ගර්භනී සමය තුළ ලිංගිකව එක්වීම ගැන ඔබ දෙගිඩියාවෙන්ද?

lead image

ගර්භනී සමය තුළ ලිංගිකව එක්වීම තුළදී දෙදෙනාගේම මැදිහත් අධ්‍යනයකින් වඩා ආරක්ෂාකාරී ලිංගික ඉරියව් භාවිතය ද ගැබිනියක ලෙස ඔබට වඩාත් පහසු බවක් ඇතිකරයි.

ගර්භනී මව්වරුන් මෙන්ම දරුවෙකු බලාපොරොත්තුවෙන් සිටින පියවරුන්ද දෙගිඩියාවෙන් රහසින් අසාගන්නා පැනයක් තමා ගර්භනී සමය තුළ ලිංගිකව එක්වීම සුදුසුද නුසුදුද යන්න. මෙම කාලෝචිත ගැටළුවට පිළිතුරක්  ශ්‍රී ලන්කන් මම්ස් සමුහයේ උපදේශණ කමිටුවේ සාමාජිකාවක් වන බුද්ධිකා එරන්දී ජයසිංහ සමූහය තුලින් ලබා දුන්නා. ඔබේ සුභ සිද්ධිය සහ දැනුවත් වීම උදෙසා එම ලිපිය පහලින්;

ගර්භනී සමය තුළ ලිංගිකව එක්වීම ගැන සහකරුවන්ගේ සිත් තුල පැන නගින ගැටළු කිහිපයක්

1. ගර්භනී සමය තුළ ලිංගිකව එක්වීම තහනම් ද...?
• සාමන්‍ය ගැබ් ගැනිමක සිට දරුවකු බිහිකරන අවස්තාව දක්වා ලිංගික එක් වීමකට තහනමක් නැති මුත් විවිධ සාම්ප්‍රදායික පිළිගැනීම් ඇති බව අප දන්නා කරුණක්.
• නමුත් ගැබ් ගැනීම සිදුකරන්නේ යම් ප්‍රතිකාර ක්‍රම යටතේ නම් ඒ පිළිබඳ වෛද‍ය උපදෙස් ලබා ගැනීම අනිවාර්යයි.
• මේ සියළු ගැටළු පිලිබඳ ඔබේ පවුල් සෞඛ්‍ය නිලධාරිනිය වෙතින් දැනුවත් වීමයි නිර්දේශ කරන්නේ.

2. ගර්භනී සමය තුළ ලිංගිකව එක්වීම කුසෙහි හිටින දරු පැටියාට හානි දායක ද..?
• ශිෂ්ණය යෝනි මාර්ගයෙන් එපිටට ගමන් නොකරණ බැවින් උල්බ කෝෂ සහ ශක්තිමත් මාංශ පේශි වලින් සමන්විත ගර්භාෂය තුල සිටින දරු පැටියාට ඔබේ ලිංගික එක්වීමක දී හානි සිදු නොවන අතර ඝන ශ්ලේෂ්මල සවිවරය මඟින් දරුවා ආසාදන වලින් ආරක්ෂා කරනවා.

3. ලිංගික එකතුවීමක දී හටගන්නා තරල ස්වභාවය දරුවා බිහිවීමට හෝ ගබ්සාවිමකට හේතූ විය හැකි ද..?
• ස්වාබාවික ගැබ් ගැනීමක දී එවැනි අවධානමක් ඇති බවට වාර්තා වන්නේ නැහැ.

දෙදෙනාගේම මැදිහත් අධ්‍යනයකින් වඩා ආරක්ෂාකාරී ලිංගික ඉරියව් භාවිතය ද ගැබිනියක ලෙස ඔබට වඩාත් පහසු බවක් ඇතිකරයි. මෙම සෙවුම් වාක්‍ය හරහා සෙවීමෙන් අන්තර්ජාලය තුලින් ඔබට ඉරියව් පිලිබඳ අවබෝධයක් ලබාගත හැකි වේවි.

#what are the best sexual positions during pregnancy

ගර්බනි සමය පුරාම ඔබ කායිකව මෙන්ම මානසිකව ද මවක ලෙසින් සුදානම් වන අතර ඔබේ ස්වාමියා ඊට සුදානම් වන්නේ මනසින් බවත් අවබෝධ කරගන්න. එහිදී ඔබ වඩාත් ලංව ඔහු වටහා ගැනීමත් සහයෝගය දැක්වීම තුලින් සාර්ථක ව මව්-පිය පදවිය ලබන්නට සුදානම් විය හැකි වනවා ඇති.

තව ද ගැබ් ගැනීම දක්වා වන සියල්ල දෙදෙනා එක්ව කරගන්නා නමුත් පැනනගින ගැටළු විසඳා ගැනීමට දෙදෙනා විවෘතව කතාකිරීමට මැලිවන්නේ කුමන පදනමක පිහිටා සිට ද යන්න වටහා ගත නොහැකි උභතෝකෝටික ගැටලුවකි. 

එම නිසා විවෘතව අදහස් බෙදාහදා ගැනීමෙන් ද අනවබෝධයෙන් ඇති කරගන්නා හුඹස් බියෙන් ද තොර වෙනදාටත් වඩා ආදරය අවබෝධය සහයෝගය ලබනා වාසනාවන්ත ගර්බනි සමයකට හදවතින්ම සුබ පතමි. 

සැලකිය යුතුයි: "මු වූ 1-3 දක්වා ගැටළු වලට අන්තර්ජාලය හා වෛදය මුලාශ්‍ර උපයෝගී කරගනිමින් පිළිතුරු සකස් කළ බවත් ඒ පිලිබඳ උපදෙස් ලබා දීමට ප්‍රසව හා නාරිවේද වෛදය විද්‍යාත්මක (Gynaecologist) සුදුසුකමක් මා සතු නොවන බව නිහතමානීව ප්‍රකාශ කරන අතර මගේ විෂයට අනුකූල වන පරිදි කරුණු සොයා දැක්වීමක් පමණක් කළ බව කරුණාවෙන් සළකන්න."- බුද්ධිකා එරන්දී ජයසිංහ

මෙම වටිනා දැනුවත් කිරීමට TheAsianParent Sri Lanka වෙනුවෙන් බුද්ධිකා එරන්දි ජයසිංහ මහත්මිය වෙත අපගේ ආදර ස්තූතිය පුද කරනවා. 

src=https://lk admin.theasianparent.com/wp content/uploads/sites/5/2018/01/buddhikaa 250x250.jpg ගර්භනී සමය තුළ ලිංගිකව එක්වීම ගැන ඔබ දෙගිඩියාවෙන්ද?

බුද්ධිකා එරන්දී ජයසිංහ (Buddhika Erandi Jayasinghe) මහත්මිය, මනස හා මනෝභාවයන් පිලිබඳ විශේෂඥ, සවිඥානක මනෝ චිකිත්සක සහ භාවමය බුද්ධි චිකිත්සක ලෙස කටයුතු කරනු ලබන අතර   ශ්‍රී ලන්කන් මම්ස් සමුහයේ උපදේශණ කමිටුවේ සාමාජිකාවක් ලෙස සමූහයේ මව්වරුන්ගේ ගැටළු නිරාකරණය කරගන්නට උපකාර කරමින් විශාල සමාජීය මෙහෙවරක්ද ඉටු කරනවා.