ගර්භණී අවදිය තිස්හයවන සතිය: කළලයේ වර්ධන සති සටහන

lead image

ගර්භණී අවදිය තිස්හයවන සතිය: ගර්භණී අවදියේ සතිපතා කළලයේ වර්ධනය තුළින් මව්කුස තුළ පැටියාගේ සුන්දර ගමන ගැන ලිපි පෙලක්.

ගර්භණී සති 36 (pregnancy week 36): ඔබේ දරුවා ඔහුගේ රෝම හා ආරක්ෂිත ඉටි ආවරණ (වර්නික්ස්) ඉවත් කරනු ලබනවා. මේවා ඇම්නියොටික් දියරයට මිශ්‍ර වේ. පසුව ඒවා ඔබේ දරුවා ගිල දමනු ලබනවා.

ඔබ, අම්මේ, ඔබ කළ යුතු කාරණා තුනක් තියෙනවා. ඒවා සොයා බලන්න.

ගර්භණී සති 36 වන විට පැටියාගේ ප්‍රමාණය කොපමණද?

ගර්භණී සති 36

ගර්භණී සති 36 වන විට පැටියා ලොකු ලබු ගෙඩියක ප්‍රමාණයක් ගන්නවා.

මේ සතිය තුළ ඔබේ දරුගැබේ වර්ධනය

ඔබේ දරුවා ඔහුගේ රෝම ආවරණය හා ගර්භාෂය තුළ ඔහුව ආරක්ෂා කරමින් සිටි ඉටි ආලේපනය ඉවත් කිරීමට
පටන් ගෙන තියෙනවා. මේ දේවල් ඇම්නියොටික් තරලය සමඟ මිශ්‍ර වෙන අතර ඔබේ දරුවා විසින් ඒවා ගිල දමනු
ලබනවා.

  • දැන් ඔහු ඔබේ ශ්‍රෝණිය දෙසට ගමන් කිරීමට පටන් අරන්
  • මේ වන විට, ඔහුගේ හිස පහළට පිහිටා තියෙනවා.
  • ඔහුගේ රුධිරය සංසරණ පද්ධතිය හා ප්‍රතිශක්තිකරණ පද්ධතිය සම්පුර්ණයෙන්ම වර්ධනය වී අවසන්.
  • ඔහුගේ ආහාර ජීර්ණ පද්ධතිය තවම පරිණත වී නැහැ.

ගර්භණී සති 36: ගර්භණී ලක්ෂණ හා අපහසුතා

  • ඔබේ දරුවා ඔබේ කුසේ වැඩි ප්‍රමාණයක් අත්පත් කර ගන්නවා. ඒ නිසා ඔබ වෙනදා ගත් ආහාර ප්‍රමාණය
    ආහාරයට ගන්න අපහසු වේවි.
  • කොන්දේ අමාරුව දරුණු වේවි.
  • ඔබට බඩ පිපීම හා මල බද්ධය ඇතිවෙන්න පුළුවන් .
  • ඔබේ යෝනි ශ්‍රාවය ඝන වේ. එහි රුධිරය සුළු වශයෙන් තියෙන්න පුළුවන්.
  • දරුවා පහළට ගමන් කරනවා. ඒ නිසා ඔබේ යටි බඩ ප්‍රදේශයට අමතර බරක් දැනෙන අතර ඇවිදින විට
    අපහසුතාවයක් දැනේ. මේ නිසා ශ්‍රෝණි ප්‍රදේශයේ වේදනාවක් ද ඇති වෙන්න පුළුවන්.
  • කෙසේ වෙතත්, මෙසේ පහළට ගමන් කිරීම මහා ප්‍රාචීරය මත ඉහළට යෙදී තිබු පීඩනය නැති වෙනවා. මෙය
    ලිහිල්වීම ලෙස හැඳින්වේ. ඒ නිසා ඔබට දැන් දිගු හා ගැඹුරු හුස්මක් ගන්න පුළුවන්. නමුත් මෙම පීඩනය ඔබට වැඩි වශයෙන් මුත්‍රා කිරීමට බලපෑම් කරනවා.
  • උදරය කැසීම ගර්භණිත්වයේ පොදු ලක්ෂණයකි.
  • ප්‍රසුතියට පෙරහුරුවක් ලෙස මෘදු සංකෝචන වන බ්‍රැක්ස්ටන් හික්ස් නිතර නිතර සිදුවෙනවා

මේ කාලයේ අවධානය යොමු කල යුතු දේවල්

  • මෙම මාසය තුළ ගුවන් ගමන් වලින් වළකින්න.
  • ශ්‍රෝණි වේදනාව නැති කර ගැනීමට ඔබට උණුසුම් ජලය ස්නානයක යෙදෙන්න පුළුවන් . ඒ වගේම ශ්‍රෝණි
    ව්‍යායාම කිහිපයක්ද කරන්න පුළුවන්.

පිරික්සුම් ලැයිස්තුව

  • උපත නිවේදනය කරන නිර්මාණය කිරීමට කාලයයි.
  • ඔබේ අවශ්‍යතා මේ වන විට සම්පුර්ණ කරගන්න. එවිට දරුවා පැමිණි විට ඒ ගැන කරදර වීමට අවශ්‍ය නැහැ.
  • ඔබේ මෝටර් රථයේ ළදරු ආසනයක් සවි කරන්න. එය පහසු කටයුත්තක් නොවේ.

මීට පෙර ලිපියෙන් ගර්භණී තිස්පස්වන සතිය ගැන කියවුනා. 

මීළඟ ලිපියෙන්, ගර්භණී තිස්හත්වන සතිය

Theasianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

Written by

Niloufer Perera

app info
get app banner