theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගැබිණි මව්වරුනි, අන්තර්ජාලයේ ඡායාරූප බෙදාගන්නේ ප්‍රවේශමෙන්

5 අවම කියවීම
ගැබිණි මව්වරුනි, අන්තර්ජාලයේ ඡායාරූප බෙදාගන්නේ ප්‍රවේශමෙන්ගැබිණි මව්වරුනි, අන්තර්ජාලයේ ඡායාරූප බෙදාගන්නේ ප්‍රවේශමෙන්

ලෝකය සමග ගර්භණීත්වයේ සතුට බෙදාහදා ගනිමින් අන්තර්ජාලයේ ඡායාරූප බෙදාගැනීම සදහන්  කැමති ගර්භණී මව්වරුන්ද අන්තර්ජාලයේ  ගොදුරු සොයන්නන් ඉලක්ක කර ගන්නා බව ඔබ දැනන් සිටියාද?

ඔබේ පුංචි  පැටියාගේ උපත බලාපොරොත්තුවෙන්  සිටින විට, සෑම සන්ධිස්ථානයක්ම ඇත්තෙන්ම සුවිශේෂීයි. ඔබ ඔබේ ගර්භණිත්වයේ ගමන ලෝකය සමඟ බෙදා හදා ගැනීම සඳහා අන්තර්ජාලයේ ඡායාරූප සටහන් තැබුවත්  ඔබ නොදැනුවත්වම, අන්තර්ජාලයේ  ගොදුරු සොයන්නන්ට ඔබ  ඉලක්කය වෙන්න පුළුවන් .

ඔබ අන්තර්ජාලයේ ඡායාරූප  බෙදා නොගත යුතු දරුවා සිටින කුසයේ අනාරක්ෂිත ඡායාරූප තියෙන බව ඔබ දැන සිටියාද?

අන්තර්ජාලයේ ඡායාරූප

ගැබිණි මව්වරුනි, අන්තර්ජාලයේ ඡායාරූප බෙදාගන්නේ ප්‍රවේශමෙන්

අන්තර්ජාලයේ ගොදුරු සොයන්නන්ගේ අනතුර ගැන මව්වරුන් දෙදෙනෙක් අමතක නොවන පාඩමක් ඉගෙන ගත්තා. ඔවුන්ගේ ඡායාරූප සොරකම් කරන ලද කණ්ඩායම් විසින් fetishism වෙබ් අඩවිවල බෙදා හැර ඇත.

ගර්භනී කාන්තාවන්ගේ ශරීර වලට ලිංගිකව ආකර්ෂණය වීම fetishism යනුවෙන්  හැදින්වේ.

"ගර්භනී කාන්තාවන්ට ගරු කරන්නන්" සඳහා වන අන්තර්ජාලයේ  අවකාශයක් වන "Preggophilia.com" වැනි විවිධ වෙබ් අඩවි තිබේ.

මෙම වෙබ් අඩවියේ ගර්භණී නව යොව්වනියන්ගේ සිට ගර්භණී ජනප්‍රිය කාන්තාවන් දක්වා අන්තර්ගතයන් ඇත.

බ්ලෝගර් කෙනෙක් වන මෙග් අයර්ලන්ඩ් තමන් මව්වරුන්ගේ සමුහයක බෙදාගත් අන්තර්ජාලයේ ඡායාරූප සොරකම් කර ඇයගේ අනුදැනුමකින් තොරව අසභ්‍ය වෙබ් අඩවියේදී පල කර ඇති බව මිතුරන් ගෙන් දැනගත්තා.

29 හැවිරිදි මැලේසියානු මවක්ද ඇ‍යගේ වැඩිමල් පුතා ලැබෙන්න සිටියදී ඡායාරූප ගතකර අන්තර්ජාලයේ ඡායාරූප අනාරක්ෂිතව බෙදා ගත් ඇයගේ කුස පෙනෙන ඡායාරූපයක් ඇගේ අනුදැනුමකින් තොරව පලකිරීම නිසා අපහසුතාවයට පත්වුනා.

ෆේස්බුක්හි පමණක් මෙවැනි ඡායාරූප  බෙදාගන්නා කන්ඩායම් 100 ක් පමණ ඇත. ගොදුරු සොයන්නන් එයින් නැවති නැත. ඔවුන් එම ඡායාරූප බෙදා ගැනීම සඳහා Whatsapp සහ Telegram කණ්ඩායම් නිර්මාණය කර ඇත.

"සතියකට පස්සේ මට මගේ මිතුරන් මගේ පිංතුර අනෙක් සමුහ වල බෙදාගෙන ඇති බව කිව්වා. මම එයට ගොස් එහි වු අදහස්  කියවූ විට, මට  පිළිකුලක් දැනුණා," යයි ඇය නිව් ස්ට්රීට් ටයිම්ස් වෙත පැවසුවා.

"දින දෙකකට පස්සේ  මෙම පිටුව ෆේස්බුක් විසින් අවහිර කලා. නමුත් මම කලකිරීමට පත්වුනා වගේම අද දක්වාම මම ෆේස්බුක් එකට ඡායාරූප දැම්මේ නැහැ ."

ගර්භණී මවකගේ කුසෙහි අනාරක්ෂිත ඡායාරූප : ඔබ අන්තර්ජාලය තුලින් ආරක්ෂා වන්නේ කෙසේද?

ගැබිණි මව්වරුනි, අන්තර්ජාලයේ ඡායාරූප බෙදාගන්නේ ප්‍රවේශමෙන්

Preggophilia මානසික රෝගයක් වන අතර, එය pedophilia හා සමාන අසාමාන්‍ය  පෙලඹීම් දක්නට ලැබේ.

"අමුතු ලිංගික ඇබ්බැහි වීමක් ඇති Preggophilia රෝගීන්ට අපි මුහුණ දෙන බව අපි වටහාගෙන ඉන්නවා." ඔවුන් කාමයෙන් හැසිරෙන අතර ඔබේ පෞද්ගලිකත්වය පිළිබඳ තැකීමක් නොකරන බව මැලේසියානු මනෝචිකිත්සක සංගමයේ සභාපති ආචාර්ය අහමඩ් රොස්තම් මහතා NST වෙත පවසා තියෙනවා.

ඒ පිළිබඳව දැනුවත් කිරීම සඳහා මෙම  අපරාධවලට ගොදුරු වූ මව්වරුන්  ඉදිරියට පැමිණෙන ලෙස ඔහු ඉල්ලා සිටිනවා.

ඒ නිසා අන්තර්ජාලයේ ඡායාරූප බෙදාගැනීම සදහා  ඉල්ලා සිටින්නන් ගැන කල්පනාකාරී වන්න. මෙම ආරක්ෂක ඉඟි මතක තබා ගන්න.

1. අන්තර්ජාලය මිතුරු මව්වරුන් හදාගන්නා විට ප්‍රවේශම් වන්න.

මේ දිනවල පින්තූර වල ස්ක්‍රීන් ෂොට් ලබාගැනීම  පහසුය. ඔබට කවදාවත් පරෙස්සම් වෙන්න බැහැ. ඔබ ඇත්තෙන්ම ඔවුන්ව පෞද්ගලිකව දන්නේ නැත්තම් , මව්වරුන්ගේ ගිණුම් වලට රැවටෙන්න එපා.

මෙම ගොදුරු සොයන්නන් බොහෝ විට මව්වරුන් ලෙස පෙනී සිටිමින් ගැබිණි මව්වරුන් තම නිරුවත් කුසයේ ඡායාරූප බෙදා හදා ගන්නා කණ්ඩායම් වලට ප්‍රවේශ වෙයි.

"මව්පියන් හෝ නිවුන් දරු දෙදෙනෙකු මවුවරුන් ලෙස පෙනී සිටිමින් අතර ෆේස්බුක් කණ්ඩායම් සමඟ එකතු වී ඔවුන්ගේ ගර්භණී  ඡායාරූප  යැයි ඡායාරූප බෙදා හදා ගනිමින් අන් අයටද අන්තර්ජාලයේ ඡායාරූප බෙදාගැනීම  සදහා  ඉල්ලා සිටින බව ඕස්ට්‍රේලියානු  බහු උපත් සංගමය CNN වෙත පවසනවා.

2. විශ්වාසී සමාජ කවයන් තුල පමණක් අන්තර්ජාලයේ ඡායාරූප බෙදා ගන්න

ගැබිණි ඔබේ කුසේ පින්තූර ඇතුලුව, ඔබේ ජීවිතයේ සමීප අවස්ථාවන් බෙදාහදා ගැනීමට පෙර ඔබේ මිතුරන්ගේ ලැයිස්තුව සුපරීක්ෂාකාරීව පරීක්ෂා  කර ඔවුන් විශ්වාසනීය බව තහවුරු කර  ගන්න.

ඔබේ සමාජ මාධ්‍යයන් තුල  එසේ පීරා සෙවීම  අපහසු විය හැකිය. නමුත් අතිරේකව ආරක්ෂා වීම වඩාත් සුදුසුය.

3. ඔබේ සමාජ මාධ්‍ය  ගිණුම් පුද්ගලීකරණය කරන්න

කණගාටුදායක ලෙස, ඉන්ස්ටග්රෑම් වැනි අතිශයින්ම හානිකර නොවු  සමාජ මාධ්‍යය තුල පවා අනතුරුදායක තත්ත්වයන් ඇති වේ.

විශේෂයෙන් ගැබිණි කුසේ ඡායාරූප පහසුවෙන් ලබා  ගනිවි යැයි ඔබ  බිය නම්  ඔබගේ ගිණුම පෞද්ගලික ආරක්ෂාව තර  කරන්න . අපි ට්විටර් සමාජ ජාලය  අන්තර්ජාලයේ ආරක්ෂිත  යැයි පැවසුවහොත්, එය  පැහැදිලිවම එසේ නොවේ.

4. අන්තර්ජාලයේ ඡායාරූප : ගොදුරු සොයන්නන් ඔබම හදුනාගන්න .

ඔබේ ඡායාරූප පැහැරගත් බවට ඔබ සැක කරන හොත් රහසේ එය  පරීක්ෂා  නොකරන්නේ මන්ද? මෙය කිරීමට, ගූගල් හි  ඡායාරූපය සෙවීම කරන්න.

ඔබට පින්තූරයේ URL භාවිතා කර එය අන්තර්ජාලයේ  සොයන්න පුළුවන් . නැතහොත් ඔබට ගූගල් ඉමේජ් සර්ච්හි අප්ලෝඩ්  කර එම ඡායාරූපය ඇති ස්ථාන සොයාගත හැකිය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

ඔබ ක්‍රෝම් හෝ ෆයර්ෆොක්ස් බ්‍රවුසරය භාවිතා කරන්නේ නම්, ඔබට රූපයේ දකුණු පස ක්ලික් කර  "පින්තූරය සඳහා ගූගල් සෙවීම" ක්ලික් කල හැකිය.

සමාජ ජාලයන්හි පරිපාලකයන්ට ඔබ සොයා ගන්නා සෑම දෙයක්ම වාර්තා කරන්න.

5. අන්තර්ජාලයේ ඡායාරූප වලට  Watermark එකක් යොදන්න.

ඔබගේ ඡායාරූප වලට  Watermark  එකක් ‍යෙදීම කරදරයක් ලෙස පෙනෙන   නමුත්, එය අනිවාර්යයෙන්ම ඔබගේ ගැබිණි කුසේ ඡායාරූප  සලකන  විට එය ආරක්ෂාකාරී වනු ඇත.

වෝටර් මාර්ක් කිරිමෙන් ගොදුරු සොයන්නන් ඡායාරූපය පැහැර ගැනීම හෝ සංස්කරණය  කිරීම සදහා  අධෛර්යමත් කරනු ඇත.

ඔබට තවත් පියවරක් ඉදිරියට ගොස් ඔබේ ඡායාරූපයේ නොපෙනෙන වෝටර්  මාර්ක් එකක් තැබිය හැකිය.

Watermark එකක් දාන ක්‍රමය ඉගෙනගන්න මෙම link එක click කරන්න.

6. නිතරම ඔබේ මුරපදය වෙනස් කරන්න

ගැබිණි මව්වරුනි, අන්තර්ජාලයේ ඡායාරූප බෙදාගන්නේ ප්‍රවේශමෙන්

ගොදුරු සොයන්නන්ට නිදහසේ බෙදා හදා ගන්නා ඡායාරූප සොයා ගැනීමට  නොහැකි වූ විට,   ඔබගේ ගිණුම තුළට  පුද්ගලිකව පිවිසීමට අනවසරයෙන් ඇතුල්වීමට හැකිය.

අතිරේක අරක්ෂාවක් සදහා  සෑම මසකම ඔබේ  මුරපදය වෙනස් කිරීමට වග බලා ගන්න. මෙය වෙනත් තොරතුරු හා ඡායාරූප  ආරක්ෂා කරනු ලබයි.

7. ඔබ සම්බන්ධ වී ඇති කන්ඩායම් ෆිල්ටර් කරන්න (හෝ සම්බන්ධ වී නොමැති)

ඔබ කිසි විටෙක සම්බන්ධ වු බව මතක නැති  කණ්ඩායමක් විසින් ඔබට දැනුම් දීම් එවා තිබෙනවාද? සමහර කණ්ඩායම් ඔබගේ මිතුරන්ගේ  මිතුරන් එයට  එකතු කිරීමට ඔබට ඉඩ සලසයි.

මව්වරුන් බොහෝ  කාර්යබහුල වී ඇති නිසා, ඔවුන් බැඳුණු  කන්ඩායම් මොනවාද හෝ ඔවුන්ගේ කැමැත්තෙන් තොරව එකතු කර ඇති දේ පරීක්ෂා  කිරීම  අපහසු වේ. ඒ නිසා සුපිරි ආරක්ෂාවක් සදහා ඔබගේ සබැඳි කණ්ඩායම් පිරික්සීමට හා ෆිල්ටර් කිරීමට  පුරුද්දක් කරන්න.

මතක තබා ගන්න: ඔබේ ගිණුමේ ඡායාරූපය සැමවිටම පොදු වන අතර වෙනත් සෙවුම් මාර්ග  හරහා එයට පිවිසිය හැකිය.

ඔබේ වැඩෙන පවුල ආරක්ෂා කර ගන්න  අන්තර්ජාලයේ ඡායාරූප බෙදාගැනීම ගැනීමට වු මෙම තොරතුරු ප්‍රයෝජනවත් වන බව අපි බලාපොරොත්තු වෙනවා.

අන්තර්ජාලයේ ඡායාරූප බෙදාගැනීම කරන  මව්වරුනි the Asianparent Sri Lanka මේ ලිපිය ගෙන ආවේ ඔබ වෙනුවෙන්මයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ළමා ආරක්ෂාව
  • /
  • ගැබිණි මව්වරුනි, අන්තර්ජාලයේ ඡායාරූප බෙදාගන්නේ ප්‍රවේශමෙන්
බෙදාගන්න :
  • ගොදුරු සොයන විලෝපිකයන් සමාජ ජාල වල දරුවන්ගේ ඡායාරූප වලින් සොයන්නේ මොනවාද!

    ගොදුරු සොයන විලෝපිකයන් සමාජ ජාල වල දරුවන්ගේ ඡායාරූප වලින් සොයන්නේ මොනවාද!

  • අන්තර්ජාලය තුළ දරුවාගේ පින්තූර වලින් ගොඳුරු සොයන්නන් සොයන්නේ මොනවද?

    අන්තර්ජාලය තුළ දරුවාගේ පින්තූර වලින් ගොඳුරු සොයන්නන් සොයන්නේ මොනවද?

  • ගොදුරු සොයන විලෝපිකයන් සමාජ ජාල වල දරුවන්ගේ ඡායාරූප වලින් සොයන්නේ මොනවාද!

    ගොදුරු සොයන විලෝපිකයන් සමාජ ජාල වල දරුවන්ගේ ඡායාරූප වලින් සොයන්නේ මොනවාද!

  • අන්තර්ජාලය තුළ දරුවාගේ පින්තූර වලින් ගොඳුරු සොයන්නන් සොයන්නේ මොනවද?

    අන්තර්ජාලය තුළ දරුවාගේ පින්තූර වලින් ගොඳුරු සොයන්නන් සොයන්නේ මොනවද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it