ගෙදරදීම නටෙලා (Nutella) හදාගන්න හරිම ලේසි රෙසිපි එකක්

එක පාරක් මේ විදිහට ගෙදරදීම නටෙලා හදාගත්තොත් අයිත් නම් කඩෙන් නටෙලා ගන්න ඔබ හිතන එකක් නැහැ.

වයස් භේදයක් නැතිව නටෙලා කාගේත් රසවත් කෑමක්. රසවත්, කටට රසට දැනෙන තැවරුම ඕනෑම දෙයක තවරලා කන්න පුළුවන්. මගේ මල්ලි නටෙලා කෙසෙල්ගෙඩි එක්කත් කනවා. මම පොටෙටෝ චිප්ස් එක්කත්  නටෙලා කනවා. ඒ රස නම්..... විස්තර කරන්න බැහැ.

ආයිත් මාතෘකාවට ආවොත් නටෙලා කාගේත් ප්‍රියතම කෑමක්. හුඟක් වෙලාවට නටෙලා නරක කෑමක් ලෙස කිසිම තැනක වාර්තා වෙනවා මම අහලා නැහැ. ඉතින් මගේ දරුවන්ට හොඳම දේ දෙන්නයි මට උවමනා කරන්නේ. ඒ වගේම අම්මා කෙනෙක් විදිහට අන්තර්ජාලයේ එන හැමදේම මම ඔලුවට දාගන්නේ නැහැ.

මම මේ රෙසිපි එක හොයා ගත්තහම මගේ දුලාගෙන් ශීතකරණයේ නටෙලා තවදුරටත් හංගගෙන ඉන්න ඕනා වෙන්නේ නෑ කියලා හිතුනා. මේ වට්ටෝරුවේ ජාති 6-7 ක් තියෙනවා වගේම කිසිම රසඛාරකයක් අඩංගු නැති නිසාත් අනෙක් අතට හරිම ඉක්මනට හදාගන්න පුළුවන් නිසාත් මේක අපූරුයි කියලා ඔබට හිතේවි.

ගෙදරදීම නිව්ටෙලා හදාගන්න අවශ්‍ය ද්‍රව්‍ය

  • රෝස් කරන ලද හේසල් නට් කෝප්ප 1ක්
  • මිලක් චොක්ලට් අවුන්ස 12 ක්
  • කැනෝලා ඔයිල් තේ හැඳි 2 ක්
  • පැණි රස කැමති පරිදි
  • කොකෝ පවුඩර් තේ හැඳි 1 ක්
  • වැනිලා කුඩු තේ හැඳි 1/2
  • ලුණු තේ හැඳි 3/4

සාදාගන්න ආකාරය

  • රෝස් කරගත් හේසල් නට් වල පොත්ත හැරීමට රෙදි කැබැල්ලක ඔතා රෝල්කර ගන්න.
  • චොක්ලට් ටික මයික්‍රෝවේ එකේ තත්පර 30 ක් පමණ ආරක්‍ෂිත බඳුනක දමා රත්කර ගන්න. මෘදු චොක්ලට් දියරයක් හැදෙන තුරු තබා සිසිල් වෙන්න හරින්න.
  • මෘදු තැවරුමක් වන තුරු හේසල් නට් ටික ග්‍රයින්ඩරයක දමා පොඩි කරගන්න.
  • තෙල්, ලුණු, පැණි, කොකෝ පවුඩර් හා වැනිලා කුඩු මෘදු ලෙස මුසු කරගන්න.
  • හොඳින් මිශ්‍ර වූ පසු පැණි රස ඇති දැයි බලන්න.
  • මිශ්‍රණයට දියකරගත් චොක්ලට් එක් කර හොඳින් මිශ්‍ර කර සිසිල් වන්නට හරින්න.
  • පිරිසිදු භාජනයක තබා සති දෙකක් පමණ කෑමට ගන්න තබාගන්න ඔබට පුළුවන්.

දැන්ම ගිහින් නටෙලා හදලා බලන්න. දැන් හංඟ හංඟා කන්නේ නැතිව ඇතිවෙනකන් කන්න. පස්සේ රස ගැන අපිට කියන්න. theAsianparent Sri Lanka  ඔබේ හොඳම මිතුරිය මේ රස රහස ඔබට ගෙන ආවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි. 

කතෘ: මිනෝලි අල්මේදා; පරිවර්තනය: නිසංසලා ලියනගේ