ජීවිතයේ සතුට හා සාර්ථකත්වය ලගා කරගත හැකි නියත ක්‍රම 6ක්

සතුට හා සාර්ථකත්වය ලගා කරගන්න අපි සහතික කරගන්නේ කොහොමද?

ප්‍රීතිය හා සාර්ථකත්වය දෙමාපියන් වශයෙන් අපි අපටම පතන අතර අපේ ළමයින් සදහා  ළමා කාලයේදී මෙන්ම  ඔවුන්ගේ වැඩිහිටි වියේද එය පතනවා.

අවාසනාවකට සමහර වේලාවට අපට මේ අවස්ථා දෙකම මගහැරෙනවා. සතුට හා සාර්ථකත්වය ලගා කරගන්න අපි සහතික කරගන්නේ කොහොමද?

ස්ටැන්ෆඩ් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාඥ එමා සෙපලා සතුව ඒ සදහා පිළිතුරක් තියෙනවා.

ඇයගේ අලුත් පොත වන " The Happiness Track: How to Apply the Science of Happiness to Accelerate your Success" හි මෙසේ විස්තර කරනු ලබනවා. සාර්ථක වීම හා සතුටු වීම අන්‍යොන්‍යව සීමා වෙන්නේ නැහැ. මෙය අපි සියලු දෙනාම ලබා ගැනීමට ඉගෙන ගත යුතුය.

අපි දෙමව්පියන් වශයෙන් සතුට හා සාර්ථකත්වය ලබන්නේ කොහොමද යන්න ඉගෙන ගන්න පුලුවන්. ඒ වගේම එය දරුවන් වෙත ලබා දෙන අතර ඔවුන්ද එය ඉගනීමට බැදී සිටිනවා. සියල්ල අවසානයේදී අපි විශාල ආදර්ශයන් බවට පත්වෙනවා.

සෙපලාට අනුව, සතුට හා සාර්ථකත්වයට මග පෙන්වන මේ දේවල් හය ජීවිතයට සම්බන්ධ කරගැනීම ඔබට පුලුවන් .

1. ඔබටම යහපතක් කරගන්න.

අපි සැබැවින්ම දක්ෂ හැකියාවන් වල නිතර නිරතවෙන අතර අපි  දක්ෂ නැති දේවල් වලින් වළකිනවා. මේක කරන්නේ අපි අසාර්ථක වීමට ඇති බිය නිසා වේ.

කොහොම නමුත්, මෙම අසාර්ථක වීමට ඔබ තුල ඇති බිය විසින් ඔබට අතපසුවීම්  තිබියදී ඉදිරියට යෑමට  ඉඩක් නොතබා  එය අත්හැර දැමීමට පොලඹවන බව පරීක්ෂණයන් පවසනවා. ඒ වගේම අතපසුවීම් කිරීම  ඒවා අනාගතයේදී වැළැක්වීමට හොද ක්‍රමයක් වෙනවා. එහෙම නේද?

සෙපලාට අනුව, ඔබ ඔබටම රිදවා ගන්නවා වෙනුවට සියල්ලෝම වැරදි කරන බව සිහියට නගා ගනිමින් ඔබ ඔබටම කාරුණික වන්න.  ඒ වගේම ඔබගේ ඍනාත්මක සිතුවිලි ඔබ ලග දිගු කාලයක් තබා ගන්නවාට වඩා ඒවා දුර  තබා සුපරීක්ෂාවට ලක්කල යුතු බව ඇය තවදුරටත් උපදෙස් ලබාදෙයි.

2. අනුකම්පා සහගත වන්න.

අනිත් අය දෙස බලන්න කලින් අපි අප දෙසම බලන බව හිතන්න පහසුයි. ඔව්, විශේෂයෙන් දරුවන් හා පවුල සලකන විට  මෙය කිරීම වැදගත් සේ සලකන  සමහර අවස්ථා තියෙනවා.  අපි හා දරුවන් අනිත් අයට අනුකම්පාව වර්ධනය නොකිරීම තුල අපි අපිටම (දරුවන්ට) ආත්මාර්ථකාමී වෙන්න උගන්වනවා. මේ මගින් සාර්ථකත්වය අත්හිටුවීමට පුලුවන්.

සෙපලාට අනුව, ඔබ ඔබේ අනෙක් සම්බන්ධතා තුල ( ඔබේ ප්‍රධානියා, යහලුවා, සේවකයින් ) අනුකම්පාව වර්ධනය කල විට ඔබ පක්ෂපාතිත්වය පෙන්වීමක් වෙනවා. මෙමගින් සියලු දෙනාම ඵලදායී වන අතර ඒ මගින් සාර්ථකත්වයට මග පාදනවා.

තවදුරටත් මිනිස්සුන්ට අනුකම්පා කිරීම තුල මානසික පීඩන මට්ටම අඩු වෙන අතර වඩා සංවේදී වෙනවා. අනිත් අයට උදව් කිරීමට පෙළඹෙන අතර අනෙක් අයගේ වේදනාවන්ට වඩාත් නම්‍යශීලී  වෙන බව සෙපලා පවසනවා.

3. කිසිවකින් තොරව විනෝද වන්න ඉගෙන ගන්න.

මේ කාලයේ අප ජීවිත වේගවත් වේ. අපි රැකියාවට යනවා. එනවා.  දරුවන් පාසැල්, පංති රැගෙන යනවා. ආපසු එනවා. අපිව  කාර්‍යබහුල කරන්න දවසේ මොනවා හරි දෙයක් තියෙනවා.

එසේ කිරීමෙන් , අපි කිසිවක් නොකිරීම නිසා නිදහසේ භුක්ති විදින්න තියෙන හැකියාව නැති කරගෙන තියෙනවාද?

2011 වර්ෂයේ අධ්‍යන සොයා ගැනීම් අනුව, ඵලදායීතාවය සදහා උනන්දු කිරීමක් බවට පත්වෙන නිර්මාණශීලිත්වය වැඩිවීමට අපි අපි වෙනුවෙන් මද විවේකයක් ලබාගත යුතුය.

සෙපලාගේ නිර්දේශ වලට අනුව, ඔබට හැකි සෑම විටම සම්පුර්ණයෙන්ම රාජකාරියෙන් ඉවත් වීමටත්, දරුවන්ටත් එවැනි අවස්ථාවක් ලබා දීමටත්,  නිවසේදී කලයුතු පාසැල් පැවරුම්, අධ්‍යන කටයුතු හා අමතර පංති වලින් විවේකයක් ලබා  දෙමින් කිසිවකින් තොරව ඔවුන්ට විනෝද වෙන්න ඉඩ දෙන්න. සතුට ඔබව සාදරයෙන් පිළිගන්නවා.

4. සංසුන්ව ඉන්න හා එය පවත්වා ගන්න ඉගෙන ගන්න.

ඔබ නිතර පමනට වඩා මහන්සි වු විට නිසැකවම ඔබ පීඩනයට පත්වේවි. මෙය එච්චර හොද දෙයක් නොවේ. ඔබ ඔබේ රැකියාව අත්හැර දැමීමට ඇති අවදානම වැඩිය.

ඒ දෙයම අපේ දරුවන්ටද අදාල වෙනවා.  අධ්‍යන කටයුතු වල දක්ෂ වීමට තරම් නොවන වයසකදී ඔවුන් මත යොදන පීඩනය පසු කලෙක ඔවුන් සැබෑ ලෙසම එය ඉටුකල යුතු පරිණත වයසට පැමිණි විට ඔවුන් පීඩනයට පත්ව සිටීමට ඉඩ තියෙනවා. ඒ තුලින් වැඩිහිටියන් හා ළමුන් තුල පීඩනය හා කනස්සල්ල ඇති කරනවා.

සෙපලාට අනුව, සංසුන්ව සිටීමට ඉගනීම තුලින් ඔබට ඔබේ කටයුතු සාර්ථකව හා සංසුන්ව කරගත හැකි පරිදි තරහා පාලනයට හැකි වෙනවා.

5. යථා තත්වයට පත්වෙන්න.

ඔබ විවේකයක් නොමැතිව එක දිගට වැඩ කරන විට මානසිකව දක්වන ප්‍රතිචාරයක් ලෙස ඔබගේ සානුකම්පිත ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වේ. ඒ මගින් ඇති කරන දීර්ඝකාලීන පීඩනය ඔබේ සෞඛ්‍යයට හානි පමුණුවයි.

ඔබේ ජීවිතය තුල යථා තත්වයට පත්වීම ඔබට ප්‍රගුණ කල හැකි නම් සෙපලාට අනුව ඔබට ඒ තුලින් ඉක්මනින්ම යථා තත්වයට පත්විය හැකි වේ.

මෙය පරීක්ෂණයක් මගින් තහවුරු කරලා තියෙනවා. 2004 වර්ෂයේ අධ්‍යනයකට අනුව, " යථා තත්වයට පත්විය හැකි මිනිස්සුන්ට  පීඩනය ඇති කරන අවස්ථාවන්හිදී ධනාත්මක හැගීම් සමග ප්‍රතිචාර දැක්වීම තුලින් ඉක්මනින්ම සාමාන්‍ය තත්වයට පත්විය හැක.( ඔවුන්ගේ හෘද ස්පන්දනය හා රුධිර පීඩනය මැනීම අනුව)

6. අවස්ථාවට අවධානය යොමු කරන්න.

හොද දේවල් මත අතර රැදී සිටීමට අපි නොනවත්වා වැඩ කිරීමට උත්සහ කරනවා. නමුත්  අපේ දරුවන් , කිරීමට ඇති වැඩ හා ෆේස් බුක් සමාජ ජාලය වැනි දේවල් විසින්ද අපගේ අවධානය ලබා ගන්නවා.

මෙය සත්‍ය ලෙසම ඵලදායීතාව බිදහෙලනු ලබයි. සෙපලාට අනුව, මේ මොහොත අරමුණු කරගෙන, ඒ මොහොතේ කටයුතු කිරීම මගින් සාර්ථකත්වයට මග පාදන අපගේ ඵලදායීතාව වැඩි වේ.

ඔබේ සාර්ථකත්වය හා සතුට අපගේද සාර්ථකත්වය හා සතුට වේ. ඒ වෙනුවෙන් මේ තොරතුරු ඔබට ගෙන ආවේ theAsianparent Sri Lanka විසිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී