මව්කිරි දීමෙන් පසු ඔබේ තනපුඩු පිරිසිදු කිරීම

lead image

මවගේ මව් කිරි වල බොහෝ ප්‍රතිශක්තිකරණ සාධක ඇති නිසා තනපුඩු අවට බැක්ටීරියා හෝ යීස්ට් වල වර්ධනය අධෛර්යමත් කිරීම සුබ ආරංචියකි.

මාතෘත්වයේ මුලික අවධියේ ඔබේ දරුවාට මව්කිරි දීම වඩා විශේෂ අවස්ථාවන්ගෙන් එකකි. ඔබේ දරුවා ඔහුගේ වර්ධනයට අවශ්‍ය නිවැරදි පෝෂ්‍ය පදාර්ථ ලබා ගන්නා බවට සහතික කිරීමට මෙය හොඳම ක්‍රමයකි. නමුත් ඒය මව සහ දරුවා අතර හැගීම්බර බැඳීමක් ඇති කරයි.

බොහෝ කාන්තාවන් මිල අධික බ්‍රා මිල දී ගැනීම සහ පියයුරු පොම්ප සඳහා මුදල් වියදම් කිරීම සඳහා සූදානම් වන අතර බොහෝ විට දරුවා පෝෂණය කරන විට, පියයුරු වල සනීපාරක්ෂාව පවත්වාගෙන යාම විශේෂයෙන් මව්කිරි දීමෙන් පසු ඔබේ තනපුඩු පිරිසිදු කිරීම ගැන කිසිවක් සිතන්නේ නැත.

නමුත් අපි සමහර මිල අධික රැකවරණ උපකරණ නිර්දේශ කිරීමට යනවා යයි ඔබ සිතන්නටත් පෙර, සැහැල්ලු වන්න. පියයුරු සනීපාරක්ෂාව යනු බොහෝ විට ඔබගේ වෙනත් සංකීරණ බාහිර රැකවරණයක් ලබනවා වෙනුවට මව්කිරි දීමෙන් පසු ඔබේ තනපුඩු පිරිසිදු කිරීම සඳහා සරල නීති අනුගමනය කිරීම වෙයි.

මව්කිරි දීමේදී ඔබේ තනපුඩු පිරිසිදු කිරීම

1. සැහැල්ලු කපු රෙදි කිහිපයක් අත ලගින් තබා ගන්න. ඔබේ දරුවා මව්කිරි දෙන සෑම විටම නිරෝගීව සතුටින් පෝෂණය වන බව සහතික කිරීම සඳහා ඔබට කළ යුතු සියලුම දේ මෙය විය හැකිය.

ඔබේ මව්කිරි දීමෙන් පසු ඔබේ තනපුඩු පිරිසිදු කිරීම සඳහා ඔබ අනුගමනය කළ යුතු නීති නැත. නමුත් සෞඛ්‍ය සම්පන්න ක්‍රියාවක් ලෙස සෑම මව්කිරි ලබා දීමෙන් පසු  තෙත් පිරිසිදු කපු රෙදි වලින් ඔබේ පියයුරු පිස දමන්න.

පිස දැමීමෙන් පසු බ්‍රා ඒක ඇදීමට පෙර පියයුරු වියළි ඇති බව සහතික කිරීම සඳහා මිනිත්තුවක් ඉවසන්න. මෙය ඇතුලත තෙත් බවක් නොමැති බව සහතික කරනු ඇත.

2. වැඩිපුර පිරිසිදු කරන්න එපා: මව්කිරි දීමෙන් පසු ඔබේ තනපුඩු පිරිසිදු කිරීම වැඩිපුර කිරීම ගැන  වෛද්‍යවරුන්  අනතුරු අඟවයි. මවගේ මව් කිරි වල බොහෝ ප්‍රතිශක්තිකරණ සාධක ඇති නිසා තනපුඩු අවට බැක්ටීරියා හෝ යීස්ට් වල  වර්ධනය අධෛර්යමත් කිරීම සුබ ආරංචියකි. වැඩිපුර පියයුරු පිරිසිදු කිරීම හෝ සේදීම වියළි බවක් ඇති කරනවා පමණි.

3. සිරුරට සුවද විලවුන් විදීමෙන් වලකින්න.: එහෙත්, පියයුරු ප්‍රදේශය අසල කිසියම්  සුවද විලවුන් වර්ගයක් විදීමෙන් වලකින්න. ස්නානය කිරීමේදී සාමාන්‍ය පිරිසිදු ජලය සහ මෘදු සබන් යොදා පිරිසිදු කිරීමේ ක්‍රියාවලියක් පවත්වා ගන්න.

අතිරේක ලෝෂන් හෝ සුවඳ වර්ග භාවිත කිරීම නිර්දේශ නොකරයි.

4. කපු බ්‍රා භාවිතා කරන්න: පියයුරු පුඩු හා මව්කිරි දීම වැනි ඔවුන්ගේ ජීවිතයේ නව යථාර්ථයන් සමඟ සමහර මව්වරුන් පොරබදමින් සිටිය හැකි අතර ඔවුන්ගේ හැගීම් ඉහළ නැංවීමට මිල අධික යට ඇදුම් මිලදී ගැනීමට ඔවුන් කැමති වෙනවා.

එහෙත් බැක්ටීරියා වලට  ඇතුලුවීම වැළැක්වීම සඳහා ප්‍රමාණවත් ආවරණ සහිත කපු රෙදි වර්ග  මිල දී ගැනීමට උපදෙස් දෙනු ලැබේ.

5. නිතර පියයුරු වලට තබන පෑඩ් මාරු කරන්න: ඔබ පියයුරු වලට තබන පෑඩ් භාවිතා කරන්නේ නම්, ඔබ එය නිතර මාරු කළ යුතු ය. තෙත් පියයුරු වලට තබන පෑඩ් මගින් ආසාදනය හෝ තණ පුඩු ප්‍රදාහය ඇති වෙන බැක්ටීරියා සඳහා සාරවත් ප්‍රදේශයක් සපයයි.

6. පිපිරි ගිය තන පුඩු වලට ප්‍රතිකාර කරන්න: පිපිරි ගිය තන පුඩු වල වේදනාව අලුත් මව්වරු දන්නවා. නමුත් බොහෝ විට පිපිරි ගිය තන පුඩු වල ඔලිව් තෙල් හෝ පොල් තෙල් ආලේප කිරීමෙන් සුවය ලැබෙයි.

වෛද්‍යවරු දරුවන්ට ආරක්ෂිත හා ස්වාභාවික ආලේපන භාවිතය නිර්දේශ කිරීමයි. නමුත් සෞඛ්‍ය පුරුද්දක් වශයෙන් ඔබ පියයුරු පිපිරීමට පෙර තෙල් සුළු ප්‍රමානයක් භාවිතා කළහොත් එය ඔබේ පියයුරු සජීවිව දිගුකල් තබා ගැනීමට හේතු විය හැකිය. මව්කිරි දීමට පෙර පියයුරු වල තැවරු තෙල් කපු රෙදි වලින් පිස දමන්න.

ඔබ මව්කිරි දීමෙන් පසු ඔබේ තනපුඩු පිරිසිදු කිරීම සදහා අඩු වියදමෙන් කල හැකි මේ පියවර ඔබ වෙත ගෙන ආවේ the Asianparent Sri Lanka විසිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී