theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගර්භනී සමයේ සහ පසු සමයේ බහුලව ඇතිවන සමේ වෙනස්කම් ගැන දැනුවත්ද?

3 අවම කියවීම
ගර්භනී සමයේ සහ පසු සමයේ බහුලව ඇතිවන සමේ වෙනස්කම් ගැන දැනුවත්ද?ගර්භනී සමයේ සහ පසු සමයේ බහුලව ඇතිවන සමේ වෙනස්කම් ගැන දැනුවත්ද?

ගර්භනී කාලයේ මෙන්ම ඉන් පසුවත් කාන්තාවන්ගේ සමේ වෙනස්කම් ඇතිවෙනවා. මේ එවැනි දුලබ සමේ වෙනස්කම් 4 ක්.

ගර්භනී සමයේ මෙන්ම ඉන් පසුවත් කාන්තාවන්ගේ සමේ වෙනස්කම් ඇතිවෙනවා. ඒවා එක් එක් අයට අනුව වෙනස් වන්නට පුළුවන්. බොහෝ විට හෝර්මෝන වල වෙනස්කම්, සම ඇදීම වැනි දේවල් ඊට මූලික හේතු වෙනවා. සමේ ස්ට්‍රෙච් මාක් ඇතිවීමටත් මේ නිසා හේතු වෙන්න පුළුවන්. මේ එවැනි දුලබ සමේ වෙනස්කම් 4 ක්.

10 Of the Most Common Pregnancy Myths Debunked

ස්ට්‍රෙච් මාර්කස්

මෙය හුඟක් කාන්තාවන් අත්දකින දෙයක්. සමේ ඉරි වැනි ස්වභාවය ගර්භනී කාලය තුළත් ඉන් පසුවත් ඇතිවෙන්න පුළුවන්. මීට හේතුව ගර්භනී සාමය තුළ සම ඇදීමට ලක්වීමයි. විශේෂයෙන් උදරයේ, කලවා හා පියයුරු ආශ්‍රිතව මේ සලකුණු ඇතිවෙනවා. සමහර විට පිටුපස හා අත්වල භාහුවෙත් ඇතිවෙනවා.

මුල් කාලයේ රෝස හෝ දම් පැහැයක් ගත්තත් කාලයත් සමග ඒවා සුදු පැහැති ඉරි ලෙස දකින්නට ලැබෙනවා. හුඟක් වෙලාවට තද පැහැති සමක් ඇති කාන්තාවන්ගේ සමේ ඉරි සුදු පැහැයෙනුත්, ලා පැහැති සමක් ඇති කාන්තාවන්ගේ රෝස පැහැයෙනුත් මේ ඉරි දකින්නට ලැබෙනවා. මේ ඉරි අඩුවී යාම දුලබ වන හා ඒවා වැඩිපුර කැපී පෙනෙන අවධීන් ගැන දැනගනිමු. මීට පිළියම් මොනවද?

පිළියම්

කළලය වැඩෙත්ම සමේ ඉරි ඇතිවීම වැඩිවෙනවා. ඒ නිසා නිතර සම වියළි වීම පාලනය කිරීමෙන් ඉරි ඇතිවීම අඩු කරන මොයිචර්රයිසින් ක්‍රීම් ආලේප කරන්න.

Bio-oil වැනි සමට මෘදු හානිකර නොවන තෙල් වර්ග තෝරා ගන්න පුළුවන්. දිනකට දෙවරක් පමණ සම මත ගලවා සම්භාහනය කිරීම හොඳයි. සායනිකව සහතික කර ඇති අතර කවාකාරව ගැල්වීමෙන් සම්භාහනයෙන් ඒවා ඉස්මතු වීම පාලනය වෙනවා.

කොලජන් හා ඉලස්ටින් ෆයිබර් අඩංගු ආහාර සමට හිතකර අතර මේ කාලයේ විටමින් E හා C අඩංගු ආහාර හා සින්ක් හා සිලිකා වැඩිපුර ඇති ආහාර මගින් සමට කොලජන් ලබාගන්න පුළුවන් බව Prive Clinic හි වෛද්‍ය කාරෙන් සෙන් පවසනවා.

ආලේපන තෝරා ගන්නා විට විටමින් A , E අඩංගු ආලේපන තෝරා ගැනීම වැදගත්. විටමින් A මගින් සම නැවත අලුත් කිරීමටත් නව කොලජන් ඇතිවීමටත් උදවු කරනවා. විටමින් E සමට වැදගත් මෙහෙයක් ඉටු කරනවා.

ගර්භනී සමයේ සහ පසු සමයේ බහුලව ඇතිවන සමේ වෙනස්කම් ගැන දැනුවත්ද?

ගර්භනී සමයේ ඇතිවන අවපැහැයන්

සමහර කාන්තාවන්ගේ නළල, කම්මුල් වල අවපැහැයන් ඇතිවෙනවා. මෙය ගර්භනී සමයේ බහුලව තියෙනවා. හෝර්මෝන වල වෙනස්කම් සමග මේවා ඇතිවන බව විශේෂඥයන් පවසනවා. එමගින් සමේ පිග්මන්ටේෂන් 50% කින් පමණ වැඩිවීමත් එය පසු ගර්භනී කාලය තුළ දක්වා පැවතීමටත් ඉඩ තියෙනවා.

පිළියම්

අව්වට නිරාවරණය වීම පෙර හා පසු ගර්භනී සාමය තුළ නොකළ යුතුයි. හිරු කිරණට නිරාවරණය වීමෙන් මේ තත්වය වැඩිවන්නට පුළුවන්.

අව්වේ යන විට හිරු ආවරණ ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න.සායනිකව සනාථ කළ Bio-oil වැනි හොඳ නිෂ්පාදනයක් තෝරා ගන්න.

හැකි තරම් ජලය පානය කිරීමෙන් සමේ තෙතමනය රඳවා ගන්න.

කුරුලෑ කැළැල්

 කුරුලෑ

ගර්භනී සමය තුළ ඊස්ට්‍රජන් හෝර්මෝන ශරීරය තුළ වැඩිපුර නිපදවෙනවා. මේ මගින් මේද ග්‍රන්ථි තුළ වැඩිපුර තෙල් නිපදවෙනවා. ඔබට ඉන් පැහැදිළි සමක් පෙර තිබුනත් මේ නිසා කුරුලෑ හටගන්න පුළුවන්. පෙර කුරුලෑ ඇතිවීමක් තිබුණා නම් තත්වය තව වැඩිවෙන්න වුනත් පුළුවන්. මෙය පසු ගර්භනී සමය තුළදීත් ඇතිවන්නට පුළුවන්.

පිළියම්

ඉතා මෘදු පිරිසිදුඛාරකයකින් මුහුණ පිරිසිදු කර තබා ගන්න.

දිනකට දෙවරක් මුහුණ පිරිසිදු කරන්න. මෘදු මොයිචර්රයිසින් වර්ගයක් භාවිතය සම වියළි බවට පත්වීම මගහරවනවා.

නමුත් තත්වය වෙනස් නොවේ නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න.

නිතර කුරුලෑ ඇතිවීමත් ඒවා වැඩිවීමත් අසාදනය වීමත් නිසා කැළැලි ඇතිවෙනවා. Bio-oil වැනි සායනිකව තහවුරු කළ නිෂ්පාදනයක් අත්හදා බලන්න.

වියළි සම

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

වියළි සම ගර්භනී පෙර හා පසු සමයේ ඇතිවෙන්න පුළුවන්. හෝර්මෝන වල වෙනස්කම් නිසා මෙය ඇතිවන අතර සමහර මව්වරුන්ගේ සමේ රතු හා අමුතු පැල්ලම් දකින්න පුළුවන්. මෙවැනි ලකුණු සමග වමනය, ඔක්කාරය වැනි ලක්ෂණ ඇත්නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න.

පිළියම්

සමට හානිකර හා රසායනිකයන් අඩංගු නිෂ්පාදන ආලේපයෙන් වළකින්න.

ස්වභාවික හා ශාක සාර අඩංගු මොයිචර්රයිසින් වර්ගයක් භාවිතා කරන්න.

නිතර හැකි තරම් පිරිසිදු ජලය පානය කරන්න.

ගර්භනී සමය තුළ දරුවා ගැන වගේම ඔබ ගැනත් සැලකිලිමත් වීමෙන් ඔබට සුන්දර ම්ව්පදවියකට හිමිකම් කියන්න පුළුවන්.

 theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

 

 

img
Written by

Nalika Unantenne

  • Home
  • /
  • ගර්භණී අවදිය
  • /
  • ගර්භනී සමයේ සහ පසු සමයේ බහුලව ඇතිවන සමේ වෙනස්කම් ගැන දැනුවත්ද?
බෙදාගන්න :
  • ගර්භණි සමයේ ආරක්ෂිත හා අනාරක්ෂිත පළතුරු ගැන දැන ගනිමුද?

    ගර්භණි සමයේ ආරක්ෂිත හා අනාරක්ෂිත පළතුරු ගැන දැන ගනිමුද?

  • ගර්භනී සමයේ දියවැඩියාව ගැන අම්මලා න‌ොදන්න කරුණු

    ගර්භනී සමයේ දියවැඩියාව ගැන අම්මලා න‌ොදන්න කරුණු

  • ගර්භණි සමයේ ආරක්ෂිත හා අනාරක්ෂිත පළතුරු ගැන දැන ගනිමුද?

    ගර්භණි සමයේ ආරක්ෂිත හා අනාරක්ෂිත පළතුරු ගැන දැන ගනිමුද?

  • ගර්භනී සමයේ දියවැඩියාව ගැන අම්මලා න‌ොදන්න කරුණු

    ගර්භනී සමයේ දියවැඩියාව ගැන අම්මලා න‌ොදන්න කරුණු

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it