ගැබිණි මව්වරුන්ට ෆෝලික් ඇසිඩ් වල ගුණ

lead image

ෆෝලික් ඇසිඩ් යනු විටමින් B9 වල ඉතා වැදගත් ස්වරූපයකි. ඔබ ගැබ්ගත් විට පමණක් නොව   ඔබ කුඩා දරුවෙකු බිහි කිරීමට සැලසුම් කරන විට පවා එය වැදගත් වේ.

ෆෝලික් ඇසිඩ් වල ගුණ:

ෆෝලික් ඇසිඩ් යනු විටමින් B9 වල ඉතා වැදගත් ස්වරූපයකි. ඔබ ගැබ්ගත් විට පමණක් නොව ඔබ කුඩා දරුවෙකු බිහි කිරීමට සැලසුම් කරන විට පවා එය වැදගත් වේ.

විශේෂයෙන්ම නිරෝගී  මව්වරුන් සඳහා ගර්භණිත්වය සැබවින්ම සුන්දර  අත්දැකීමක් විය හැකියි. ඔවුන්ගේ ළදරුවන් හොඳින් පෝෂණය  කල හැකි අතර මාස නවය පුරාම ක්‍රියාශීලීව සිටිය හැක.

නමුත් මෙය සිදු කළ හැක්කේ ගර්භණී  මවගේ ආහාර වේලේහි ඒ සදහා අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ හා ඛනිජ ලවණ වලින් සම්පුර්ණ වී ඇත්නම් පමණි.

ඉන්දියාවේ ප්‍රත්‍යාහිෂා ගුරුගම් එච් රෝහලේ හි අධ්‍යක්ෂ රාගිනි අගරවාල් මහත්මිය මෙසේ පවසයි. "ගර්භණී සමයේදී කාන්තාවකගේ සෞඛ්‍ය  දරුවාගේ සෞඛ්‍ය  කෙරෙහි බලපාන බව දන්නා නමුත්  දරුවන් පිළිසිඳගැනීමට පෙර සෞඛ්‍ය වැදගත්කම පිළිබඳ අවබෝධය අඩුයි."

ඇය වැඩිදුරටත් පවසන්නේ දරුවෙක් බලාපොරොත්තු වෙන අවධියේදී කරන උපදේශනය දරුවන් බලාපොරොත්තු වෙන මව්වරුන්ට නිසි මගපෙන්වීමක්  කරන බවයි.

පූර්ව පිළිසිඳගැනීම් අවධියේදී ඔබේ සෞඛ්‍යය ප්‍රශ්නාවලිය, පරීක්ෂණය, රුධිරය හා මුත්‍රා පරීක්ෂාව, පැප් පරීක්ෂාව මගින් තක්සේරු කරන අතර සාරවත් බව ආරක්ෂා කිරීම, ගර්භණී තත්ත්වයේ ප්‍රතිඵල වැඩි දියුණු කිරීම, ගර්භණීභාවය තක්සේරු කිරීම සහ අවදානම් සාධක හදුනා ගැනීම ඒ මගින් සිදුවේ. "

ඇය පවසන අන්දමට දරුවන්  බලාපොරොත්තු වන මව්වරුන්ට වඩාත්ම වැදගත් දේ වන්නේ, දරුවාගේ අසාමාන්‍යතාව වැළැක්වීම සදහා ෆෝලික් අම්ල භාවිතය ආරම්භ කිරීමට උපදෙස් ලබා දීමයි.

නොමේරූ දරු උපත්, ගර්භණිත්වයේ ගැටළු වලක්වන බැවින් ඔබේ රුධිරයේ නියමිත හිමොග්ලොබින් ප්‍රමාණය පවත්වා ගන්න. අමතර බර අඩු කිරීමට ව්‍යායාම කරන්න.  හෙපටයිටිස්, රුබෙල්ලා හා ඉන්ෆ්ලුවෙන්සා සඳහා එන්නත් ලබා ගන්න. මේ ගැන මව්වරුන් සැලකිලිමත් විය යුතුය.

නමුත් වෛද්‍යවරුන් ෆෝලික් ඇසිඩ් ගැනීමට නිර්දේශ කරන්නේ ඇයි?  ෆෝලික් ඇසිඩ් ඇති ස්වභාවික ආහාර ද්‍රව්‍ය  මොනවාද?

ෆෝලික් ඇසිඩ් වලින් දරුවන් බලාපොරොත්තු වෙන මව්වරුන්ට ප්‍රතිලාභ 5ක්

දරුවන් අපේක්ෂා කරන මව්වරුන්ට ෆෝලික් අම්ලයේ ප්‍රතිලාභ ගැන අපි වෙනත් විශේෂඥයෙකුට කතා කලා.

"ෆෝලික් අම්ලය විටමින් B9 ඉතා වැදගත් ස්වරූපයකි. එය ඔබ ගැබ්ගත් විට පමණක් නොව ඔබ දරුවෙකු  පිළිසිඳගැනීමට   සැලසුම් කරන විටද එය ප්‍රයෝජනවත් වේ" යනුවෙන් විශේෂඥවරිය  පැහැදිලි කරයි. ඇය පහත සඳහන් ප්‍රතිලාභ ලැයිස්තුගත කරනවා.

• ෆෝලේට් ලෙසද  හදුන්වන ෆොලික් අම්ලය ස්නායු නාල වල අඩුලුහුඬුකම් විවිධ ආකාරවලින් වළක්වමින් උපකාර කරයි.

• ඒ වගේම මොළයේ ආබාධ වැළැක්වීම සහ උපතේදී සිදුවෙන සුසුම්නාවේ   බරපතල  අඩු ලුහුඩුකම් වළක්වයි.

• සෛල නිපදවීම,  බෙදීම සහ රතු රුධිර සෛල නිෂ්පාදනය කිරීම වැනි ප්‍රධාන කර්තව්‍යයක් එය සිදු කරයි.

• එය දරුවන් තුල   Megaloblastic Anemia  සැදීම වළක්වයි.

ස්නායු නාල වල අඩුලුහුඬුකම් වැලැක්වීමට  පිළිසිඳ ගැනීමට  මාස තුනකට පෙර සහ පිළිසිඳගැනීමෙන් මාස තුනකට යනතුරු  ෆෝලික් ඇසිඩ් පෙති ලබා දෙන බව ඇය වැඩි දුරටත් පවසයි.

ෆෝලික් අම්ලයේ ස්වභාවික ප්‍රභව 11

දරුවෙක්  අපේක්ෂා කරන මව්වරුන්  ෆෝලික් ඇසිට් පෙති   ලබා ගන්නා අතර ඔබ  ස්වභාවික ප්‍රභවයන්ට කැමති නම්, මෙන්න ඔබට ඒවා ලබා ගත හැකි දේවල්,

• බ්‍රොකලී

• ග්‍රීන්පීස්

• කඩල

• දුඹුරු හාල්

• පරිප්පු

• වියළි බෝංචි,  ඇට වර්ග

• අලිගැටපේර

• බ්‍රොකලී ,නිවිති , බණ්ඩක්කා , වැනි තද කොළ පැහැ එළවළු

•පැගිරි පළතුරු හෝ පැගිරි යුෂ

දිනකට ෆොලික් අම්ල සම්පුර්ණ  ප්‍රමාණය 400 mcg නොඉක්මවිය යුතු බව විශේෂඥයෝ පවසති .

ඒ නිසා ඔබ ඔබේ ගර්භණීත්වය සඳහා ආහාර ප්‍රස්ථාරයක් පිළියෙල කරන විට, ෆෝලික් අම්ලය අඩංගු  මෙම එක් ස්වාභාවික ප්‍රභවයක් වත් අවම වශයෙන් එක් ආහාර වේලකටවත් ඇතුළත් කිරීමට වග බලා ගන්න.

ලිපිය සම්බන්ධයෙන් යම් විවේචනයක්, ප්‍රශ්න තිබේ නම්, කරුණාකර ඒවා පහතින් සටහනක් යොදන්න.

කවුරුත් දන්න ෆෝලීක් අම්ලය ගැන මේ වටිනා තොරතුරු ඔබ වෙත ගෙන ආවේ the Asianparent Sri Lanka වෙතිනි.

theIndusparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී