ගැහැණු දරුවෙක් නම්, ඇයගේ යෝනි මාර්ගයේ කොටස් තවම ආවරණය වී නොමැති නිසා එහි
    ක්ලිටරිස් පෙදෙස තරමක් කැපී පෙනෙනවා.
  • ඔහුගේ ළදරු මාංශපේෂින් හා පෙනහළු දිගටම වර්ධනය වෙනවා.
  • ඔහුගේ ඇසීමේ හැකියාව බොහෝ දුරට වර්ධනය වී අවසන්.
  • ඔබේ දරුවා ඔහුගේ භාවිතය සඳහා රුධිරය වැඩි වශයෙන් නිෂ්පාදනය කිරීමට පටන් ගන්නවා.
විසිනමවන වෙනි සතියේ ගර්භණී ලක්ෂණ හා අපහසුතා
  • ඔබේ දරුවාගේ පා පහර ඔබට දරාගන්න බැරි තරම් දැන් ප්‍රබලයි. ඒ නිසා දැඩි වේදනාවක් ඇතිවීම හා හදිසි
    මුත්‍රා පිටවීම වෙන්න පුළුවන්.
  • ඔබේ දරුවා බොහෝ පෝෂණය ලබාගන්නා නිසා ඔබට නිතර ආහාර ගන්න හිතෙවි. ඔබේ දරුවාට අවශ්‍ය සියලුම
    පෝෂ්‍ය පදාර්ථ ලැබෙන බව විශ්වාස කර එය පාලනය කරන්න.
  • ඔබේ හෝමෝන ඉහල යන විට, ඔබගේ සමේ රෑෂ්, වියළි බව සහ තද කැසීම ඇතිවෙන්න පුළුවන්.
  • ඔබේ සම කැසීමෙන් වැළකී එය තෙතමනය ආරක්ෂා කර ගන්න.
  • ඔබගේ හැගීම් නිතර දෝලනය වෙන අතර වැඩිවෙන බර නිසා ඔබට තෙහෙට්ටුව දැනේවි.
මේ කාලයේ අවධානය යොමු කල යුතු දේවල්
  • ඔබගේ යකඩ මට්ටම් පහල වැටෙන්න පුළුවන්. ඒනිසා දෛනිකව විටමින් හෝ ආහාර සමග දිනකට සාමාන්‍යයෙන්
    යකඩ 30 mg බැගින් ලබාගන්න.
  • ඔබ සහ ඔබේ දරුවාට සුවපහසුව ලබාදීමටත් සහ රුධිර සංසරණය වැඩි දියුණු කිරීමටත් ඔබ පැත්තකට වැතිර
    සිටින්න (සාමාන්‍යයෙන් ඔබේ වම් පැත්ත වඩාත් සුදුසුය).
පිරික්සුම් ලැයිස්තුව
  • ඔබට අවශ්‍ය උපත පිළිබඳව දැනුම ලබාගත හැකි සැසි, පංති සොයා බලා ඒවාට යොමුවෙන්න.
  • දරු උපත සදහා හොඳම පැකේජ සොයා බලා ඒවා වෙන්කර ගන්න. ඔබේ දරුවා ඔබේ දෝතට එනවිට ඔබ සුවයෙන්
    සිටීමට සහතික කරගන්න.
  • යකඩ බහුල ආහාර අනුභව කරන්න. එය රතු රුධිර සෛල සෑදීමට උපකාරී වෙනවා.

මීට පෙර ලිපියෙන් ගර්භණී විසිඅටවන සතිය ගැන කියවුනා. 

මීළඟ ලිපියෙන්, ගර්භණී තිස්වන සතිය

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

 

පරිවර්තනය: නදීශා ලක්මිණි

Written by

Niloufer Perera