ඩෙංගු රෝගය පරදා ජයගන්නට මේ පියවර අනුගමනය කරමු

ඩෙංගු රෝගය පරදා ජයගන්නට මේ පියවර අනුගමනය කරමු

වර්ධනය වන්නට පෙර ඩෙංගු සමග සටන් වදින්නේ කොහොමද? මේ ලිපිය කියවා දැනගන්න.

ඩෙංගු රෝගය නිසා අපේ රටේ අහිමි වූ ජිවිත අපමණයි. ඊට දරුවන් බොහෝ ගණනක්ද ඇතුලත්.  ආසියාතික රටවල ඩෙංගු තවමත් ප්‍රබල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. 

ඉතින් ඩෙංගු රෝගය වලක්වන්න පිළියම් ටිටක් දැනගෙන හිටය නම් හොඳයි නේද?

ඩෙංගු රෝගයේ  මූලික ලක්‍ෂණ

වෛරසයන් ගණනාවකින් ඩෙංගු උණ ඇතිවිය හැකි අතර මෙය එඩීස් (aedes) නම් මදුරුවාගෙන් මිනිස් ශරීරයට ඇතුල් වෙනවා. වෛද්‍ය අනුරන්ග් සක්සේනාට අනුව (සර්වාංග රෝග වෛද්‍ය පිරිමස් රෝහල දිල්ලිය ) කිරි දරුවන්ගේ හා ළදරුවන්ට ඩෙංගු ඇති වූ විට මතු වන රෝග ලක්ෂණ මේවායි.

  • නාසයෙන් සොටු දියර ගැලීම
  • කැස්ස
  • සම මතු පිට අසාදිත තත්වයන්
  • අධික ලෙස උණ
වයසින් වැඩි දරුවන් හා වැඩිහිටියන් තුළින් පෙන්වන රෝග ලක්‍ෂණ.
  • අධික උණ
  • ඇස් සන්ධි වේදනා, කොන්දේ වේදනා හා හිසරුදාව
  • කෑම අරුචිය
  • ඔක්කාරය
  • වමනය
  • උණ ගැනීමෙන් දින කිහිපයකට පසු සමේ ඇති වෙන අසාදිත තත්වයන්.
  • නාසයෙන් හා විදුරු මස් වලින් ලේ ගැලීම

ඩෙංගු රෝගය වැළදීමෙන් පසුවත් රෝගියා ඉතා දුර්වල කරන අතර එය කාලයක් යන තුරුම රෝගියාට බලපෑමක් ඇති කිරීමට සමත් වෙනවා.

hospital_1

ඩෙංගු රෝගය හඳුනා ගැනීම හා සත්කාර කිරීම.

වෛද්‍යවරයෙකු විසින් රුධිර පරීක්ෂාවකින් පසු ඔබේ ශරීරය තුළ ඩෙංගු වෛරසය ඇති බව සොයා ගත්තද ඊට නිර්දේශිත නිසි බෙහෙත් වර්ගයක් ඇත්තේ නැහැ.

එතරම් දරුණු නැති ඩෙංගු රෝග තත්වයකදී විජලනය වැළක්වීමට හැකි තරම් බීම වර්ග පානයට දීම හා ඇඳ විවේකය ලැබීමත් සුවය ලබාගැනීමට හැකියාව ඇත.

ඔබේ දරුවා ඩෙංගු වලින් වළකා ගන්නේ කොහොමද? 

“ඩෙංගු රෝගයට නිර්දේශිත බෙහෙත් හෝ එන්නතක් නොමැති නිසා එය වැළඳීමට පෙර වළක්වා ගැනීම එකම පිළියම ලෙස හඳුන්වන්න පුළුවන්”, වෛද්‍ය සක්සේනා පවසනවා.

හැකි තරම් ඩෙංගු අසාදිත මදුරුවන්ගෙන් ගැලවීම සඳහා වර්ෂා කාලයේ හා ඉන් පසුව ඩෙංගු මදුරුවන් ඇතිවීම වළක්වා ගැනීම කළ යුතු වෙනවා. ඒ සඳහා,

  • ඔබේ නිවස පිරිසිදුව, වතුර රැඳෙන ස්ථාන පිරිසිදු කර තබන්න.
  • ඔබේ දරුවාගේ ඇඟ වැසෙන ලෙස ඇඳුම් අන්දවන්න.
  • දරුවන්ට ලා පැහැති ඇඳුම් අන්දවන්න. (තද පැහැති ඇඳුම් වලට මදුරුවන්ගේ ආකර්ෂණය වැඩියි)
  • නින්දේදී මදුරු දැල් භාවිතා කරන්න.
  • නීති පතා කුණු කසල ඉවත් කරන්න.
  • මල් පෝච්චි හා මැරුණු ගස් ඉවත් කරන්න.

ඊට අමතරව,

  • මදුරුවන් සඳහා නිර්දේශිත ක්‍රීම් වර්ග අලේප කරන්න.( නමුත් කිරි දරුවන්ගේ සම මතු පිට ආලේපය සුදුසු නැහැ)
  • වතුර එකතු විය හැකි තැන් වළක්වා දමන්න. ඔබේ ගෙමිදුලේ උණ ගස් වල, ඉවත් කරන ලද ටයර් ආදියෙහි ජලය එකතු වීමෙන් මදුරුවන්ට බිත්තර දැමීමට අවස්ථාවක් ලැබෙනු ඇත.
  • ජනෙල් හා දොරවල් වල සිදුරු ඇත්නම් ඒවා වසා දමන්න.
  • මදුරුවන් පලවා හරින ස්වභාවික ශාක නිවාස අවට තබා අධ්‍යනය කර බලන්න.
  • මදුරුවන් ගැවසෙන කාලය තුළ දරුවන් නිවසින් පිටත තැබීමෙන් වළකින්න.
ඩෙංගු රෝගය පිළිබඳ වැරදි  නිගමන ගැනීම

වෙනත් වෛරස් ආසාදනයන් වලටද ඩෙංගු රෝගයේ ලක්ෂණ මතු වීමට ඉඩ තියෙනවා. ඒ නිසා මේ බව පැහැදිළිව වටහාගෙන වැරදී තීරණ ගැනීමෙන් වැළකිය යුතු බව වෛද්‍ය සක්සේනා පවසනවා. නමුත් දෙමාපියන් අතින් මේ අතපසු වීම් වෙන්න පුළුවන්.

  • අන්තර්ජාලය හා මිතුරන් ගෙන්, වෙනත් තොරතුරු මගින් සඳහන් කරන ක්ෂණිකව ඩෙංගු රෝගය සුව කරන බෙහෙත් වර්ග ගැන විශ්වාස කරන්න එපා.
  • ඇස්ප්‍රින් අඩංගු බෙහෙත් අභ්‍යන්තර රුධිර වහනය වැඩිකරන අතර ඔබ විසින් බෙහෙත් නිර්ණය කිරීමෙන් වළකින්න. වෛද්‍ය උපදෙස් පිළිපදින්න.
  • මදුරුවන් පලවා හරින ද්‍රව්‍ය මගින් මදුරුවන් ඇතිවන ස්ථානවල ඇති ඩෙංගු වාහකයන් මර්ධනය වෙතැයි නොසිතන්න.
  • ඔබේ දරුවාට වරක් ඩෙංගු වැළදීම නිසා තවත් වරක් ඩෙංගු වැළඳෙන්නේ නැතැයි සිතන්න එපා. එහි අවධානම නැවත නැවතත් ඇති අතර එසේ වැළඳීමෙන් වූ මරණ වාර්තා වෙනවා.

 අපේ දරුවන් ආරක්ෂා කරගැනීම දෙමාපියන්ගේ වගකීමක්. මෙවැනි රෝග වලින් වළක්වා ගැනීමේ වගකීම ඇත්තේ දෙමාපියන්ට පමණයි. theAsianparent Sri Lanka අපි ඔබව දැනුවත් කළේ ඒ වගකීම වෙනුවෙන්මයි.

theIndusparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

 

 

Written by

Deepshikha Punj