theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ජීවිතය නැතිකර ගන්න තරම් හිත කලකිරිලද? මේ ලිපිය කියවන්න

3 අවම කියවීම
ජීවිතය නැතිකර ගන්න තරම් හිත කලකිරිලද? මේ ලිපිය කියවන්නජීවිතය නැතිකර ගන්න තරම් හිත කලකිරිලද? මේ ලිපිය කියවන්න

ජීවිතය ගැන කලකිරීමක් ඇතිනම් නොමිලේ සැපයෙන CCC line +94777701273 අංකයට කතා කරන්න.

ජීවිතය කියන්නේ සංකීර්ණ, විටෙක කෙතරම් අධ්‍යනය කළත් තේරුම් ගත නොහැකි එකක්. නමුත් ඒ තුළම ජීවත් වන්නාට එන ප්‍රශ්න වලට කෙටි විසඳුම් සොයනවාට වඩා බොහෝ උපක්‍රම අපිට ඇති බව ඔබ දැන සිටියාද?

ඔබට ජීවිතය නැති කර ගැනීම පිළිබඳව හිතන වාර අනන්ත වෙන්න පුළුවන්. නමුත් ප්‍රශ්නයකට පිළිතුර එය යැයි කවදාවත් හිතන්න එපා. එක් අයෙකු, එක් හේතුවක් වෙනුවෙන් ඔබ ජීවිතය නැතිකර ගත්තා යැයි සිතීම කෙතරම් අසාධාරණ දැයි මොහොතක් සිතන්න.

එක් හේතුවක් නැතත් එක් පුද්ගලයෙක් නැතත් ඔබට ජීවත් වන්නට තවත් හේතු දහසක්, හිතවතුන්, ආදරණීයයන් ගණනාවක් ඇති බව හිතන්න.

ඒ වෙනුවෙන් නිතරම මිනිසුන්ගේ හා සියදිවි නසාගන්නට තැත් කළ තැත් කරන අයට බොහෝ සේවයක් වන CCC line හි ජේෂ්ඨ මනෝ චිකිත්සක උපදේශිකා ජයංගනී ගමගේ මහත්මිය සමග අපට කතා කරන්නට අවස්ථාව උදා වුණා.

රට පුරා අපිට නිතරම ජීවිතය නැති කර ගැනීම ගැන වර්තමානයේ අසන්නට දකින්නට ලැබුණා. සංඛ්‍යා ලේඛන වලට අනුව ලංකාවේ දිනකට සිය දිවි නසා ගැනීම් 11 ක් පමණ වාර්තා වෙනවා. එමෙන්ම සෑම මිනිත්තු හතලිහකදීම ලොව පුරා එක් අයෙකු සිය දිවි නසා ගන්නා බවත් 2020 වන විට එය දෙගුණ වීමේ හැකියාවක් ඇති බවට සමීක්ෂණ වාර්තා ඇති බව ඇය පැවසුවා.

ශ්‍රී ලංකාවේ වසරකට 3000 කට අධික පිරිසක් සියදිවි නසා ගන්නා අතර ඉන් බහුතරය පිරිමි බවද ඇය සංඛ්‍යා ලේඛන ඇසුරෙන් සඳහන් කළා.

ජීවිතය නැති කර ගැනීම ට යොමුවන පිරිස් හා ඊට හේතු ලෙස මූලික වශයෙන් විශාදය හඳුන්වන්න පුළුවන්. ආතතිය නිසා ඇතිවන විශාදය එක් එක් මට්ටම් වලින් පුද්ගලයෙකුට බලපෑ හැකි බව ඇය පවසනවා. සියදිවි නසා ගැනීම් වලින් ශ්‍රී ලංකාව දැනට ලෝකයේ 22 වන තැනට ඇති රට ලෙස හඳුනාගෙන ඇති අතර මෙය විශාල ගැටළුවක් ලෙස සමාජයේ අපිට අසන්නට දකින්නට ලැබෙනවා.

ජීවිතය නැති කර ගැනීම: හේතු

  • විශාදය.
  • ළමා කාලයේ සිත තුළ තෙරපෙන අමිහිරි සිතුවිලි.
  • තමන්ගෙන් දැන් ඵලක් නැති බව සිතීම.
  • කලකිරීම.

එකී හේතු මීට හේතු විය හැකියි.

ඔබටත් සියදිවි නසා ගන්නට හිතන තරම් ප්‍රශ්නයක් ආවොත්,

  • අනිවාර්යයෙන්ම තමන්ට සමීප අයෙකුට කතා කරන්න.
  • ඔහුට කතා කරන්න නොහැකි වුනොත් තවත් අයෙකුට කතා කරන්න.
  • කතා කරන්නට කිසිම අයෙක් නැතිනම් වහාම ඔබ ඉන්න ස්ථානයෙන් මිදී වෙනත් දෙයකට හිත යොමු කරන්න.
  • කෙනෙක් වෙනුවෙන් සියදිවි නසාගන්න හිතනවා නම් ඔහු, ඇය හැර ඔබට සමීප අන් අය ඔබට කෙතරම් වැදගත් දැයි සිතන්න.
  • හැදුවැඩු දෙමාපියන් ඔබව උස්මහත් කරන්න ගත් වෙහෙස සිතන්න.
  • හැකිනම් ළඟම ඇති පන්සලට, පල්ලියට යන්න.
  • හැකි තරම් ගැටලුව සිර කරගෙන සිටිනවාට වඩා මුදා හරින්න.
  • CCC line වැනි කිසිඳු අයකිරීමක් නොකරන ස්වේඡා සංවිධානයක අංකයකට කතා කරන්න. +94777701273 (කිසිදු ගාස්තුවක් අය නොකෙරේ)
  • උපදේශන සේවයක් වෙත යොමු වෙන්න.
  • වෛද්‍යවරයෙකුට කියන්න.

මනුෂ්‍ය ආත්මයක් ලැබීම ඉතා දුර්ලභ අවස්ථාවක් නිසා ඔබ ඔබේ ජීවිතයට ඇති වටිනාකම ගැන ඔබේ දරුවන්ට, දෙමාපියන්ට, නැතිනම් රටට, නැතිනම් ගමට, නැතිනම් පරිසරයට හෝ ඔබ වැඩදායි පුද්ගලයෙකු නොවේදැයි සිතමින් ජීවිතයට වටිනාකම් එකතු කර ගැනීම වැදගත් බව උපදේශිකාව තව දුරටත් පැවසුවා.

මෙහිදී විශේෂයෙන් තමන්ගෙන් ඵලක් නැති බව සිතීම නිසා පුද්ගලයන් බොහෝ විට ජීවිත හානි කරගන්නට පෙළඹෙන බවත් එම සිතුවිල්ලෙන් මිදීම කළයුතු වැදගත්ම කාරණා බව ජයංගනී ගමගේ මහත්මිය පවසනවා.

බොහෝ විට වාර්තා එක් වන සියදිවි නසා ගැනීමක් පිටුපස සියදිවි නසා ගැනීමට තැත් කිරීම් 10 ක් පමණ වාර්තා වන බවත් එලෙස දිවි ගලවා ගන්නා අයට මනා උපදේශන සේවාවක් අවශ්‍ය බවත් ඇය පවසනවා.

ඒ නිසා ඔබට ජීවිතය ගැන කලකිරීමක් ඇතිනම් කතා කරන්නට කෙනෙක් නැත්නම් නොමිලේ සැපයෙන CCC line +94777701273 අංකයට කතා කරන්න. නැතිනම් මෙවැනි තවත් විශේෂ ආයතන කිහිපයක් ලංකාව පුරා ඇති බැවින් ඒ අයට කතා කරන්න ඔබට පුළුවන්.    

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nalika Unantenne

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • ජීවිතය නැතිකර ගන්න තරම් හිත කලකිරිලද? මේ ලිපිය කියවන්න
බෙදාගන්න :
  • වැසිකිළියෙන් පිටවෙන වාෂ්ප ගැන ඔබ දැනුවත්ද?

    වැසිකිළියෙන් පිටවෙන වාෂ්ප ගැන ඔබ දැනුවත්ද?

  • දරුවාගේ සෞඛ්‍ය දවස් දහයකින් ඉහල නංවමු!

    දරුවාගේ සෞඛ්‍ය දවස් දහයකින් ඉහල නංවමු!

  • වැසිකිළියෙන් පිටවෙන වාෂ්ප ගැන ඔබ දැනුවත්ද?

    වැසිකිළියෙන් පිටවෙන වාෂ්ප ගැන ඔබ දැනුවත්ද?

  • දරුවාගේ සෞඛ්‍ය දවස් දහයකින් ඉහල නංවමු!

    දරුවාගේ සෞඛ්‍ය දවස් දහයකින් ඉහල නංවමු!

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it