චපල පිරිමින් මුහුණේ මෙම හැඩයෙන් හඳුනාගන්නට පුළුවන්

lead image

කෙනෙකුගේ මුහුණින් බොහෝ දේවල් පිළිබිඹු වනවා. පුද්ගලයකුගේ වයස මෙන්ම යම් අවස්ථාවක ඔහු හෝ ඇය සිටින මානසික තත්වය පවා මුහුණින් හඳුනාගන්නට බොහෝ පිට හැකි වනවා. මුහුණ, හැඟීම් ප්රකාශ කිරීම හා සන්නිවේදන මෙවලමක් ලෙසද ක්‍රියා කරනවා.

කෙසේ නමුත් මෑතකදී කල අධ්‍යයනයකින් කියැවෙන්නේ පුද්ගලයෙකුගේ මුහුණ දෙස බැලීමෙන් අපට ලබාගත හැකි අවබෝධයෙන් ඔබ්බට යා හැකි කාරනාවක් ගැනය. මෙම අධ්‍යයනයෙන් පෙනී ගියේ විශාල මුහුණු නැතහොත් මුහුණේ උස හා පලලෙහි විශාල අනුපාතයක් ඇති පිරිමින් සාපේක්ෂව වැඩිපුර ලිංගික ක්‍රියා වලට ලොල් බවත් එම හේතුව නිසා ඔවුනට වැඩිපුර චපල ගති ඇති බවත් ලිංගික විවිෂත්වයකට කැමති බවත්ය.

ලිංගික හැසිරීම් පිළිබඳ ලේඛනාගාරයේ ප්රකාශයට පත් කළ අධ්යයනය අනුව, පුළුල් මුහුණු සහිත පුද්ගලයන් හෝ විශාල Facial Width-to-Height අනුපාතය සහිත (FWHR) සහිත පිරිමි-ඉහළ ලිංගික ධාවකයන් ඇති වීමට හා එම නිසා, බොහෝ විට කොපි කිරීමට ඉඩ ඇත පුදුමාකාර සබඳතා වලින් ඈත්වී.

කැනේඩියානු විශ්ව විද්යාල දෙකක සිසුන් 459 දෙනෙක් සමඟ කල සමීක්ෂණයක් අනුව පර්යේෂකයන් පෙන්වා දෙන්නේ පුළුල් අධ්යයනයකට පෙර ගත් ඡායාරූප අනුව පුළුල් මුහුණක් ඇති සිසුන් වැඩි ලිංගික ධාවනයක් වාර්තා කර ඇති බවයි. මීට අමතරව පුළුල් මුහුණු සහිත පුද්ගලයින්ට අනියම් ලිංගික හැසිරීම් සම්බන්ධයෙන් වඩා විවෘත අදහස් දැක්වූ බවත් ඔවුන් එක් පුද්ගලයෙකු සමඟ පමණක් ලිංගික සම්බන්ධකම් පැවැත්වීම ගැන වැඩි මනාපයක් නොදැක්වූ බවත්ය.

src=https://lk admin.theasianparent.com/wp content/uploads/sites/5/2017/11/neglectwife feat .jpg චපල පිරිමින් මුහුණේ මෙම හැඩයෙන් හඳුනාගන්නට පුළුවන්

ඉතින් මෙම සොයා ගැනීම් හුදෙක් අහඹු සිදුවීමක් පමණක් බව පර්යේෂකයන් නොසිතන්නේ ඇයි?

මෙම අධ්‍යයනයේ කතෘවරුන් මුහුණේ දිග-පළල සම්බන්ධ කලේ මුල් අවධියේ කුස තුළ වර්ධනය කලලයටයි. මුල් භ්රෑණ සංවර්ධනය තුළ නොයෙක් හෝමෝන වලට නිරාවරනය වීමත් සමඟ පුද්ගලයාගේ මුහුණේ පැතිකඩ ඒ ඒ හෝර්මෝන ශ්‍රාවයන් අනුව තීරණය වුනු බව සොයා ගැනුනා. වැඩි ලිංගික හෝමෝන නොහොත් ඇන්ඩ්රොගීන් හා ටෙස්ටොස්ටෝන් වලට නිරාවරණය වූවන්ට ඔවුන්ගේ මුහුණු වඩාත් "පුරුෂමය" ලෙසින් හැඩගැසෙනවා.

ඉතින් මෙම සොයා ගැනීම් වල එකතුවක් ලෙස දක්නට ලැබෙන්නේ මුහුණේ ලක්ෂණ පුද්ගලයෙකුගේ ලිංගික අභිප්‍රේරණයන් පිළිබඳව වැදගත් තොරතුරු ගොනු කරගත හැකි බවයි.

මෙම සොයා ගැනීම් සිත්ගන්නාසුලු වුවද, මෙම ප්‍රකාශයන් සම්පූර්ණයෙන් තීව්ර කර ගැනීම සඳහා විෂයයන් බොහොමයක් පුළුල් පරාසයක් පුරාවට තවදුරටත් අධ්යයනය කලයුතු බව සිහි තබාගත යුතුය.

පිටින් දක්නා පෙනුමක් අනුව පමණක් තක්සේරු කිරීමෙන් කෙනෙකු ගැන අනාවැකි පළ කළ නොහැකි අතර විශේෂයෙන්ම ලිංගිකත්වය හා සම්බන්ධ සමීක්ෂණ වලදී සමීක්ෂකයින් සියලු දෙනාම අවංක වන බවත් නිගමනය කල නොහැකි බව සිහි තබාගත යුතුය.

ඉතින් මෙම අධ්යයනය ගැන ඔබ සිතන්නේ කුමක්ද? මිනිසෙක් වංචා කරනවාද නැද්ද යන්න ගැන අනාවැකි පල කිරීම විද්‍යාවට කල හැකිද? ඔබේ අදහස් අපට කියන්න.

 

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා