theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පාසලේ ගුරුවරුන් සමග දරුවාට ගැටළු ඇති දැයි දැනගන්නේ කොහොමද?

4 අවම කියවීම
පාසලේ ගුරුවරුන් සමග දරුවාට ගැටළු ඇති දැයි දැනගන්නේ කොහොමද?පාසලේ ගුරුවරුන් සමග දරුවාට ගැටළු ඇති දැයි දැනගන්නේ කොහොමද?

ඔබට මෙවැනි ගැටළුවක් දැනුනොත් හෝ එවැනි ගැටළුවක් දැනගත හැක්කේ කෙසේදැයි මේ ලිපිය කියවා දැනුවත් වෙන්න පුළුවන්.

හුඟක් වෙලාවට ළමයින්ට විවිධ හිරිහැර නිසා පාසල එපා වෙනවා. එය මිතුරන් නිසා හෝ ගුරුවරුන් නිසාත් වන්නට පුළුවන්. එවිට ගුරුවරුන්ගේ උදව්ව අපි අපේක්ෂා කරනවා.

නමුත් ඔබේ දරුවාට මිතුරන්ගේ නොව ගුරුවරුන් සමග ගැටළු ඇතැයි සිතෙන්නේ නම් ඔබ කළයුත්තේ කුමක්ද?

ඊට පෙර මේ සමීක්ෂණයේ තොරතුරු ගැන ටිකක් කියවා බලන්න.

"මගේ පුතාගේ පාසලේ ඔවුන්ගේ හැසිරීම නරක් වුනොත් ගුරුතුමිය දෙමාපියන්ට ඒ බව කියා සටහනක් එවනවා. මගේ අවුරුදු 5ක් වයස පුතාගේ වර්තාවන් වලත් එවැනි දේ තිබුනත් එක් ගුරුවරියක් පමණක් සතුටු දායක වාර්තාවන් දෙනවා. නමුත් දරුවාට පාසලෙන් පසු සිදුවන සමහර අඩත්තේට්ටම් අපහසුතාවයට පත්වන විහිළු වැනි දේවල් ගැන කිසිදු සටහනක් එවන්නේ නැහැ.

තවත් දිනෙක මගේ අම්මා ඔහුව පාසලෙන් නැවත ගන්න විටත් ඔහුගේ උරහිසට තවත් ළමයෙක් ගහනවා දැකලා තිබුණා. දරුවා ඒ බව ගුරුතුමියට කියන්නට ගියත් ඒ ගැන ප්‍රතිචාරයක් ලැබී තිබුණේ නැහැ. මේ ගැන මම පාසලේ උපදේශකවරියට පැවසූ අතර දරුවාගේ වැරදි පිළිබඳ වාර්තාවන් එව්වත් ඔහුට එන පීඩාවන් ගැන පිළියම් නොලැබෙන්නේ ඇයි දැයි අසා බැලුවා. එම සාකච්ඡාවෙන් පසු නැවත මට වාර්තාවන් ලැබුණේ නැහැ."

ඉතින් පාසලේදී ඔබේ දරුවාට ගුරුවරිය සමග අපහසුතාවයන් ඇති බව දැනගත් විට කළ යුත්තේ කුමක්ද?

මේ පිළිබඳ මනෝ උපදේශක වෛද්‍ය ස්ටුවට් ටම්ලෝ විසින් වසර ගණනකට පෙර අධ්‍යනය කර තිබුණා. The  International Journal of Social Psychiatry නම් කෘතියේ ඒ පිළිබඳ සඳහන් කර තිබුණා. ඔහුට අනුව මෙය පොදු ගැටළුවක් වී ඇති බව විශ්වාසයි.

මෙලෙස දරුවන් අනෙක් සිසුන් ඉදිරියේ අපහසුතාවන්ට සමච්චලයට ලක් කිරීම දඬුවමක් ලෙස ඇතැම් ගුරුවරු යොදාගන්නා බව ඔහු කියනවා. ඔහු මෙහිදී ගුරුවරුන් විවේචනය නොකළත් ඇතැම් ගුරුවරුන් අතරින් එවැනි දේ සිදුවෙන බව විශ්වාසයි.

ගුරුවරුන් දරුවන් සමච්චලයට පත්කරන්නේ ඇයි?

WebMD හි වෛද්‍ය විශේෂඥයින්ට අනුව විවිධ හේතු මත මෙය සිදුවන බව හැඟෙනවා.

  • සිසුන් ඔවුන් අකමැති ළමයෙකු ගැන මතක් කළ විට.
  • ආත්ම විශ්වාසය අඩු ගුරුවරුන් සමහර අවස්ථාවන් වල ක්‍රියා කරන ආකාරය අනුව.
  • සමහර පාසල් වල සිසුන් ගුරුවරුන්ට සමච්චල් කිරීම පිටුපෑමට ගුරුවරුන්ද පෙරලා එසේ කිරීම.
  • සමහර අය දරුවන්ගේ මානසිකත්වයෙන් හැසිරීම.

වෛද්‍යවරයා මෙවැනි ගුරුවරුන් කණ්ඩායම් දෙකකින් දක්වනවා. එක් ගුරුවරුන් කණ්ඩායමක් ඉන් සතුටට පත්වෙන අය ලෙස ඔහු හඳුන්වනවා. දරුවන්ට මානසිකව රිදවීම හාස්‍යට ලක් කිරීම මගින් ඔවුන් තෘප්තියක් ලබනවා. මෙවැනි ගුරුවරුන්ගේ ලක්ෂණ ගණනාවක් නම් කරන්න පුළුවන්. මෙවැනි ගුරුවරුන් නිතර පැමිණීම අතපසු කරන අතර ඔවුන්ගේ චෝදනා විදුහල්පතිවරු දක්වා ගෙන යනවා.

රැචල් ටැම් නම් සායනික මනෝ වෛද්‍යවරයාගෙන් අපි මේ ගැන විමසා සිටියා.

දරුවන්ට ගුරුතුමිය සමග ගැටළු ඇතැයි හඳුනාගන්නේ කෙසේද? ඉඟි හා ලක්ෂණ මොනවද?

දරුවා ඒ ගැන කිව්වේ නැත්නම් එය සොයා ගැනීම අපහසුයි. එවැනි දරුවන් හා ගුරුවරුන් එක්ව කටයුතු කරන අවස්ථාවන් ගැන අවධානය දැක්වීම වැදගත් වෙනවා.

  • ශාරීරික ලක්ෂණ - ගුරුවරයා ළඟට යන විට හෘද ස්පන්දනය වැඩි වීම, බියට පත්ව සිටීම, හිසේ කැක්කුම, හුස්ම ගැනීමේ අපහසුතා.
  • හැසිරීම් වල වෙනස්කම් - ඇඬීම, දිව යාම, පාසලට ගිය පසු අකමැත්තෙන් සිටීම, අවධානය යොමු නොකිරීම, පාසල තුළ කටයුතු වල කුසලතා නොපෙන්වීම.

මෙවැනි තත්වයකට දරුවා මුහුණ දෙනවා නම් ඔබ ඔහුට උදවු කරන්නේ කොහොමද? ඔබ අසන ප්‍රශ්න මොනවද?

දරුවා දැනටමත් ඒ ගැන ඔබට කියා ඇත්නම් එවැනි තවත් පීඩනයක් දිය යුතු නැහැ.

  • නමුත් ඔබට ඒ ගැන උදවු ගැනීමට පහසු ප්‍රශ්න පාසල පිළිබඳ, ඔහුගේ හොඳම මිතුරන් ගැන, ගුරුවරුන් ගැන අසන විට අදිමදි කරනවා නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න.
  • ඔවුන් සමග නිර්මාණයක් කරන්න ආරම්භ කරන්න. ඔවුන් කැමති අකමැති දේ ඒ හරහා අසා ගන්න.
  • ඔවුන්ට කියවීම ලිවිමට හැකි වයසක ඇත්නම් ඔබට ඇති ප්‍රශ්න ලැයිස්තුව ලියා ඔවුන්ට දෙන්න. ඊට පිළිතුරු කල්ගෙන ඔබට කියන්නටත් අවස්ථාවක් දෙන්න.

මේ ගැන දරුවා ඔබට කියන්නේ නැතිනම් ඔවුන්ව ඊට බලහත්කාරයෙන් යොමු කරනවාට වඩා ආරක්‍ෂිත වටපිටාවක් සලසා දෙන්න. නිතරම ඔවුන්ට ඔබ සමග කතා කිරීමට නිදහස, කාලය, ඉඩකඩ වෙන්කර ගන්න.

ඔවුන් සමග ක්‍රියාකාරකම් වල යෙදෙමින් උදවු අවශ්‍ය තැන, පාසලේදී උදවු ලබාගත හැකි ආකාර ගැන කතා කරන්න. සමහර සමාන කම් ඇති අවස්ථාවන් උදාහරණ ලෙස ගනිමින් ඔවුන් සමග කතා කරන්න.

දරුවා සමග කතා කිරීමෙන් ඔබටත් මෙවැනි අත්දැකීම් වලට මුහුණ දීමට ජීවිතයේ සිදුවී ඇති බවත්, ඔබ ඒවාට මුහුණ දෙමින් ඒවා විසඳා ගත් ආකාරය ගැනත් දරුවාට කියන්න. දරුවාට මිතුරෙකුට කතා කරන ආකාරයෙන් කතා කරන්න මෙවැනි අවස්ථාවන් වල උත්සාහ කිරීම වැදගත්.

ඒ වගේම මෙවැනි අවස්ථාවක ඔහු විසින්ම ඊට පිළියම් යොදන්නට දන්නේ දැයි අසා ඊට ඔහුට අවස්ථාව දෙන්න. ඒ වගේ තත්වය බරපතල නම් ගුරුවරයා සමග මේ ගැන කතා කිරීමට එළඹීම වැදගත්. ඒ වගේම ගුරුවරයා සමග මෙය කෙලින්ම කතාකළ නොහැකි නම් පාසල පිළිබඳ ආකල්පය හා දරුවන්ගේ හැසිරීමේ වෙනස්කම් පෙන්වා දෙමින් ගුරුවරයාගේ මතය ඔබට අහන්න පුළුවන්.

මේ මගිනුත් හොඳ තත්වයට පත්වන්නට බැරිනම් ඊට ඉහළ පාසලේ ගුරුවරයෙකුට මෙය යොමු කිරීම කළ යුතු වෙනවා. ඒ වගේම එහි රහස්‍ය භාවය රැකීම පිළිබඳවත් එම නිලධාරීන්ගෙන් අසා දැනගැනීම වැදගත්.

ඔබ වෘත්තීමය දැනුමක් ඇති අයෙකුගේ උපදෙස් පැතිය යුත්තේ කොයි අවස්ථාවේද? එසේ නම් ඒ කවුද?

පාසල සමග දිනයෙන් දිනයම කතා කිරීමෙන් ප්‍රතිඵලයක් නොලැබෙන්නේ නම් වෙනත් උපදෙස් ගැනීම කරන්න පුළුවන්. තත්වය බරපතල නම් වෙනත් පාසලකට දරුවා මාරු කිරීමට උත්සාහ කිරීම වැදගත්. නමුත් මේ තීරණය ගැනීමේදී දරුවාගේ කැමැත්තද සලකා බැලීම වැදගත්.

දරුවන්ට මේ ගැටලුව නිසා වන බලපෑම අධ්‍යාපනයටත්, ජීවිතයටත් දැඩි බලපෑම් ඇති කරන්නේ නම් සුදුසුකම් ලත් මනෝ වෛද්‍ය උපදෙස් හා නීති උපදෙස් පැතීම ඔබට කරන්න පුළුවන්. ඉන් ඉතා සාමකාමී ලෙස තත්වය සමථයකට පත්කර ගත හැකි උත්සාහයන් තෝරා බේරා ගැනීම ඔබේ වගකීමක්.

 theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

 

img
Written by

Nalika Unantenne

  • Home
  • /
  • වර්ධනය
  • /
  • පාසලේ ගුරුවරුන් සමග දරුවාට ගැටළු ඇති දැයි දැනගන්නේ කොහොමද?
බෙදාගන්න :
  • තාත්තායි දුවයි මේ ආදරයයි: ඉස්කෝලේ යන්න බෑ!

    තාත්තායි දුවයි මේ ආදරයයි: ඉස්කෝලේ යන්න බෑ!

  • ඔබේ දරුවන්ට කරුණාවන්ත වීමට ඉගැන්වීමට ක්‍රම 20ක්

    ඔබේ දරුවන්ට කරුණාවන්ත වීමට ඉගැන්වීමට ක්‍රම 20ක්

  • තාත්තායි දුවයි මේ ආදරයයි: ඉස්කෝලේ යන්න බෑ!

    තාත්තායි දුවයි මේ ආදරයයි: ඉස්කෝලේ යන්න බෑ!

  • ඔබේ දරුවන්ට කරුණාවන්ත වීමට ඉගැන්වීමට ක්‍රම 20ක්

    ඔබේ දරුවන්ට කරුණාවන්ත වීමට ඉගැන්වීමට ක්‍රම 20ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it