ටොනික් පියනක සැගවී ආ මාරයා

lead image

නිමේෂයක් ඉඩ නොතබමින් ආදරණීය පුංචි පැටියා මාරයා අරගෙන ගියොත් අම්මා කෙනෙක්ගේ හැගීම් මොන වගේ වේවිද? එන්න මම හා එක් වී මේ අනූවේදනීය සත්‍ය  කථාවට මදක් සවන් යොමු කරන්න.

අපේ පුංචි පැටව්න්ගේ ආරක්ෂාව තදින්ම හිතනවා. එයාලා තමයි අපේ ජීවිත වල ඉහලින්ම ඉන්නේ, ඒත් හිතන්නවත් නිමේෂයක් ඉඩ නොතබමින් ආදරණීය පුංචි පැටියා මාරයා අරගෙන ගියොත් අම්මා කෙනෙක්ගේ හැගීම් මොන වගේ වේවිද? එන්න මම හා එක් වී මේ අනූවේදනීය සත්‍ය  කථාවට මදක් සවන් යොමු කරන්න.

පුංචි හිරුණිගේ අවුරුද්දේ උපන් දිනය සෞම්‍යාටත් මහේෂ්ටත් ජීවිතයේ ලස්සන දවසක් වුනා. එයාලාගේ ආදරණීය පුංචි පැටියා එයාලාගේ තුරුලට ඇවිත් අවුරුද්දක් සම්පුර්ණ වෙනවා.  ඒක නිසා ඒ දෙන්නා එක්ක ටිකක් ලොකු උත්සවයක් ලෑස්ති කලා. ගොඩාක් නෑදෑයෝ යාලුවෝ ආවේ ගොඩාක් තෑගි අරගෙන, මේ උත්සවය ලස්සනට ගලාගෙන ගියා. පුංචි දූ පොඩිත්ත කේක් එක කැපුවා. හැම උපන්දින සාදයකම වෙනවා වගේ ඊට පස්සේ හැමෝම ඒ ඒ ලෝක වල තනි වුනා.පුංචි පැටියා එයාගේ ලෝකේ තනිවුනා.

පුංචි හිරුණි අම්මායි ආච්චි අම්මායි එක්ක මැද සාලේ හිටියා. ඒ අතරේ අමුත්තෙක්ගේ ඉල්ලීමක් ඉටු කරන්න අම්මා මුලුතැන්ගේ දෙසට ගියා. දවස පුරාම මහන්සි වෙලා හිටපු ආච්චි අම්මාට විනාඩියකට ඇහැ පියවුනා.

මුලින්ම හිරුණි ගෙයි එහෙ මෙහේ දණගෑවා. ඒ අතර තමා දිලිසෙන ටොනික් පියන එයා දැක්කේ, ඒක අතට ගත්ත පුංචි පැටියා ඊලගට ඒක කටේ දාගත්තා.

අනේ මොහොතක් ගතවුනේ නැහැ. ටොනික් පියන පුංචි හිරුණිගේ උගුරේ හිරවුනා. සාලේට එමින් හිටපු සෞම්‍යා දැක්කේ මරු විකල්ලෙන් දගලන සිය දියණියයි.

ඒ දුටු සෞම්‍යා යටිගිරියෙන් කෑගැසුවාය. සැවොම සාලයට දිව ආවෝය. බොහෝ අය ප්‍රථමාධාර දෙන්න උත්සහ කලත් කිසිවෙකු එහි නිසි පිලිවෙල දැන සිටියේ නැත. අවසානයේදී ඇයව වහා රෝහල වෙත ගෙන ගියත් ඒ වෙන විට සිදුවිය යුත්ත සිදු වී තිබුනි. වසරක් ආයු වැලදු පුංචි මල් කැකුල අකලට පර වී තිබුනා.

මට මෙන්ම ඔබටත් දුක හිතෙන්න ඇති, ඒවගේම  මේ පුංචි පැටික්කිය මෙලොව හැර ගියේ දෙමාපියන් වශයෙන් අපිට පාඩමක් කියා දෙමිනි.

දරුවන්ට එක එක දේවල් හිර වෙන්න තියෙන ප්‍රවණතාව වැඩියි. එයාලා අතට අහු වෙන සෑම දෙයක්ම කටේ දාන්න පුරුදු වෙලා ඉන්නවා.

• දරුවෙකුට හිරවිය හැකි සෑම පොඩි කොටසක්ම ඔවුන්ගේ අතට අසුවෙන මායිමෙන් ඉවත් කරන්න.

• සෑමවිටම දරුවා ගැන අවධානයෙන් සිටිය හැකි වැඩිහිටියෙකුට  දරුවා භාර දෙන්න.

• යමක් හිරවු විට පිලිපැදිය යුතු ප්‍රථමාධාර පිලිබඳව දැනුම මෙන්ම පුහුණුවද ලබාගන්න.

• සෑමවිටම නිවස දරුවාට සුරක්ෂිත තැනක් කරන්න.

දෙමාපියනි යමක් සිදු වී පසුතැවෙනවාට වඩා එය වලක්වා ගැනීම වැදගත්. ඔබේ පුංචි පැටියා ආරක්ෂා කරගන්න.

බලන්න: 

www.facebook.com/BritishRedCross/videos/10152560318398124/