theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගොඩාක් බබාලා පියාට වඩා මවට කැමති ඇයි?

2 අවම කියවීම
ගොඩාක් බබාලා පියාට වඩා මවට  කැමති ඇයි?ගොඩාක් බබාලා පියාට වඩා මවට  කැමති ඇයි?

බොහෝ කුඩා දරුවන් පියාට  වඩා මවට සමීප වීමේ නැඹුරුතාවක් දක්වනවා. මෙහෙම වෙන්නේ ඇයි? පියවරුන්ට  තම දරුවන් සමග සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න මොනවාද කරන්න පුලුවන් ?

බොහෝ කුඩා දරුවන් පියාට  වඩා මවට සමීප වීමේ නැඹුරුතාවක් දක්වනවා. මෙහෙම වෙන්නේ ඇයි? පියවරුන්ට  තම දරුවන් සමග සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න මොනවාද කරන්න පුලුවන් ?

අලුත උපන් ඔවුන්ගේ පුංචි පැටියාගේ අවධානය සලකන විට සමහර වේලාවට බොහෝ පියවරුන්ට තම බිරින්දෑවරුන් සමග ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. ඒ වගේම අලුත උපන් දරුවන් වැඩි වේලාවක් ඔවුන් සමග රැදි නොසිටින විට සමහර වේලාවට පියවරුන්ට තමා තනිවුවා වැනි හැගීමක් හෝ කලකිරීමක් ඇතිවෙනවා. පියාට කරන්න පුලුවන් මොනවාද?

අලුත උපන් දරුවා පියාට වඩා මවට කැමැත්තක් දැක්වීම සම්පුර්ණයෙන්ම සාමාන්‍යයි.

පළමුවරට, අලුත උපන් දරුවන් තම පියාට වඩා මවට කැමැත්තක් දැක්වීම සාමාන්‍ය බව දැන සිටීම වටිනවා.   එයාලා මාස නවයක්ම මවගේ කුස තුල  සිටින නිසාත් අලුත උපන් දරුවා රැකවරණය හා පෝෂණය ලබන්නේ මවගෙන් නිසාත් එසේ සිදුවෙනවා.

පුංචි බබාලාගේ මොලය තවමත් වර්ධනය වෙමින් පවතින නිසාත්, ඔවුන් තමන් අවට සිටින අය ඇසුරින් තවමත් ලෝකය හදුනාගන්න උත්සහ දරන නිසාත්  දෙමාපියන් අතර එක් අයෙකු ගෙන් අනෙක් කෙනාට මාරු වීමට නැඹුරුතාවක් දක්වනවා.

පියවරුන්ද දරුවන්  සමග කාලය ගත කල යුත්තේ අන්න ඒ නිසයි.එවිට දරුවා  ඔවුන්ගේ පෙනුම, ඔවුන්ගේ සුවද සමග හුරුපුරුදු වන අතර ඔහු හෙමින් පියාගේ පැමිණීම සමග ඔවුන් සුවපහසුවට පත්වෙනවා.

අලුත උපන් දරුවාට සමීප වන්නට පියාට කරන්න පුලුවන් මොනවාද?

දරුවන් පියාට වඩා මවට ඇලුම් කිරීම ගැන සමහර පියවරුන්ට අපහසුතාවයක් හා ඊර්ෂ්‍යාවක් දනවනවා. නමුත් දෙමාපියන් අතර තරගයක් නොමැති බව වටහා ගැනීම වැදගත් වේ. ඔබ දෙපලටම  දරුවා එක හා සමානව ආදරය කරනවා.  තමන්ගේ අසල සිටින දරුවාට  සුවපහසුවක් ඇති කිරීමට පියා විසින් අමතර උත්සහයක් ගැනීම අවශ්‍ය වේ.

දරුවාට සමීප වීමට අවශ්‍ය පියවරුන්  ගුණාත්මක බවෙන් ඉහල කාලයක් තම දරුවා සමග ගත කිරීමට උත්සහ කල යුතු අතර දිනපතා මෙම සම්බන්ධය තහවුරු කරගන්න. ඒ වගේම තම දරුවා නින්දට යැවීමේ වගකීම පියාට  ගතහැකි නම් එයත් ඒ සදහා සහයක් වේවි. ඒ මගින් දරුවා පියා අවට සිටීමෙන් සුවපහසුවක් අත්පත් කරගන්නවා පමණක් නොව අලුත උපන් දරුවා දවස තිස්සේ රැකබලා ගනිමින් වෙහෙසට පත් ඔහුගේ බිරිදටද පුංචි විවේකයක් ලැබේවි.

තම පියා තමන් රැකබලා ගැනීම පිලිබඳ දරුවා පුරුදු පුහුණු වීම ඔවුන්ගේ හැගීම් අතර සම්බන්ධතාවයක් ගොඩ නංවන්න අත්වැලක් වන අතර පියා යනු රදා පැවතිය හැකි පුද්ගලයෙකු බවත් ඔවුන්ගේ ආරක්ෂාව සපයන්නෙකු බවත් දරුවා විසින් තේරුම් ගන්නවා.

සුහදත්වය දරුවන්ට වැදගත්, විශේෂයෙන්ම කුඩා වයසකදී , ඉතා කුඩා කාලයේ  සම්බන්ධතා ඔවුන්ගේ ජීවිතයේ අවසන් සුසුම දක්වා පවතිනවා. ඒ නිසා දරුවා සමග ආදරණීය සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීමට නම්  එය ඉතා කුඩා වයසේ සිට ඇරඹීම සුදුසු වේ.

තාත්තාගෙයි පැටියාගෙයි සම්බන්ධයේ ආරම්භය ටිකක් අමාරු වුනාට පසුකාලයේදී එය ඉතා ශක්තිමත් වෙනවා. පැටියා තාත්තාගේ ලේ  සුවද හදුන ගන්නවා. තාත්තාගෙයි පැටියාගෙයි සුන්දර බැදීමට මේ මග පෙන්වීම The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • මව්පදවිය
  • /
  • ගොඩාක් බබාලා පියාට වඩා මවට කැමති ඇයි?
බෙදාගන්න :
  • අම්මියෙක්ගේ  කදුලු...

    අම්මියෙක්ගේ කදුලු...

  • කාන්තාවන්ගේ කෝපය පාලනය කරන්නේ කොහොමද?

    කාන්තාවන්ගේ කෝපය පාලනය කරන්නේ කොහොමද?

  • අම්මියෙක්ගේ  කදුලු...

    අම්මියෙක්ගේ කදුලු...

  • කාන්තාවන්ගේ කෝපය පාලනය කරන්නේ කොහොමද?

    කාන්තාවන්ගේ කෝපය පාලනය කරන්නේ කොහොමද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it