ගැබිණි මවක් සුදානම් කර තිබිය යුතු හදිසි කලමනා මල්ල

මේ දේවල් පුංචි පරීක්ෂණ ලැයිස්තුවක් සකස් කරගෙන බෑගය සකස් කරනවා නම් අමතක වීම් වෙන්නේ නැහැ.

යුවතියක් ජිවිතයේ බිරිදක් ලෙස අභිෂේක ලබන අතර ඊලග හීනය මාතෘත්වය වේ. මේ මාතෘත්වය තුලින් ඔබ ගමන් කරනා සුන්දර නමුත් දුෂ්කර වු ගමන් මගේ අමතක නොකල යුතු තැන් බොහොමයක් තියෙනවා.

එයින් එකක් විදියට දරු ප්‍රසුතිය සදහා රෝහලට ගෙන යාමට සකස් කරන බෑගය පෙන්වා දෙන්න පුලුවන්. අම්මාගේ අවශ්‍යතා මෙන්ම පුංචි පැටියාට අවශ්‍ය වෙන දේවල් බොහොමයි. ඒවා එකක් දෙකක් හරි අමතක නොවන්න පුංචි මතක් කිරීමක් කරන්න හිතුවා.

මේ දේවල් පුංචි පරීක්ෂණ ලැයිස්තුවක් සකස් කරගෙන බෑගය සකස් කරනවා නම් අමතක වීම් වෙන්නේ නැහැ.

අත්‍යවශ්‍ය ලියවිලි :

01. මවගේ ගර්භණී පත

02. මවගේ උප්පැන්න සහතිකය හා  හැදුනුම්පත

මවට :

03. චීත්ත 04 (තනි සුදු එකක්ද සහිතව )

04. බෙඩ් ජැකට් 04 ( තනි සුදු එකක්ද සහිතව )

05. ලුප් සහිත සනිපාරක්ෂක තුවා පැකට් 01

06.ඉන වටා ගැට ගැසිය හැකි රෙදි පටියක්

07. හෙයාර් බෑන්ඩ් 02, පනාව

08. සබන්, තුවාය

09. දත්බේට් පැකට් 01, දත් බුරුසු 01

10. සැහැල්ලු සෙරෙප්පු යුගලයක්

11. බ්ලේඩ් 01

12. ෂොපින් කවර 02

13. පිගානක්, කෝප්පයක් ,හැන්දක්

14. තේ කොල, සිනී, කිරිපිටි බෝතල් වල අසුරා

15. කුඩා බිස්කට් පැකට් 01

16. කුඩා උණු වතුර බෝතලයක්

17. වතුර බෝතලයක්

දරුවාට

18. පෙකණි කටු 01

19. කුඩා නැපි      12

20. බේබි ගවුම්    10

21 වුල් තොප්පිය 01 මේස් යුගල 01

22. බබා ඔතන රෙදි  02

23. රබර් ෂීට්  01, ඊට උඩින් එලන රෙදි 06

24. පුළුන් බෝල

25. දරුවා පිසින රෙදි 01

26. කුඩා කොට්ටය

27. රබර් සීට් 01

අමතරව

• නර්සින් බ්‍රා

• බ්‍රෙස්ට් පෑඩ්

ඒ වගේම තමයි අවශ්‍යතාවය අනුව මේ දේවල් බෑග් එකක තැම්පත් කරගන්න. ඒ වගේම පහත දේවල් වෙනම පැක් කරගන්න.

ඔබේ එක් චීත්ත හැට්ට කට්ටලයක්

ඉනවටා බැදිය හැකි රෙදි පටිය

බේබි ගවුමක් හා නැපියක්

දරුවා ඔතන රෙදි 01

වුල් තොප්පිය හා මේස් යුගල

පෙකණි කටු 01

මේ දේවල් ප්‍රසුතියෙන් පසු වහා භාවිතයට අවශ්‍ය වේවි. ඒවා බෑගයේ අතට අසුවෙන තැනක තබාගන්න.

මේ කළමනා මල්ලට ඔබටත් එකතු කල හැකි දේවල් තියෙනවා නම් අපි හා බෙදා ගන්න.

මේ තොරතුරු ආදරයෙන් ඔබට මතක් කරන්නේ theAsianparent Sri Lanka  විසිනි.