පුංචි ජෝජ් කුමරු පාසැල් දිවියට පා තබයි

lead image

පොඩිත්තක් විතර නොසන්සුන් බවක් පෙනුනත් පුංචි කුමරාගේ තිබුනේ සුන්දර, අහිංසක ගාම්භීර පෙනුමක්.

පසුගිය සැප්තැම්බර් මස 7 වනදා පුංචි ජෝජ් කුමරුවන්ට සුවිශේෂී දිනයක් වුනා. ඒ ඔහුගේ පැසල් ජිවිතයට හාපුරා කියා ප්‍රවිෂ්ඨ වූ දිනය වීමයි.

විලියම් කුමරා සුපුරුදු නිවුනු සැහැල්ලු බවින් යුත් තම කුළුඳුල් පුත් කුමරා මුල් වරට පාසැල වෙත පියමන් කරවූ අතර තෝමස් බටර්සී කනිටු පාසැල් ප්‍රධානී සුරූපී හෙලන් හස්ලෙම් මහත්මිය විසින් ඔවුන් ඉතා සුහදව පිළිගනු ලැබුවා.

තම තුන්වන දරුවාට ගැබ් ගෙන සිටින සිටින ජෝජ් කුමරාගේ ආදරණිය මෑණියන් වන කෙට් කුමරියට මේ අවස්ථාවට සහභාගී වීමට හැකි නොවුයේ ඇය දරුණු ලෙස උදෑසන අපහසුතා වලට මුහුණ දෙමින් සිටින බැවිනි.

එක් පුවත්පත් වර්තාවක සඳහන් "මේ ඇයගේ [කේට් මිඩ්ල්ටන්ගේ] පුතුගේ ජිවිතයේ වැදගත්ම අවස්ථාවක් වන අතර ඇය මිට සහභාගී වීමට ඕනෑම දෙයක් කරන්නට සුදානම් වුවත්, ඇයට ඒ තරමටම අසනීප ගතියක් ඇති බැවින් මීට සහභාගී වීමට නොහැකි වුනා.”

නාවික නීල පාසැල් ඇඳුමින් සැරසී සිටි තම පියාගේ දෑතේ එල්ලී ආ සිව් වසරක් වයසැති පුංචි කුමරා ඔහුගේ ඔහුගේ නව පාසලට අවතීර්ණ වී පාසල තුළට යාමට මත්තෙන් හස්ලෙම් මහත්මියට ගාම්භීරව අතිනත දුන්නේය.

ඔහුගේ පාසැල් බෑගයේ නාම සංකේතයෙන් හෙළි වී ඇත්තේ ඔහුව පන්තියේ මිතුරන් විසින් ජෝර්ජ් කේම්බ්රිජ් ලෙස හඳුන්වනු ඇති බවයි. ඔහුගේ නව පංතියේ දරුවන් අතරින් ඔහු ලාබාලම දරුවෙක් බව විශ්වාස කෙරෙනවා.

විලියම් කුමරු කුඩා ජෝර්ජ්ගේ පළමු දිනය ගැන සඳහන් කරමින් පවසා තිබුනේ “සියල්ලම හොඳින් සිදු වුනා. දරුවන් සමඟ නොසන්සුන් තත්වයක සිටි තවත් දෙමාපියෙක් සිටියා. මම සතුටු වනවා එසේ සිටි එකම කෙනා මම නොවන නිසා.  

වාර්තා වලට අනුව වයස අවුරුදු 4ත් 15ත් අතර සිසුන් 500ක් පමණ පෙරවරු 8.35ට ප්‍රථම පාසැල තුළට ගෙන ඇත්තේ ජෝජ් කුමරාගේ පැමිණීමට අවහිරයක් නොවන්නට වගබලා ගැනීමක් ලෙසයි.  

කුමරාගේ නව පාසැල හැඳින්වෙන්නේ එය විශාල, කාර්යබහුල, විශ්වජාතින්ට තරමක් ව්‍යාකුල විය හැකි මුත් ඉතාමත්ම හොඳ අධ්‍යාපනයක් ලබා දෙන ඉංග්‍රීසි පාසලක් ලෙසයි. මෙහි පාසැල් ගාස්තුව වසරකට පවුම් 17,604 ක් (ඇ.ඩො. 23,000) නොහොත්  රුපියල් මිලියන 3.5ක් පමණ වනවා.

පුංචි ජෝජ් කුමරාට සෞභාග්‍යයෙන් පිරි අනාගතයක් අපි ඉතසිතින් ප්‍රර්ථනා කරමු!

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා