ගර්භනී සමයේ දියවැඩියාව ගැන ඔබට වටිනා දැනුවත් කිරීමක්

ගර්භනී සමයේ දියවැඩියාව ගැන ඔබට වටිනා දැනුවත් කිරීමක්

ගර්භනී සමයේ දියවැඩියාව ඇතැයි භාහිරව කියා පාන ලක්ෂණ දිස් වන්නේ නැහැ. මේ ගර්භනී වී මාස දෙකත් තුනත් අතරදී අනිවාර්යයෙන් රුධිර සීනි පරීක්ෂාවක් සිදු කරගත යුතුයි.

ගර්භනී සමයේ දියවැඩියාව (gestational diabetes) දැන් දැන් ශ්‍රී ලංකාවේත් සුලභව දකින්නට ලැබෙන තත්වයක්. මෙය බොහෝ විට වෙනස් වූ අහිතකර අහාර රටාවන් සහ ජිවන රටා වල ප්‍රතිපලයක් ලෙස මෙම තත්වය ඇති වී ඇති බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

සාමාන්‍ය දියවැඩියාව මෙන්ම ගර්භනී සමයේ දියවැඩියාවේදීද සිරුරේ සෛල මගින් සීනි නොහොත් ග්ලූකෝස් නිසි ලෙස භාවිත නොවීම නිසා සිරුරේ සීනි/ග්ලූකෝස් ප්‍රමාණය ඉහල යනවා.

කෙසේ නමුත්, මෙහි සුලභ බව සලකා ගර්භනී සමයේ දියවැඩියාව ට මුහුණ දුන් මවක් හෝ මව් පදවිය ලබන්නට බලාපොරොත්තු වන මව්වරුන්ට මෙම වටිනා දැනුවත් කිරීම තුලින් සංකුලතා රහිතවම නිරෝගී දරුවකු බිහි කිරීමේ හැකියාව ලැබෙනු ඇති.

ගැබිණි බිරිඳ

ගර්භනී සමයේ දියවැඩියාව

ගර්භනී සමයේ දියවැඩියාව ඇත්දැයි හඳුනාගන්නේ කෙසේද

බොහෝ විට ගැබිණි සමයේ දියවැඩියාව ඇතැයි භාහිරව කියා පාන ලක්ෂණ දිස් වන්නේ නැහැ. මේ නිසා ඔබේ වෛද්‍ය සායනය මගින් ගැබිණි කාලයේ මාස දෙකත් තුනත් අතරදී සිරුරේ රුධිර පරික්ෂාවකට ඔබව යොමු කරනු ඇති.

මෙය ගැබිණි අවධියේ පමණක් ඇති විය හැකි තත්වයක් බැවින් සෑම මවකටම මෙම පරික්ෂාව සිදු කරගැනීමට උපදෙස් දෙනවා. සාමාන්‍යයෙන් සායන තුලින්ද ඔබව මේ ගැන දැනුවත් කොට අවශ්‍ය පරීක්ෂාවන් සිදු කිරීමට යොමු කරනු ඇත.

මෙහිදී සිරුරේ ග්ලූකෝස් ප්‍රමාණය මැනගැනීමට  ක්‍රමවේද දෙකක් යොදාගැනෙනවා.

  1. රුධිර පරීක්ෂාවක් ආශ්‍රයෙන් සිරුරේ ග්ලූකෝස් ප්‍රමාණය මැන ගැනීම
  2. ග්ලූකෝස් පානය තුළින් සිරුරේ ග්ලූකෝස් ප්‍රමාණය මැන බැලීම

ඉහත පරීක්ෂාවන් මගින් දරුවාට කිසිඳු බලපෑමක් ඇති නොවන නිසා දරුවාගේ ආරක්ෂාව ගැන සැකයක් ඇති කරගැනීම අනවශ්‍යය.

දියවැඩියාව කලලයේ වැඩෙන දරුවාට බලපාන්නේ කෙසේද?

දියවැඩියා තත්වය හේතුවෙන් දරුවාගේ බර වැඩි වී දරුවා විශාල වන්නට ඉඩ තිබෙනවා. මෙය දරු ප්‍රසුතියේදී සංකුලතා ඇති කරන අතර (macrosomia) දරුවා වටා ඇති තරලයද වැඩි කරනු ලබනවා.

දරුවාගේ අසාමාන්‍ය වර්ධනය හේතුවෙන් නියමිත කලට කලින් දරුවා ප්‍රසුත වීමට ඉඩ ඇති අතර එමගින්ද නොයෙක් සංකුලතා ඇති වන්නට පුළුවන්.

දරුවාගේ අසාමාන්‍ය ඉන්සියුලින් නිපදවීම නිසා දරුවා බිහි වූ පසු දරුවාගේ සීනි මට්ටම පහළ යන්නට ඉඩ ඇති බැවින් එමගින්ද විවිධ සංකුලතා ඇති වන්නට ඉඩ තිබෙනවා.

ගර්භනී සමයේ දියවැඩියාව තිබූ මව්වරුන්ගෙන් උපන් දරුවන්ට පසු කලකදී දියවැඩියාව ඇති වීමේ වැඩි අවධානමක් ඇති බව සොයාගෙන තිබෙනවා.

දියවැඩියාව ඇත්නම්, මීළඟට කල යුත්තේ කුමක්ද?

ඉහත  පරික්ෂා වලින් සිරුරේ ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය යැයි අනාවරණය වුවහොත්, එය ප්‍රීතියට කරුණකි. නමුත් යම් හේතුවකින් ඔබේ සිරුරේ ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය ප්‍රමාණයට වැඩි නම් එය ගර්භනී සමයේ දියවැඩියාව ගැන පෙර ලක්ෂණයකි.

මීළඟට ඔබේ වෛද්‍යවරයා මනාව පාලනය කල අහාර සැලසුමක් ඔබට හඳුන්වා දෙනු ඇත. මීට අමතරව ඔබට සුදුසු ව්‍යායාම ගැන ඔබ දැනුවත් කරනු ඇත.

ප්‍රතිකාර මොනවාද?

දියවැඩියා තත්වය මුල් කාලයේදීම හඳුනාගැනීම තුලිනුත්, ඉහත කි පරිදි වෛද්‍ය උපදෙස් මනාව පිළිපැදීමෙනුත් ඖෂධ වලින් තොරවම නිසි අහාර සහ ජිවන රටාව අනුගමනය කිරීමෙන් එම තත්වය පාලනය කර ගැනීමට බොහෝ විට හැකි වනවා.

නමුත් ඖෂධ වලින් තොරව තත්වය පාලනය නොවේ නම් මෙට්ෆෝමින් වැනි ඖෂධ වර්ග හෝ ඉන්සියුලින් ප්‍රතිකාර වලට හෝ යොමු වන්නට සිදු වනවා.

ගර්භනී සමයේ දියවැඩියාව සඳහා ගන්නා ඖෂධ වලින් දරුවාට හානි විය හැකිද?

දියවැඩියාවට නිසි ප්‍රතිකාර නොකිරීමෙන් දරුවාට සංකුලතා වලට මුහුණ දිය හැකි බැවින්, නිසි කලට රෝගය හඳුනාගෙන, නිසි අකාරයෙන් ප්‍රතිකාර ගැනීමෙන් මවටත්, දරුවාටත් සාමාන්‍ය ලෙස දරු ප්‍රසුතිය අත්විඳින්නටත් නිරෝගී දරුවකු බිහි කරන්නටත් හැකියාව ලැබෙනු ඇත.

දරුවා ඉපදී සති හයක් ගත වූ වහාම නැවතත් රුධිර පරීක්ෂාවක් කරගන්නා ලෙස වෛද්‍යවරුන් උපදෙස් දෙනවා. ගර්භනී සමයේ දියවැඩියාව වැළඳුනු මව්වරුන්ගෙන් 50%ක ප්‍රමාණයකට එම තත්වය දරුවා බිහි කිරීමෙන් පසුවත් පැවතිය හැකි බවට සක කෙරෙන නිසා මෙම පරීක්ෂණය සිදු කරගන්නට වෛද්‍යවරුන් සෑම මවකටම යෝජනා කරනවා.

නාරි හා ප්‍රසව වෛද්‍ය රුවන් සිල්වා සමඟ විකාශය වූ රුපවාහිනී සාකච්ඡාවක් ඇසුරෙනි

මේ දියවැඩියා රෝගයට මුළුතැන්ගෙයින්ම සොයාගත් ප්‍රතිකාරයක් සිංහල බෙහෙත් වට්ටෝරු: දියවැඩියාව ඇතුළු රෝග රැසක් නසන බණ්ඩක්කා 

Written by

Niloufer Perera