ඔබේ ගැබිණි බිරිඳට කවදාවත්ම නොකිය යුතු කථා

පියවරුනි , මෙන්න ඔබේ ගර්භණී බිරියන්ට කවදාවත් නොකිය යුතු දේවල් 8ක්:

පියවරුනි , මෙන්න ඔබේ ගැබිණි බිරිඳට කවදාවත් නොකිය යුතු දේවල් 8ක්:

1. ඔයාට දැනෙන දේ මම දන්නවා

මාස 9 ක් ගර්භණීව සිටින විට දැනෙන්නේ කොහොමද කියලා පිරිමි පක්ෂයට කිසි සෙත් දැනගැනීට ක්‍රමයක් නොමැත! ඉතින්, "ඔයාට දැනෙන දේ මම දන්නවා", පැවසීම වෙනුවට, "ඔයාට මෙසේ වේදනා දැනීම මට දුකක්," යැයි පවසන්න. එසේ නැත්තම් "මට ඔබට කළ හැකි දෙයක් තියෙනවාද?" යැයි අසන්න.

2. ඔයා තාම කෑම කාලා ඉවර නැද්ද?

ගර්භණී කාලය තුළ ඔබේ බිරිඳගේ ආහාර රුචිය ගැන අදහස් දක්වන්න එපා. ඔබේ බිරිද ඇයගේ කුසේ ඉන්න දරු පැටියාට පෝෂණය කරනවා. ඒ නිසා ඇය තවත් වැඩියෙන් කෑම කන්න පටන්ගනිවි.

"ඔයා තාම කෑම කාලා ඉවර නැද්ද?", කියා අසන විට ඔබේ බිරිඳට දුක හිතෙන්න පුළුවන්.  මෙසේ අහනවා වෙනුවට ඔබේ බිරිඳට පෝෂ්‍යදායී කෑම වේලක් පිළියෙල කරලා දෙන්න. 

3. ඇයි ඔයා අඬන්නේ?

ගර්භනී කාන්තාවන් තමන්ගේ ශරීරයේ හෝර්මෝන නිසා වඩාත් හැඟීම්බර වීම සාමාන්‍ය දෙයක් වෙනවා. ඔබේ බිරිඳට සහයෝගය දක්වන්න, වඩා වැඩි අවබෝධයක් ලබා ගැනීමට උත්සාහ කරන්න.

4. සන්සුන් වෙන්න පුළුවන්ද?

ගර්භණී  සමය මානසික ආතතියෙන් පිරී පවති. ඇයගේ ගර්භණී සමයේ දී ඉතා හැඟීම්බර වීම ඔබේ බිරිඳගේ වැරැද්දක්  නොවේ. ඇය වෙනුවෙන් සිටින්න. ඉවසිලිමත් වීමටත් ඇයගේ හැගීම් තේරුම් ගැනීමටත් උත්සාහ කරන්න.

5. මට රාත්‍රියේ හොද නින්දක් ලැබුනා!

ගැබිනි කාන්තාවන්ට රාත්‍රියට සුවබර  නින්දක් ලබා ගැනීම දුෂ්කරයි. ඔබේ බිරිද ඔබ ගැන තරහක් ඇතිකිරීමට ඔබට අවශ්‍ය නොමැති නම් ඔබ ඊයේ රාත්‍රියේ හොඳින් නිදා ගත් බව ඇයට පුරසාරම් දොඩවන්න එපා.

6. අපේ දරුවන් අතර පරතරය අවුරුද්දක් තිබ්බොත් හොදයි නේද?

ගර්භණීත්වය  ඉතා අපහසුය. තවද, ඊලග දරුවා ලැබෙන්නේ කවදාදැයි තීරණය කිරීමට ඔබේ බිරිදට ඉඩ නොදිය  යුතුය. විශේෂයෙන්ම ඇය ඔබේ දරුවා කුස දරා සිටින්නිය බැවින් ඇය වෙනුවෙන් තීරණයක් නොගන්න.

7. දරු උපතෙන් පසු ඔබට කෙට්ටු  වෙන්න කොපමණ කාලයක් යයිද?

ඔබේ බිරිඳගෙන් මේ ප්‍රශ්නය අහන්න හිතන්න වත් එපා, එපමණයි!!

8. මට කියන්න අමතක වුනා, මම  මගේ දෙමව්පියන්ට ප්‍රසුතිකා ගාරයට ආරාධනා කළා

ඔබ කාට හෝ ප්‍රසුතිකා ගාරයට ආරාධනා කරන්නේ නම් ඔබේ බිරිඳගේ අවසරය විමසන්න. දරු උපත ඉතා සමීප සහ අවදානම් සහිත අත්දැකීමක් වන බැවින් ඒ අවස්ථාවේදී එහි සිටිය යුත්තේ කවුදැයි තීරණය කරන්නා ඇය විය යුතුයි.

අසීරු වූ ගැබිනි සමය ඇය ගෙවන්නේ ඔබේ උරුමය ඔබට ලබා දෙන්නයි. ඒ නිසා ඇගේ සිත වදනකින් වත් නොරිද වීමට මේ මග පෙන්වීම theAsianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී