පොඩිත්තන්ට, පවුලේ සැමට රසට රසේ අතුරුපසක් ජෙලෝ පින් වීල් රෝල්

lead image

ලොකු පොඩි කවුරුත් ප්‍රියකරන ඉතාමත්ම පහසුවෙන් ඔබේ දරුවාටද පිළියෙළ කරගත හැකි ප්‍රනීත අත්රුපසක් වන ජෙලෝ පින් වීල් (Jello Pin Wheel Roll) මෙසේ හදාගනිමු.

ලොකු පොඩි කවුරුත් ප්‍රියකරන ඉතාමත්ම පහසුවෙන් ඔබේ දරුවාටද පිළියෙළ කරගත හැකි ප්‍රනීත අත්රුපසක් හදාගන්නා අකාරය තමා අද ඔබ වෙත ගෙන එන්නේ. මේ අපට නිතර ලිපි වලින් දායක වන  අපගේ ආදරණිය රසික මවක් මෙන්ම ශ්‍රී ලන්කන් මම්ස් සමුහයේ ක්‍රියාකාරී සාමාජිකාවක්ව වන අනුෂා ජීවනී පියවරෙන් පියවර මෙම රසවත් ජෙලෝ පින් වීල් රෝල් ලෙහෙසියෙන්ම සාදාගත් ආකාරයයි.

අවශ්‍ය ද්‍රව්‍ය  

ජෙල් පැකට් 1යි (100g)

මාශ්මෙලෝ කප් එකහමාරක්

වතුර 150ml

අන්තිමට කපාගන්න නූල් සහ ට්‍රේ එකක්

සාදන ක්‍රමය 

මුලින්ම මයික්‍රෝවේව් එකට දාන්න පුලුවන් භාජනයකට ජෙලි පැකට් එකයි වතුර එකයි දාලා විනාඩියක් විතර මයික්‍රෝ එකේ රත් කරන්න. පසු එලියට අරන් කලවම් කර මාශ්මෙලෝ එක දාලා ආයේත් විනාඩි දෙකක් වගේ මයික්‍රෝ එකේ රත් කර එලියට අරන් මාශ්මෙලෝ එක හොඳට දියවෙනකන් හැඳි ගහන්න. හොඳට දියවෙන්නයි ඕනේ..මයික්‍රෝවෙව් නැති අයට ඩබල් බොයිල් කරලා දිය කරගන්නත් පුලුවන්.

Jelo1 පොඩිත්තන්ට, පවුලේ සැමට රසට රසේ අතුරුපසක් ජෙලෝ පින් වීල් රෝල්

දිය වුනාට පස්සේ බටර් ගහපු තැටියකට මේ මිශ්‍රනය දාලා ශිතකරනයේ තියන්න. මම තිබ්බේ පැය 4/5 වගේ.. 

Jelo2 පොඩිත්තන්ට, පවුලේ සැමට රසට රසේ අතුරුපසක් ජෙලෝ පින් වීල් රෝල්

ඉට පස්සේ වටේ පිහියකින් හෙමිට වටේ බුරැල් කර රෝල් කරලා නූලේන් කපා ගත්තේ ...

Jelo3 පොඩිත්තන්ට, පවුලේ සැමට රසට රසේ අතුරුපසක් ජෙලෝ පින් වීල් රෝල්

දැන් ඉතින් පසුලේ සැවොමත් එක්ක රස විඳින්නයි තියෙන්නේ...

 

අනුෂා 250x250 පොඩිත්තන්ට, පවුලේ සැමට රසට රසේ අතුරුපසක් ජෙලෝ පින් වීල් රෝල්

ඉතින්මේ මේ රසවත් මෙන්ම අලංකාරවත් හා ජෙලෝ පින්පෑ විල් රෙසිපිය වෙනුවෙන් අනුශාට නැවත වරක් අපගේ ආදර ස්තුතිය පුද කරන අතර ඇය විසින් නිර්මාණය කල පොඩිත්තන්ට අගනා තවත් නිර්මාණශීලි අහාර රටා සැකසුම් රැසක් ඔබ වෙත ගෙන එන්නට බලාපොරොත්තු වනවා.