ගැබ්ගෙල පිළිකාවට එරෙහි එන්නත ඔබේ දියණියට දැන් ලබා දෙන්නට පුළුවන්

lead image

ඔබේ දියණියත් මල්වර වියේ පසු වේ නම් ගැබ්ගෙල පිළිකාවට එරෙහි එන්නත ලබා දීම සඳහා ඔබගේ පවුලේ වෛද්‍යවරයාගෙන් අදම විමසන්න.

ගැබ් ගෙල පිළිකාව කියන්නේ කාන්තාවන් අතර ඉතා බහුල පිළිකා වර්ගයක්. HPV නොහොත් හියුමන් පැපිලෝමා වයිරසය මගින් ගැබ් ගෙලෙහි සම මත සහ ශ්ලේෂ්මල පටල මත රෝපණය විය හැකි මෙම වයිරසය ගැබ්ගෙලෙහි සෛලවල වෙනස්කම් ඇති කර පිළිකාවක් බවට කරනු ලබනවා.

මෙය කාන්තාවන් අතර බහුල තත්වයක් නිසා වයස අවුරුදු 35ට වැඩි කාන්තාවන් වසරක් පාසා ගැබ් ගෙලෙහි ශ්ලේෂ්මල පරික්ෂාවට ලක් කෙරෙන පැප් පරීක්‍ෂණයක්‌ (Pap Smear) පරික්ෂාව සිදු කර ගන්නා ලෙස ලොව වටා සෞඛ්‍ය බලධාරීන් තරයේ උපදෙස් දෙනවා. ඉතින් ඔබත් මෙම වයස් ඛණ්ඩයට අයත් මවක් නම් නොවරදවා මෙම පරීක්ෂණයත්, පියයුරු පිලිකා වලින් මිදීම සඳහා පියයුරු පරීක්ෂාවත් වසරපතා සිදු කිරීම ඉතාම වැදගත්.

අප මෙසේ පරික්ෂා කරගත යුතු වුවත් ඉකුත් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ලඟදී විශේෂ පුවතක් අනුව අපගේ අදර දියණියන් ගැබ්ගෙල පිළිකාවට ගොදුරු නොවීමට ඉවහල් වන සතුටුදායක තොරතුරක් වාර්තා වනවා.

පසුගියදා දිනමිණ පුවත්පතෙහි පළ වූ මේ පුවතට අනුව ජුලි මස 3 වන දා සිට දිවයිනේ සියලුම පාසැල් වල වයස අවුරුදු 9ත් 13ත් නොහොත් 6 ශ්‍රේණියට ඉහළ ඉගෙනුම ලබන ගැහැණු දරුවන් හට මෙම එන්නත ලබා දීමට තීරණය කර තිබෙනවා.

මෙම එන්නත ලබා දීම කෑගල්ල, ගම්පහ, කිලිනොච්චිය යන දිස්ත‍්‍රික්ක වලින්  ආරම්භ කෙරෙන අතර දිවයින පුරා ව්‍යාප්ත කිරීමට සෞක්‍ය අමාත්‍යාංශය බලාපොරොත්තුවෙන් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපා ගමගේ මහත්මිය ප්‍රකාශ කර සිටියා.

ගැබ් ගෙල පිළිකාව සම්බන්ධයෙන් ඔබ දැනගත යුතු දේ

  1. ශ්‍රී ලංකාවේ කාන්තාවන් හට වැළඳෙන පිළිකා අතරින් ගැබ්ගෙල පිළිකාව දෙවන ස්ථානය ගනී.
  2. මෙම පිළිකාව HPV නොහොත් හියුමන් පැපිලෝමා වයිරසය ගැබ්ගෙල තුල දිගු කාලයක් පැවතීම නිසා හට ගත හැක.
  3. පුර්ව පිළිකා අවදියේ රෝග ලක්ෂණ පෙන්නුම් නොකෙරේ.
  4. වසරපතා පැප් පරීක්‍ෂණයක්‌ (Pap Smear) කිරීමෙන් මෙම පිළිකාව කලින් හඳුනාගෙන ඉන් සම්පුර්ණයෙන් මිදීමේ හැකියාව ඇත.
  5. වයස අවුරුදු 35ත් 50ත් අතර විවාහක කාන්තාවන් මෙම රෝගයට ගොදුරු වීමේ වැඩි අවධානමක් දරනවා.

නොබෝ දිනකින් මෙම පිළිකාව හා එයට තුඩු දෙන වයිරසය පිළිබඳව ඔබේ වෛද්‍යතුමියගෙන් අහන්න විශේෂාංගය ඔස්සේ ඔබව තවත් දැනුවත් කරන්නට අප බලාපොරොත්තුවෙන් සිටිනවා.   

ඉතින් එම විශේෂාංගය ඔස්සේ ඔබ හමු වන තුරු ඔබේ හෝ ඔබ දන්නා කෙනෙකුගේ දියණියන් මෙම වයස් ඛාණ්ඩයට අයත් නම් ඔවුනට මෙම එන්නත දැන් ලබා ගත හැකි බවට දැනුවත් කරන්න. මේ ගැන ඔබේ වෛද්‍යවරයාගෙන් හෝ සෞඛ්‍ය බලධාරියාගෙන් විමසා දැන ගත හැක.