ගෙදර තියෙන අඩුම කුඩුම වලින් තම පුතුට ක්ලේ (Play Doh) හදා දුන් අපූරු අම්මා කෙනෙක්

lead image

මේ අපූරු ක්ලේ රෙසිපි එක ඔබේ දරුවන් සමඟ එක් වී ගෙදරදීම හදා ගන්න.

මාපියන්ට දරුවන් හා සෙල්ලම් කිරීම සමහර වෙලාවල් වල බොහෝ අපහසු වන්නේ ඇතැම් විට ඔවුන් හා මොනවා සෙල්ලම් කරන්නදැයි හිතා ගන්න බැරුව. නමුත් අපේ සමහර නිර්මාණශීලි මවුවරුන්ගේ අපූරු අදහස් වලින් අපටත් පණිවුඩයක් ගන්න පුළුවන්. මේ ලිපිය ලියන්නේ ගෙදර පහසුවෙන් හොයා ගත හැකි අමුද්‍රව්‍ය වලින් තම පුතුට කලේ හදා දුන් අම්මා කෙනෙක් ගැනයි.

ඇය චමාලි. මේ අදහස අනෙක් මවුවරුන් සමඟ ඇය බෙදා ගන්නේ මහත් සතුටින්. ඉතින් චමාලිගේම වචන වලින් පොඩි පුතාට දූට ක්ලේ හදන හැටි පහත දක්වමු.

“පුතාට මම ර්යේ ක්ලේ හදලා දුන්නා.මුලු දවසම පුදුම විදියට ඉතිං බිසී.කඩෙන් ගෙන්නලා තමයි හැමදාම ප්ලේ ඩෝ ( play doh) එක්ක සෙල්ලම් කරන්නේ.ඒත් මම මෙහෙම ඉද හිට හදලා දෙනවා.එයා නම් පුදුම ආසායි.

හැබැයි ගේ විනාසයි එහෙමයි කියලා ඒ සතුට නැති කරන්න බෑනේ.මුලු දවසම සෙල්ලම් කරාට පස්සේ මම ඔක්කොම අයින් කරලා පිරිසිදු කරා.හැබැයි එයා පුදුමාකාර සතුටින් එක එක දේවල් හැදුවා.කැමති අම්මා කෙනෙක් ඉන්නවා නම් ඉද හිට හෝ මෙහෙම හදලා දීලා බලන්න.එයාලා සතුටු වෙන හැටි.”

ක්ලේ (play doh) හදමු

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි කෝප්ප 1
ලුනු කුඩු (කැට එපා ) කෝප්ප 1/2
තෙල් මේස හැදි 2
වතුර කෝප්ප 1
කැමති වර්ණ ( මං ගත්තේ කෑමට දාන කලරින්. පොඩි දරැවෝ මේවා සමහර වෙලාවට කටේ දාගන්න වනේ.)මේ හැම දේම එකම කෝප්යකින් මැනලා දෙන්න.

ගෙදර තියෙන අඩුම කුඩුම වලින් තම පුතුට ක්ලේ (Play Doh) හදා දුන් අපූරු අම්මා කෙනෙක්

 

සාදන ක්‍රමය

1. භාජනයක් ගෙන පිටි, ලුනු ,තෙල්, වතුර දමා හොදින් හැදි ගාන්න. දැන් උකු මිශ්‍රනයක් ඔබට ලැබේවි.

2. ඉන් පසු භාජනය ලිප තබා මේ මිශ්‍රනය නොනවත්වා හැදි ගාන්න.දැන් ඔබට පෙනෙයි පිටි සියල්ල එකට එකතු වී තියෙන අයුරැ.

ගෙදර තියෙන අඩුම කුඩුම වලින් තම පුතුට ක්ලේ (Play Doh) හදා දුන් අපූරු අම්මා කෙනෙක්

3.දැන් ලිපෙන් ඉවතට ගන්න. ටිකක් නිවුන පසු භාජනයෙන් පිටතට ගෙන අතින් හොදින් අනන්න.

4. දැන් ක්ලේ එක හරි.ඔබට කැමති කෑලි වලට කඩා වර්න දමා නැවතත් හොදින් අනා ගන්න. දැන් ක්ලේ එකෙන් සෙල්ලම් කිරිමට පුලුවන්.

ගෙදර තියෙන අඩුම කුඩුම වලින් තම පුතුට ක්ලේ (Play Doh) හදා දුන් අපූරු අම්මා කෙනෙක්

 

5. මේ දුන්න ප්‍රමානයට වඩා වැඩියෙන් මම හැදුවේ.සාමාන්‍යයෙන් මම උඩින් ලියපු ප්‍රමානය හොදටම ඇති.

6. මීළඟට පුතාගේ play doh කටර් සෙට් එක අරන් ඒවායින්ද හැඩ තල කැපුවා.

ගෙදර තියෙන අඩුම කුඩුම වලින් තම පුතුට ක්ලේ (Play Doh) හදා දුන් අපූරු අම්මා කෙනෙක්

මේ ලිපිය අපට එවූ චමාලිට ගොඩක්ම ස්තුතියි. මේ කලේ රෙසිපි එක අදම ඔබේ පොඩි අය සමඟ එක් වී හදයි කියා අප විශ්වාස කරනවා.

ක්ලේ

ඔබත් ඔබේ දරුවන් සමග නිර්මාණශීලි, විනෝදජනක ක්‍රියාකාරකම් වල යෙදෙනවා නම් අනික් මවුවරුන් හා බෙදා ගන්න අපට ලියා එවන්න.

Written by

Niloufer Perera