දරුවාට ජීවිත තක්සලාව තුල ඉගැන්විය යුතු අපූරු පාඩම්

දරුවාට ජීවිත තක්සලාව තුල ඉගැන්විය යුතු අපූරු පාඩම්

අපි අපේ දරුවන්ට උසස් ජීවිතයක් ලබා දෙන්න දරන උත්සහායන්හිදී රෙදි සේදීම, ආහාර පිසීම හෝ පිගන් සෝදා පිරිසිදු කිරීම වැනි ජීවිතයට අවැසි වෙන දරුවන් සඳහා ජීවන කුසලතා ලබා දෙන්නට අමතක කරනවා...

මේ අන්තර්ජාල යුගයේ ළමුන් බොහෝ දෑ ඉගෙන ගන්නා නමුත් ඔවුන්  තොරතුරු ප්‍රමාණය ඉක්මවා යාම විශ්ලේෂණය කිරීමට හා වැදගත් යමක් ඉගෙනීමට අවශ්‍ය හැකියාවන් ගෙන් පිරිපුන් නැහැ. දරුවන්  සඳහා  ජීවන කුසලතා ඔවුන්ට අවශ්‍ය වෙනවා.

අපි අපේ දරුවන්ට උසස් ජීවිතයක් ලබා දෙන්න  දරන උත්සහායන්හිදී රෙදි සේදීම, ආහාර පිසීම හෝ පිගන් සෝදා පිරිසිදු කිරීම වැනි ජීවිතයට අවැසි වෙන දරුවන්  සඳහා  ජීවන කුසලතා ලබා දෙන්නට අමතක කරනවා.

ඉතින් අම්මේ තාත්තේ, ඔබේ දරුවාටත් නොවරදවාම මේ ජීවන කුසලතා 10 කියා දෙන්න.

දරුවන් සඳහා ජීවන කුසලතා

1. රෙදි සේදීම 

ඔබේ දරුවන් පාසැල් නේවාසිකාගාරය හෝ තනිව කොහේ හෝ යන විට ඔවුන්ට ඇදුම් සෝදා ගැනීමට  විදියක් නොමැතිව අතරමං වෙලාද? ඔවුන් කුමක් කරාවිද? ඔවුන් දින ගණනක් ඇදීමට එකම ඇඳුම් කට්ටලයක් ප්‍රමාණවත්ද?

බොහෝ නව යෞවනයන් තමන්ගේ වැඩිහිටි වියට පිය නගන්නේ තමන්ගේ ඇදුම් සෝදාගන්නා ආකාරය නොදැනයි.  එවන් දරුවෙක් වීමට ඔබේ දරුවාට ඉඩ නොදෙන්න. ඔබේ අධීක්ෂණය යටතේ ඔබේ දරුවන්ට වයස අවුරුදු හයක් තරම ලාබාල අවධියේදී රෙදි සෝදා ගන්න උගන්වන්න.

රෙදි සෝදන කුඩු දාන්නේ කොහොමද , එහි සැකසුම් කරන්නේ කොහොමද , එය ආරම්භ කරන්නේ කොහොමද  යන්න පියවරෙන් පියවර කියා දෙමින් රෙදි සෝදා ගන්නා අයුරු ඔහුට උගන්වන්න.

2. බීජ  වගා කිරීම

මෙය තමන්ගේ  ආහාර නිෂ්පාදනය  කර ගැනීම ගැන  දරුවන්  තුල උනන්දුවක් ඇතිවෙන  ජීවන කුසලතාවක් වේ.

පාසැලේදී  බීජ රෝපණය කරන ආකාරය අද බොහෝ දරුවන්ට උගන්වනු ලැබේ. නමුත් සාමාන්‍යයෙන් , එය උද්‍යානය වෙත පැමිණ කෙරෙන ප්‍රයෝගික පාඩමක් නොවේ. දරුවන් සඳහා ගෙවතු වගාව පිළිබඳ පොතක පහත තොරතුරු සදහන් කර ඇත.

ඔබේ දරුවාට පැලය  ඇති බදුනේ සිදුරට වඩා තරමක් විශාල  කුහරයක් සිටුවන්න බලාපොරොත්තු වෙන බදුනේ හාරන්න යැයි පවසන්න. ඔබ බඳුනෙන් පැලය ඉවත් කර කුහරය තුළ තබා, ඇයට එය වටා ඇති පස තට්ටුව තල්ලු කර එය සමතලා  කරන්න  ඉඩදෙන්න.

ඔබේ දරුවාට එයට ජලය යොදන්න ඉඩ දෙන්න. වයස අවුරුදු හය හෝ හත වන විට ඔබේ දරුවාට තනිව බීජ පැළ ඉවත්  කරන්න පුළුවන්. 

3. තෑගි එතීම 

ඔබේ දරුවාට  ඔහුගේ හදවතින්ම තම හොදම යහළුවන්ට තෑගි දීමට අවශ්‍ය  (යම් දවසක ඔහුගේ හිත ගත් අයෙකුට) වෙන්න පුළුවන් . එහෙනම් ඇයි ඔහුට උදව් කරන්නේ නැත්තේ? තෑගි ඔතන්නේ කෙසේදැයි ඔහුට ඉගැන්වු විට ඔහු  නත්තල් සීයා සේ තෑගි ගොඩාක් ඔතාවි.

ඔබට විවිධාකාර හැඩයට කඩදාසි නවන්න උගන්වන්න පුළුවන්. ඊළඟට, ඔබට කතුර භාවිතා කර කඩදාසි කපන්න හා ගම් ටේප් භාවිතා කර ඒවා අලවන්න උදව් කරන්න පුළුවන්.

දැන් ටේප් එක  ඇලවෙන්නේ නැතිව යන්න පුළුවන්. ඔවුන් වැරදි කරාවි. ඒකට කමක් නැහැ. ඔවුන්ට නැවත උත්සහ කරන්න කියන්න . ඔවුන් හරියාකාරව එය කරාවි.

4. ඇණයක් ගසන්න  (සහ වෙනත් නිවාස අලුත්වැඩියා කටයුතු )

ඔබේ අවුරුදු අටක් වු දරුවාට ඔසවා ගත හැකි සැහැල්ලු මිටියකින් ආරම්භ කරන්න . සමහර සාප්පු වල දරුවන්ට භාවිතා කල හැකි මෙවලම් අලෙවි කරනවා .

ඔවුන්ට මෘදු ලීයෙන් තැනු ඒවා භාවිතා කළ හැකිය. එය එල්ලා හෝ බිම තබා ආරම්භ කරන්න.

ඔබේ දරුවන්ට පුළුල් හිසක් ඇති ඇණ ගැසීමට  පහසු වන අතර සෑම විටම එය පළමුව   ඔබ කර  උදාහරණයක් වීමෙන් ඔවුන්ට එය අනුගමනය කළ හැකිය. ඔහු හෝ ඇය එය එල්ලන තුරු  නොකඩවා පුහුණු වෙමින් සැහැල්ලු පටි සමග  කිහිප වතාවක්ම උත්සාහ කරන්න.

5. ලිපියක් ලිවීම

ඔබට ලිපියක් ලියන ආකාරය, ආකෘතිය සකස් කිරීම, මුද්දර ඇලවීම  හා තැපැල් පෙට්ටියට දැමීම වැනි දේ  ඔබේ දරුවන්ට  ඉගැන්විය හැකිය. ඔවුන්ගේ චිත්‍ර වලින්  ඔවුන්ගේ ලිපි  වැඩිදියුණු කළ හැකිය.

ඔබේ ළමයින්ට ලිපි ලිවීමට පෙර ("දයාබර ..." හෝ "ශුභ පැතුම්!") ආරම්භ කරන අයුරු  අවසන්  ප්‍රකාශය (අවංකව, ඔබේ විශ්වාසී යනාදිය), ඉන්පසු ඔවුන්ගේ අත්සන යොදන අයුරු කියාදෙන්න. ඊළඟ වතාවේදී ඔබ සුභපැතුම් කාඩ්පත් ලියන විට ඔවුන්ට උදව්  කරන්න.

6. කෑම වේලක් පිසීම

ඔබේ දරුවාට ආහාර පිළියෙල කිරීමට  උපකාර කරන ලෙස පවසන්න . ඔබට මේසය සැකසීමට උපකාරය සදහා ඔවුන් සහභාගී කර ගැනිමෙන්  එය ආරම්භ කළ හැකිය.

ඉන්පසු, අර්තාපල් පොතු ඉවත් කිරීම හා නැවුම් එළවළු සේදීම වැනි අමුද්‍රව්‍ය  පිළියෙල කිරීම දක්වා  ඔබට සහාය ගන්නා පරාසය පුළුල් කල හැකිය.

වයස අවුරුදු අටක් හෝ ඊට වැඩි වන විට, ඔවුන් පිහියක් භාවිතය පුහුණු කිරීමට ඔබට උපකාර කළ හැකිය.

ඔවුන්ගේ පුංචි අත් වලට ගැලපෙන  කුඩා අත් පිහියක් භාවිතා කිරීමට වග බලා ගන්න.  සෑම පියවරක්ම මගපෙන්වීමෙන් අනතුරු වැළැක්විය හැකිය.

ඒ සදහා සූදානම් වීමට කාලය වැඩිපුර ගන්නේ නම් , කණගාටු නොවන්න. ඔවුන් ඉගෙන ගන්නා නිසා එය ඔබ හා ඔබේ දරුවා අතර හොඳ බැදීමක් ඇති කරන  කාලයක් වෙනවා.

ඔවුන් වැඩ කිරීමට පුරුදු වු විට අනාගතයේ දී ඔවුන්ට වඩා වේගයෙන්  එය කළ හැකි අතර ඔබට සුදානම් වන කාලය  භාගයකට අඩු කර  ගන්න පුළුවන් .

8.නිවැරදිව හැසිරවීම

කෙසේ වෙතත් දැන් ළමයින්  දුරකථන  ගැන දන්නා නිසා, ඔබට ඔවුන් අන්තර්ජාලයේ සැරිසැරීම නිවැරදිව හැසිරවීමට ඔබට උගන්වන්න පුළුවන්. ඔවුන්ගේ අවකාශ හැකියාවන් සහ ඔවුන්ගේ සන්නිවේදන හැකියාවන් තියුණු කිරීම සඳහා මෙය විශිෂ්ට ක්‍රමයකි.

8. ප්‍රථමාධාර

ඔබට ඔබේ දරුවාට උගන්වන වඩාත් වැදගත් ජීවන කුසලතාවයන්ගෙන් එකක් වන්නේ මෙයයි.

රුධිරය දකින විට  කලබල නොවී සිටීමට ඔබේ දරුවන්ට ඉගෙන ගන්න අවශ්‍යයි (සන්සුන්ව සිටීමට හා ඉක්මන් වී වැඩි ප්‍රතිචාර නොදැක්වීමට).

විවිධාකාර සිදුවීම් හරහා අනතුරක් සිදු වු විට කළ යුතු දේ ඔවුන්ට උගන්වන්න. ඔවුන් ප්‍රායෝගිකව වැඩ කරන විට, අනතුරුවලට වලට ඔවුන් ප්‍රතික්‍රියා කිරීම ස්වයංක්‍රියව සිදුවනු ඇත.

9. නාන කාමර පිරිසිදු කිරීම

සෑම විටම නාන කාමරයේ රෙදි කඩක් හෝ ස්පොන්ජ් එකක් තිබිය යුතුය. ඔබේ දරුවන්ට සින්ක් එක මත ඇති (එහි ස්ටුල් ඒකක් ඇති බවට වග බලා ගන්න) දත් බෙහෙත් පැල්ලම්, සබන් පැල්ලම් පිස දමන ලෙස  පවසන්න.  

මෙය ඔවුන්ට නාන කාමර පිරිසිදු කිරීම ආරම්භ කිරීමට උදව් වනු ඇත, එවිට ඔවුන්ට වඩාත් දුෂ්කර කාර්යයන් කිරීමට හැකි වනු ඇත.

පසුකාලීනව, දරුවන්ට  හොද හැකියාවක් අවශ්‍ය වෙන බිම, නාන කාමරය සහ වැසිකිළිය පිරිසිදු කළ හැකිය. ඔවුන්ට පියන, ආසනය සහ වැසිකිළිය පාමුල කොටස පිරිසිදු  කල හැකිය.

විෂබීජ ආසාදනයෙන් ඔවුන් ආරක්ෂා කර ගැනීම සඳහා ඔවුන්  මුහුණු ආවරණ සහ අත්වැසුම් පැළඳ ඇති බවට තහවුරු කර ගන්න.

ඔවුන්ට නාන කාමරය තනිවම පිරිසිදු කිරීමට හැකි වන තෙක් ඔවුන් සමග  පිරිසිදු කරන්න. අවසානයේදී  ඔවුන්ගේ අත් හොඳින් සේදීම සහ ඇග පිරිසිදු කර ගන්නා ලෙස පැවසීමට වග බලා ගන්න.

10. බුද්ධිමත්ව මිලදී ගන්න.

ඔබට ඔබේ දරුවන්ට හැදී වැඩුනු පසු අනවශ්‍ය  ආහාර මිලදී ගැනීමට අවශ්‍ය නොවනු ඇත. එමනිසා බුද්ධිමත් පාරිභෝගිකයින් වීමට ඔවුන්ට ඉගැන්වීම වැදගත් වේ.

මේ මගින්  ඔබ දරුවන්ට උගන්වන දරුවන්ගේ ජීවන කුසලතාවයන්ගෙන් එකක් වන්නේ, තීරණ ගැනීමට සහ මුදල් කළමනාකරණය කිරීමට  හැකියා ලබා දීමයි. විවිධ වෙළඳ නාමවල නිෂ්පාදන හා ඒවායේ මිල වෙනස් වන ආකාරය ගැන කතා කරන්න.

ඔහුට හෝ ඇයට දේවල් මිලදී ගැනීම පවරන්න. අයවැය තුළ (ගුණාත්මක භාවය කැපීමකින් තොරව) වැඩි වැඩියෙන් ගැනීමට පැවරීම හොඳය.

දරුවන්ට ජීවන කුසලතා ඉගැන්වීම පහසු දෙයක් නොවේ. එහෙත්, ඔබ මෙම කුසලතා ඔවුන්ට උගන්වන නිසා අනාගතයේ දී  ඔවුන්ට තමන්ව රැකබලා ගැනීමට හැකිවීම වැදගත් වේ.

දරුවන්ට ඇති කල යුතු මේ ජීවන කුසලතා ඔබ වෙත ගෙන ආවේ theAsianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී.