ගැහැණු දරුවකු පිළිසිඳ ගැනීමට නම් ලිංගිකව එක් විය යුතු ලිංගික ඉරියව් ගැන දන්නවාද?

මෙන්න අම්මිලාට සුන්දර රහසක් අරගෙන අවා! ගැහැණු දරුවෙකු පිළිසිඳගැනීමට නම් මේ ලිංගික ඉරියව් ගැන දැනකියා ගෙන සැමියාටත් රහසින් කියන්න.

පුංචි කුමාරිකාවක් ලබාගන්නට පෙරුම්පුරන මවක් හෝ පියෙක් නම් ඔබ මේ ලිපිය කියවන්නට නවතින්න ඇති!

ඔව්! මෙය බොහෝ දුරට සාර්ථක ක්‍රමවේදයක් වුවත්, මෙහි කිසිඳු විද්‍යාත්මක සත්‍යතාවක් නැති බවට අනතුරු අඟවන්නට කැමතියි.

නමුත් අත්දැකීම් සහ සමීක්ෂණ තුලින් ලිංගිකව එක් වන ඉරියව් අනුව, ශුක්‍රානු වල සහ දිම්බයේ හැසිරීම තීරණය වන බවත් එමගින් දරුවෙකුගේ ස්ත්‍රී පුරුෂ බව තීරණය වන්නට හැකි බව සොයාගෙන තිබෙනවා.

ඉතින් මේ ලිපිය ඔබ වෙත ගෙන එන්නේ ගැහැණු දරුවකු පිළිසිඳ ගැනීමට එක් විය යුතු ලිංගික ඉරියව් පිළිබඳව ඔබට මග පෙන්වීමක් කිරීම සඳහායි.

ඉතින් මව්වරුනි!! ඔබේ ඉරියව්ව කෙසේ වුවත්, ඉන් ස්ත්‍රී පුරුෂ භාවයට වැඩි බලපෑමක් ඇති වන්නේ නැහැ, මක්නිසාද ඔබේ ඩිම්බ වල කොහොමත් X ක්‍රෝමසෝම අන්තර්ගත බැවිනි.

නමුත් ඔබේ සහකරුගේ ශුක්‍රානු වල X හෝ Y ක්‍රෝමසෝම  අඩංගු විය හැකි බැවින් ඒ මත ඔබ පිලිසින්දගන්නා දරුවාගේ ස්ත්‍රී පුරුෂ අබව තීරණය වනවා.

මේ නිසා ඔබේ X ක්‍රෝමසෝමය Y ක්‍රෝමසෝමයක් හා සංසේචනය වුවහොත් ඔබට පුත්‍ර රත්නයක්ද X ක්‍රෝමසෝමයක් හා සංසේචනය වුවහොත් පුංචි දෝනියක්ද පිළිසිඳ ගැනෙනු ඇත.

ඉතින් ලිංගික ඉරියව් සඳහන් කරන්නට කලින් ඔබ සිහි තබාගත් යුතු තවත් දෙයක් නම් Y ක්‍රෝමසෝම සහිත ශුක්‍රානු වේගවත් පිහිනුම්කරුවන් වන මුත් කෙටි ආයුෂ සහිතය. ස්ත්‍රී ක්‍රෝමසෝම සහිත ශුක්‍රානු අඩු වේගවත් පිහිනුම් කරුවන් මුත් දිගු කාලයක් පුරා රැඳී සිටිති.

මේ අනුව, පහත විස්තර කරන සෑම ලිංගික ඉරියව්වක්ම ස්ත්‍රී බිත්තර සාරවත් කිරීම සඳහා 'ගැහැණු' ශුක්රාණු වෙත වාසි ලබා දෙන ඉරියව් වේ.

ගැහැණු දරුවකු පිළිසිඳ ගැනීම සඳහා ලිංගික ඉරියව්

මිෂනාරි ඉරියව්ව (Missionary position)

ලිංගික ඉරියව්

මෙය විශේෂාකර හෝ විවිධත්වය මුසු ඉරියව්වක් නොවන මුත්, බොහෝ දෙනෙක් ඉරියව්ව තුලින් ගැහැණු දරුවකු පිළිසිඳ ගැනීමේ ප්‍රවනතාව වැඩි කරගනිති.

මෙය පසුපස ඇති න්‍යාය වන්නේ පුරුෂ ලිඟුව යෝනි මාර්ගය තුළට සම්පුර්ණයෙන්ම ඇතුළු වීම මෙම ඉරියව්ව මගින් මදක් සිමා වන නිසා ශුක්‍රානුවට මෙය වැඩිපුර වාසි සහගතය.

ස්ත්‍රී ශුක්‍රානු පිහිනීමේ වේගය අඩු වන අතර පුරුෂ ශුක්‍රානු වලට වඩා ආයු කාලයක් ඇත.

ඉහත කි පරිදි ලිංගික සසේචනය සීමා වීම තුලින් පුරුෂ ක්‍රෝමසෝම සහිත ශුක්‍රානු ඩිම්බයට ලඟා වීමට කලින් විනාශ විය හැකි බැවින් ස්ත්‍රී ශුක්‍රානුව ඩිම්බය සමඟ සංසේචනය වී ගැහැණු දරුවෙකු පිළිසිඳ ගැනීමට උපකාර කරයි.  

ගුද ලිංගික ඉරියව්වක් වන හැඳි ඉරියව්ව (Spooning position)

ලිංගික ඉරියව්

සැමියා සහ බිරිඳ මේ ඉරියව්වෙන් එකතු වීම සඳහා දෙදෙනා පැත්තට හැරිය යුතු අතර සැමියා ඔබේ පසුපසින් සිට එකතු වනු ඇත. ලාච්චුවක තැබූ හැඳි දෙකක් බඳු නිසා මෙය හැඳි ඉරියව්වුව ලෙස හැඳින්වේ.

ඉහත කි මිෂනාරි ඉරියව්ව ලෙසම ඔබගේ දෙපා අවහිර වීම නිසා සැමියාට මුළුමනින් ඇතුළු වීමේ ඉඩකඩ ඇහිරෙනු ඇත. මේ නිසා ශුක්‍රානු වලට වැඩි දුරක් ඩිම්බය කරා යා යුතු බැවින් මගදී ආයුෂ කෙටි බැවින් විනාශ වේ.

කෙසේ වෙතත් ස්ත්‍රී ශුක්‍රානුව ඩිම්බය සමඟ සංසේචනය වී ගැහැණු දරුවෙකු පිළිසිඳ ගැනීමට ඇති ප්‍රවනතාව වැඩි කරනු ඇත.

ස්ත්‍රිය උඩ සිටින ඉරියව් (Woman on top)

ලිංගික ඉරියව්

මෙම ඉරියව්ව ගැහැණු දරුවෙකු මෙන්ම පිරිමි දරුවකු පිළිසිඳගැනීමටද උපකාර කරයි. මෙහි සිහි තබාගත යුතු ප්‍රධාන කරුණ වනුයේ පුරුෂයා තමන් තුලට ඇතුළු වන ගැඹුර පාලනය කිරීමේ හැකියාව කාන්තාව මත රැඳී ඇති වීමයි.

මේ නිසා ගැහැණු දරුවෙකු පිළිසිඳ ගැනීමට නම් කාන්තාව අඩු ගැඹුරක් දක්වා පුරුෂයාට ඇතුළු වීමට සැලැස්විය යුතු අතර පිරිමි දරුවකු පිළිසිඳ ගැනීමට නම් පුරුෂයාට මුළුමනින්ම ඇතුළු වීමට ඉඩ හරිය හැක.

අවසාන වශයෙන් කිව යුතු වැදගත් කරුණක් නම් ගැහැණු දරුවෙකු පිළිසිඳ ගැනීමට නම් කාන්තාවන් තෘප්තියට පත් වීමෙන් වලකින ලෙස නිර්දේශ කෙරෙනවා.

මෙයට හේතු වන්නේ තෘප්තියට පත්වීමේදී කාන්තාවකගේ යෝනි මාර්ගය වඩාත් භාෂ්මික වන බැවින් එය පුරුෂ ශුක්‍රානු වලට වැඩි වාසි ගෙන දෙන බැවිනි. ස්ත්‍රී ශුක්‍රානු වලට ආම්ලික තරලය වඩාත් වාසිදායක වේ.

ඉතින් මේ කාරනා ගැන දැනුවත් වීම මගින් පිළිසිඳ ගන්නා දරුවාගේ ස්ත්‍රී පුරුෂ බව යම් දුරට තීරණය කරන්නට  ඔබේ ලිංගික එක්වීම තුලින්ම ඔබට පුළුවන් වනු ඇත.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලූෆ පෙරේරා