ගර්භණී අවදිය තිස්පස්වන සතිය: කළලයේ වර්ධන සති සටහන

ගර්භණී අවදිය තිස්පස්වන සතිය: කළලයේ වර්ධන සති සටහන

ගර්භණී අවදිය තිස්ප්ස්වන සතිය: ගර්භණී අවදියේ සතිපතා කළලයේ වර්ධනය තුළින් මව්කුස තුළ පැටියාගේ සුන්දර ගමන ගැන ලිපි පෙලක්.

ගර්භණී සති 35: ඔබේ දරුවාගේ අක්මාව හා වකුගඩු දැන් සම්පූර්ණයෙන්ම සංවර්ධනය වී අවසන්. පුදුම හිතෙනවා නේද? ඔබට, අම්මේ, ඔබට කැස්ස හෝ කිවිසුම් යන විට කෙබඳු වේවිද?

ගර්භණී සති 35 වන විට පැටියාගේ ප්‍රමාණය කොපමණද?
ගර්භණී සති 35

ගර්භණී සති 35 වන විට පැටියා පැණි කොමඩු ගෙඩියක ප්‍රමාණයක් ගන්නවා.

ගර්භණී අවදිය තිස්පස් වන සතිය තුළ ඔබේ දරුගැබේ වර්ධනය
  • ඔබේ දරුවාගේ බර දිගින් දිගටම වැඩිවේ. ඔහුගේ ශරීරයේ 15% ක් මේදය අඩංගු වෙනවා.
  • ඔහු දැන් බොහෝ විට පා පහර එල්ල කරනවා.
  • ඔහු වකුගඩු සහ අක්මාව සම්පූර්ණයෙන් සංවර්ධනය වී අවසන්, ඒවා ඔහුගේ ශරීරයේ සමහර අපද්‍රව්‍ය සකස්
    කිරීමේ ක්‍රියාවලියට සූදානම්.
  • ඔහුගේ බුද්ධිය හිතාගන්න බැරි තරම් වේගයෙන් වර්ධනය වෙනවා.
ගර්භණී සති 35: ලක්ෂණ හා අපහසුතා
  • ඔබේ දිනෙන් දින වර්ධනය වෙන ගර්භාෂය දැන් ඔබේ ඉළඇට කූඩුව ආසන්නයටම පැමිණ ඇත.
  • පපුව දැවිල්ල සහ අනෙකුත් ආමාශ රෝග ඔබට නිතර ඇති වී පිඩා කරයි.
  • නිතර දැනෙන මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවය දිගටම පවති.
  • ඔබට කැස්ස, කිවිසුම් යන විට හෝ ඔබ සිනාසෙන විට මුත්‍රාශයේ පාලනයෙන් තොර වී මුත්‍රා පිටවෙන්න
    පුළුවන්.
  • ඔබට ඉඳහිට හිසරදය ඇතිවෙන්න පුළුවන්
  • සමේ රෑෂ් ඇති වී ඔබට පීඩා කරන්න පුළුවන්.
  • ඔබේ විදුරුමස් වලින් රුධිරය පිටවෙන්න පුළුවන්.
  • ඔබට අවුල්සහගත බවක් දැනීම තවමත් සිදුවෙනවා
  • ඔබේ සිරුර ප්‍රසුතියට සුදානම් වෙන නිසා මෘදු සංකෝචන හා බ්‍රැක්ස්ටන් හික්ස් සංකෝචන දැනෙන්න පුළුවන්.
මේ කාලයේ අවධානය යොමු කල යුතු දේවල්
  • බැක්ටීරියා වර්ධනය පරීක්ෂා කිරීම සඳහා යෝනි සහ ගුද මාර්ග බැක්ටීරියා වර්ධනය පිලිබඳව පරීක්ෂාවක් කර
    ගැනීම සුදුසුයි.
  • කෙගල් ව්‍යායාම වල යෙදෙන්න. ඒවා ඔබේ ශ්‍රෝණි මාංශ පේශි ශක්තිමත් කරාවි.
  • දවස පුරා හොදින් ජලය පානය කරන්න.
  • අනිවාර්යයෙන්ම සෞඛ්‍ය සම්පන්න ආහාර ලබාගන්න.
  • ඔබගේ ප්‍රසුති දිනය ආසන්න වන විට ඔබේ හිත නොසංසුන් විය හැකියි. ඔබ ආස කරන දේවල් වලට හිත යොමු කර ඔබව සංසුන් කරගන්න.
පිරික්සුම් ලැයිස්තුව
  • ඔබේ දරුවාගේ ඇඳුම් සෝදන්න. ඉන්පසු ඒවා නවා පසෙකින් තබන්න. මෙම ක්‍රියාකාරකම් ඔබගේ අවධානය ඈත් කර තබාවි.
  • තවම උපත සැලසුම් කර නොමැත නම් එය කරන්න. මෙමගින් ඔබ කා හට ඇමතිය යුතුද හා කොතැනට යා යුතුද යන්න ඔබට දැනගන්න. එසේම මේ වන විට ඔබේ ජංගම දුරකථනයේ වැදගත් අංක ඇතුල් කර තිබිය යුතුයි.
  • ළදරු වරප්‍රසාද යෝජනා ක්‍රම ඇත්නම් ඊට සම්බන්ධ වන්න.

මීට පෙර ලිපියෙන් ගර්භණී තිස්හතරවන සතිය ගැන කියවුනා. 

මීළඟ ලිපියෙන්, ගර්භණී තිස් හයවන සතිය

Theasianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

Written by

Niloufer Perera