theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගෙදරදීම පටන් ගන්නා ඔබේම ව්‍යාපාරය ඔප් නංවා ගන්නේ මෙහෙමයි

4 අවම කියවීම
ගෙදරදීම පටන් ගන්නා ඔබේම ව්‍යාපාරය ඔප් නංවා ගන්නේ මෙහෙමයිගෙදරදීම පටන් ගන්නා ඔබේම ව්‍යාපාරය ඔප් නංවා ගන්නේ මෙහෙමයි

පසුගිය දිනෙක පල කල ලිපියකින් ගෘහණියකට සීමා නොවී ගෙදරදීම තමන්ගේ ව්‍යාපාරයක් (ස්වයං රැකියා) අරඹන අයුරු අප සාකච්චා කලා. මෙයට බොහෝ හොඳ ප්‍රතිචාර ලැබුණු නිසාත්, අප එලෙස බෙදා ගත් කරුණු තව දුරටත් විස්තර කරන්නට පොරොන්දු වූ නිසාත්, නිවසේ සිට ඔබේම ව්‍යාපාරයක් ඇරඹීමට බලාපොරොත්තු වන්නේ නම් ඊට බොහෝ උපකාරී වන කරුණු කිහිපයක් අදත් ඔබ වෙත ගෙනහැර පෑමට මා අදහස් කළා.

ස්වයං රැකියා

ස්වයං රැකියා

ඔබට එම ලිපිය මග හැරුනේ නම් මෙතනින් එය කියවා ඒමෙන් ඔබට මේ කරුණු පහසුවෙන් උකහා කරගත හැකි වේවි.

ඉතින් මේ වන විට ඔබ පටන් ගන්නා ව්‍යාපාරය කුමක්ද යන්න ගැන ඔබ තීරණයකට විත් ඇති වන්නට පුළුවන්. ඔබේ ව්‍යාපාරය තීරණය කිරීමෙන් අනතුරුව මෙය ඔබට සුදුසුම ව්‍යාපාරයදැයි තීව්‍ර කර ගැනීමට:

  •  මෙය මගේ හැකියාවන් හා ගුණාංග ඉස්මතු කරන්නේද?
  • මෙම ව්‍යාපාරය කේන්ද්‍ර වන්නේ මගේ නිපුණතාවන් මුල් කරගෙනද?
  • මා සපයන්නට බලාපොරොත්තු වන භාණ්ඩ හෝ සේවාව සඳහා පුළුල් අවශ්‍යතාවක් සමාජයේ පවතීද?
  • මෙම ව්‍යාපාරය මට ඉමහත් සතුටක් ගෙන දෙන්නක් වේද?

වැනි සුළු ප්‍රශ්ණ කිහිපයක් ඔබගෙන්ම අසා බලන්න. මේවා සියල්ලකටම ඔබට “ඔව්” කියා පිළිතුරු දිය හැකි නම් ඔබට දැන් ඔබේ ව්‍යාපාරය දියත් කිරීමේ ඊළඟ අධියරට ගමන් කරන්නට පුළුවන්.

ස්වයං රැකියා

ඔබේ ස්වයං රැකියාව/ව්‍යාපාරය දියත් කිරීමට ප්‍රථම අනිවාර්යයෙන් පිලිපැදිය යුතු කරුණු කිහිපයක් පහත දක්වමු

1. ව්‍යාපාර විෂය පිලිබඳ මනා අධ්‍යයනය

ව්‍යාපාරය පිළිබඳව ඉතා හොඳ අධ්‍යයනයක යෙදීම ඉතාම වැදගත්යි. ඔබට මේ සම්බන්දයෙන් යම් පල පුරුද්දක් තිබේ නම් මෙම අධ්‍යයනය කරන කාලය සාපේක්ෂව කෙටි කාලයක් විය හැකියි. නමුත් මෙම විෂයට ඔබ අලුත් නම් ඒ සම්බන්ධයෙන් ඔබ මනා අධ්‍යයනයක යෙදිය යුතු වෙනවා. මෙයට ගත වන කාලය ඔබ දියත් කරන ව්‍යාපාරය අනුව වෙනස් විය හැකියි.

ඇතැමෙක් තමන්ගේ විනෝදාංශයක් ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරනවා විය හැක. තවත් විටක සම්පුර්ණයෙන් වෙනස් විෂයක් කෙරෙහි ඇදෙනවා විය හැක. අදාල විෂය, නියමිත ක්‍රමවේදය යනාදිය පිලිබඳ මන අවබෝධයක් ඇති කර ගැනීමෙන් ඔබට ආත්ම විශ්වාසයෙන් යුතුව ව්‍යාපාරයට ප්‍රවිෂ්ට විය හැකි වනවා.

 

2. පාරිභෝගික අවශ්‍යතා හා දැනට පවතින හිදැස් අධ්‍යයනය කිරීම

ස්වයං රැකියා
ඔබේ ව්‍යාපාරයේ පැවැත්ම, දියුණුව හා සාර්ථකත්වය රඳා පවතිනුයේ ඔබේ පාරිභෝගිකයින් මතයි. ඔබේ හැකියා, කුසලතා පෙරදැරි කරගෙන මේ ගමන ඇරඹුවද ඔබේ භාණ්ඩ/සේවා පාරිභෝගික ඉල්ලුමට අනුගත කරන ආකාරය සලක බැලිය යුතුය. මේ සඳහා විවිධ වෙළඳපළ පර්යේෂණ ක්‍රම භාවිත කර පාරිභෝගික අවශ්‍යතා, හිඩැස් මෙන්ම විවිධ මනාපද අධ්‍යයනය කල හැක.

 

3. ඔබේ දිගු කාලින හා කෙටි කාලීන අරමුණු ලිඛිතව සටහන් කරගන්න.

ඔබේ දිගු කාලින හා කෙටි කාලින සැලසුම් ප්‍රවේසමෙන් අධ්‍යයනය කර හැකි තරම් විශේෂිත හා පැහැදිළි අයුරින් සටහන් කර ගන්න. මේවාට ප්‍රයෝගි කාල සිමාවන් වෙන් කර දෙන්න. මනසේ ජනිත වන අදහස් විශ්ලේෂණය කර ලේඛනගත කිරීමෙන් අරමුණු පැහැදිලි වන අතර ඒවා සාක්ෂාත් කර ගැනීම පහසු වනවා. එවිට එහි සාර්ථකත්වය හා ප්‍රගතිය අවබෝධ කර ගැනීම පහසු වනවා.

 

4. ඔබේ ව්‍යාපාරික දැක්ම ලේඛනගත කර එය නෙත ගැටෙන ස්ථානයක තබා දිනපතා විනාඩි කිහිපයක කාලයක් ඒවා ගැන මෙනෙහි කරන්න.

මෙය තවත් සාර්ථකව කර ගැනීමට ඔබට අවශ්‍ය නම් ව්‍යාපාර වලට උපකාර කරන උපදේශකයෙක්ගේ සේවාවන් ලබා ගන්න. අප ග්‍රේට් ඉම්ප්රේෂන්ස් ආයතනය තුලින් එවන් සේවා සපයනවා.

 

5. ස්වයං රැකියා සඳහා පැහැදිලි ව්‍යාපාර දැක්මක් සකස් කර ගන්න.

ව්‍යාපාරයට අවශ්‍ය ඉහත කාරණා කලක බලා මීළඟට කෙරිය යුත්තේ ව්‍යාපාරය තුළ ඔබේ දැක්ම හෝ අරමුණු ප්‍රකාශණය ස්ථාපිත කිරීමයි. ඉංග්‍රීසි බසින් මෙයට Vision යැයි කියවෙනවා.

ඔබේ ව්‍යාපාර ගමන් මගේ සාර්ථකත්වය දැන ගැනීම සඳහා ව්‍යාපාරයේ ගමන් මග ගැන දැක්මක් තිබිය යුතුයි. දැක්මක් නොමැතිව යන ගමන අපැහැදිළි වන නිසා එම ගමනේ ප්‍රගතියක් ඇත්දැයි කියාවත් දැන ගැනීමේ හැකියාව අඩු වනවා. අරමුණක් කරා යන ගමන මිට වෙනස්. එය රසවත් මෙන්ම ප්‍රභෝධමත් වන්නේ ප්‍රගතියක් සහිත ගමනක් ලෙස ඵලදායී ප්‍රතිපල ලබා දෙන නිසා.

අරමුණු ප්‍රකාශණය යනු ඔබ ව්‍යාපාරයේ මුලික හරය, ප්‍රතිපත්ති හා භාණ්ඩ හෝ සේවා පිළිබඳව පේළියකින් හෝ දෙකකින් කියවෙන බලවත් ප්‍රකාශනයක්. මෙය මුද්‍රණය කර නෙත ගැටෙන තැනක තැබීමෙන් ඔබට හා ඔබ සේවකයන්ට ක්ෂණයකින් ඔබගේ මුලිකකර්යභාරය හා ඒවායේ අරමුණ කියා පනවා.

නිවැරදි දැක්මක් තුළින් ඔබට සාර්ථක ව්‍යාපාරයකට මං පැදීමට මට හැකි වුවා නම් මහත් සතුටකි. මේ ලිපියේ සාර්ථක ඉලක්ක පිළියෙළ කර ගැනීම සම්බන්ධයෙන් ඔබට කියා දීමට, තවත් කොටසක් සතියේ ලිපියක් තුළින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.

 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • මව්පදවිය
  • /
  • ගෙදරදීම පටන් ගන්නා ඔබේම ව්‍යාපාරය ඔප් නංවා ගන්නේ මෙහෙමයි
බෙදාගන්න :
  • ආදර පුතුනේ...

    ආදර පුතුනේ...

  • ඔබේ දරුවන් වම් පැත්තට වඩා ගැනීම ගැන අධ්‍යනයක් කියන කථාව

    ඔබේ දරුවන් වම් පැත්තට වඩා ගැනීම ගැන අධ්‍යනයක් කියන කථාව

  • ආදර පුතුනේ...

    ආදර පුතුනේ...

  • ඔබේ දරුවන් වම් පැත්තට වඩා ගැනීම ගැන අධ්‍යනයක් කියන කථාව

    ඔබේ දරුවන් වම් පැත්තට වඩා ගැනීම ගැන අධ්‍යනයක් කියන කථාව

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it