ගැබිණි කාලයේ දරුවාගේ චලනය ගැන ඔබ දත යුතු දේ

lead image

කෙසේ නමුත් සති 24දීත් ගැබිණි කාලයේ දරුවාගේ චලනය නොදැනේ නම් වහාම පවුල් සෞඛ්‍ය සේවිකාව හෝ වෛද්‍යවරයා වෙත් යොමු වන්නට වගබලා ගන්න.

ගර්භනී කාලයේ දරුවාගේ චලනය කියන්නේ ගැබ් ගැනීමෙන් පසුව මවකට දැනෙන ප්‍රීතිමත්ම අත්දැකීම කිවොත් එය නිවැරදියි. හිතන්නේ නැති වෙලාවක එහෙට මෙහෙට පිහිනන පුංචි මාළු පැටවකු කුසේ සිටිනවායැයි දැනුනු ඒ මුල්ම දවස අද වාගේ මතකයි.

සැමියාට රස කරකර මෙම අත්දැකීම කියන විට තාත්තෙකුට කිසිදා අත්දකින්නට නොලැබෙන එම සුන්දර අත්දැකීම ලබන්නට මව්වරුන් කෙතරම් භාග්‍යවන්තද යැයි මට වගේම ඔබටත් සිතෙනවා ඇති.

ඉතින් මේ සුන්දර අත්දැකීම විඳින අතරම ගැබිණි කාලයේ දරුවාගේ චලනය කියන්නේ දරුවා කුස තුල සුවෙන්  සනීපයෙන් ඉන්නවා යැයි කියාපාන මුලික ලක්ෂණයක්ද වනවා. මේ නිසා ඒ ගැන ඔබ ප්‍රිත්මත් වන අතර අවබෝධයෙන්ද කටයුතු කල යුතු වනවා.

ගර්භනී කාලයේ දරුවාගේ චලනය පළමු වතාවට දැනෙන්නේ කවදාද?

සාමාන්‍යයෙන් සති 18ත් 20ත් අතර කාලයේදී මුල්ම වරට කුස තුළ දරුවාගේ චලනය දැනෙන්නට පුළුවන්. පළමු වරට ගැබ් ගත් මවක්නම් මෙය මීට වඩා ටිකක් කල් ගන්නට පුළුවන්. ඒ දරුවාගේ චලනය කෙබඳු දැයි තේරුම් ගන්නට යම් කාලයක් ගත හැකි නිසයි.

කෙසේ නමුත් සති 24දීත් ඔබට දරුවාගේ චලනය නොදැනේ නම් වහාම පවුල් සෞඛ්‍ය සේවිකාව හෝ වෛද්‍යවරයා වෙත් යොමු වී දරුවාගේ හෘද ස්පන්දනය සහ අදාළ පරීක්ෂණ ගෙන දරුවාගේ තත්වය බැලිය යුතු වනවා.

මගේ දරුවා කුස තුළ ඉඳන් දඟලන්නේ මොනවටද?

දස මසක් කුතුහලයෙන් පැටියා එන තුරු මඟ බලා ඉන්නා අපට නිතර දැනෙන ගැටළුවක් මේ. කුස තුල දරුවාගේ මාසයෙන් මාසය වර්ධනය වන චර්යාව දැනගැනීම ගැන කියැවෙන අගනා ලිපි පෙළක් මේ.

ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: පළමු මාසය

ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: දෙවන මාසය

ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: තුන්වෙනි මාසය

ළදරු වර්ධනය: හතරවෙනි මාසය

ළදරු සංවර්ධනය: පස්වෙනි මාසය

ළදරු සංවර්ධනය: හයවෙනි මාසය

ළදරු සංවර්ධනය: සත්වෙනි මාසය

ළදරු සංවර්ධනය: අටවෙනි මාසය

ළදරු සංවර්ධනය: නමවෙනි මාසය

දසමාසයක් වූ අපුරු චාරිකාව – දහවෙනි මාසය

දසමාසයක් වූ අපූරු චාරිකාව මෙසේ නිමා වු වගයි.

ගර්භනී කාලයේ දරුවාගේ චලනය: දිනකට ඔබට දැනිය යුතු චලන සංක්‍යාව කීයද?

දරුවාගෙන් දරුවාට වෙනස් විය හැකි අතර දිනකට ඇත විය හැකි චලන සංඛ්‍යාව මෙතෙකැයි කියන්නට බැහැ. නමුත් කාලයත් සමඟ ගැබිණි කාලයේ දරුවාගේ චලනය රුවාගේ චලනය සිදුවන  රටාව ගැන මවට අදහසක් එනු ඇත.

වෛද්‍ය උපදෙස් සඳහා යොමු විය යුත්තේ කුමන අවස්ථා වලදීද?

- ඔබ පැත්තට අල වී සිටින වෙලාවක පැය දෙකක කාලයක් ඇතුලත චලන 10ක් දැනුනේ නැතිනම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතු වනවා.

- පිටත ශබ්ධ්‍යකට හෝ වෙනත් ක්‍රියාවකට කිසි සේත්ම දරුවා ප්‍රතිචාර නොකරයි නම්

- දරුවාගේ චලනයේ පැහැදිලි වෙනසක් හෝ අඩු වීමක් ඔබට දක්නට ලැබේ නම්..

ඉහත තත්ව වලින් එකක් දිස් වේනම් වහාම වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු විය යුතු බව සලකන්න... බොහොමයක් අවස්ථා වලදී මෙලෙස පරික්ෂා කිරීමෙන් අනතුරුව කිසිඳු ගැටලුවකින් තොරව දරුවා සෞක්‍ය සම්පන්න බවට පෙනී යනු ඇත.

එසේ නමුත් දිගටම දරුවාගේ චලන චර්යාව ගැන හොඳ අවධානයකින් සිටීමත්, කිසිඳු වෙනස්වීමක් හෝ දැනේනම් වහාමේ වෛද්‍යවරයා වෙත යොමුවීමත් ඔබගේ යුතුකමකි.