theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

තනි වූ 8 හා 12ස් හැවිරිදි දූටයි පුතාටයි බාප්පා කළ සහ ගහන අපරාධය

4 අවම කියවීම
තනි වූ 8 හා 12ස් හැවිරිදි දූටයි පුතාටයි බාප්පා කළ සහ ගහන අපරාධයතනි වූ 8 හා 12ස් හැවිරිදි දූටයි පුතාටයි බාප්පා කළ සහ ගහන අපරාධය

දරුවන් අපේ ජීවිතයයි. ජීවිතයේ හැම දේටම වඩා වටින්නේ ඔවුන්. දරුවන් ඇස් දෙක මෙන් රැකගන්න. මෙවන් විපතක් වන්නට ඉඩ තියන්න එපා! ගම්පහ ප්‍රදේශයෙන් වාර්තා වන ශෝචනීය පුවතක්.

අපගේ ලිපි තුළින් නිතරම දරුවන්ගේ ආරක්ෂාව සැළකිලිමත් විය යුතු බව අප හුවා දක්වනවා. පුංචි දරුවන්ට අතවර කරන අය ඔබ නොදැනුවත්ව වුනත් ඔබේ ගෙදරම ඉන්න පුළුවන් බව ඔබ දැනසිටියාද? ලිපියෙන් ඔබ වෙත ගෙන ආ අනතුරු ඇඟවීම් යලිත් වරක් තහවුරු කරමින් පවුලේම කෙනෙකු අතින් අහිංසක දුවෙකුයි පුතෙකුයි අතවරයට අපගේ ලක් වීමේ පුවත හිරු නිව්ස් විසින් වාර්තා කරන්නේ අගනුවරින් වැඩි ඈතකින් නොවේ, ගම්පහ පැත්තෙන්.

පුංචි දැරියගේ වයස අවුරුදු 8ක් වූ අතර පිරිමි දරුවට වයස අවුරුදු 12යි. දරුවන්ගේ දෙමාපියන් වෙන්ව සිටි නිසා දරු දෙදෙනා ජිවත් වුයේ ඔවුන්ගේ භාරකාරීත්වය හිමි වූ පියා සමඟ. පසුගිය දවසක පියාගේ සොහොයුරා නිවසට පැමිණි අවස්ථාවක එම පියා මළ ගෙදරකට පිටව ගොස් තිබෙනවා. එම සොහොයුරා දරු දෙදෙනා බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කලේ එවිටයි.

තමන්ට වූ හිංසාව දරා ගත නොහැකි වූ දියණිය තම පියාට සිදු වූ දෙය පැවසූ පසු ඇයගේ කුඩා සොයුරාද පියාට ඒ ගැන සැල කළා. මේ ඔස්සේ සිදු කළ විමර්ශනයෙන් අනතුරුව පියාගේ මලනුවන් අත් අඩංගුවට ගෙන අගෝස්තු මස 23 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය විසින් නියෝග කර තිබෙනවා. ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නන්ගර වෙත සැකකරු ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබා දී ඇත්තේ. දරුවන් අන්ද සිටි ඇඳුම්ද රස පරීක්ෂක වෙත යොමු කල අතර අද දින ජෛව සාම්පලයක් සඳහා සැකකරු රසපරික්ෂකවරයා වෙත යොමු කෙරෙනු ඇති.

කෙසේ නමුත් බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් වූ දරුවන් මේ වන විට ගම්පහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. තව නොබෝ දිනකින් ඔවුනට ශාරීරක සුවය ලැබෙනු ඇති. ඔවුන්ගේ සදාකාලික මානසික තුවාල සුව කල හැකි වෙයිද?

පුංචි දරුවන්ට අතවර කරන අය ඔබ නොදැනුවත්ව වුනත් ඔබේ ගෙදරම ඉන්න පුළුවන් බව ඔබ දැනසිටියාද? ලිපිය නැවත වරක් කියවන්නට ඔබට ආයාචනා කරන අතර මෙවන් අනතුරු වලට මුහුණ නොදෙන්නට, දෙමාපියන් හැටියට අපට කල හැකි දෑ කිහිපයක් ගැන ඔබ දැනුවත් කරමු.

දරුවා පවුලේම කෙනෙක් හෝ දන්නා කෙනෙක් විය හැකි කාමාතුරයින්ගෙන් රැකගන්නේ කෙසේද?

1. නොදන්නා අය කෙරෙහි පමණක් අනවශ්‍ය බියක් ඇති නොකරන්න

බොහෝ මවුවරුන් දරුවන් රැකගන්නේ නොදන්නා අයගෙන්. දරුවන්ට මේ නිසා නන්නාඳුනන අය ගැන මැවෙන්නේ භයානක චිත්ත රුපයක්. බිල්ලෝ වගේ. හොඳින් හඳුනන අයව දරුවන් තම රැකවලුන් ලෙසට විශ්වාස කරනවා. මේ නිසා දරුවන්ට කියා දිය යුත්තේ මව හෝ මිත්තනිය නොවන කිසිවකු හෝ සමඟ කොතනදිවත් තනි නොවිය යුතු බවයි.

තනි වූ කිසිම විටෙක හෝ තමන් අතපත ගාන හසුරුවන ආකාරයෙන් හානිකර අවස්ථාවන් ගැන ඉඟි කරන බව දැනුවත් කල ඉතුයි. එම අවස්ථාවක වහාම එතැනින් ඉවත්ව තමා විශ්වාස කරන කෙනෙකු වෙත යොමු විය යුතු බව වටහා දිය යුතුයි. හදිසි අවස්ථා වල දරුවාට කතා කල හැකි හෝ දුරකථන ඇමතුමක් ගත හැකි අය කවුරුන්ද කියා දරුවාට කියා දිය යුතුයි.

2. දරුවා අතවරයකට ලක් විය හැකි සියලුම අවස්ථා මග හරින්න

දරුවාගේ වට පිටාව සුරැකි තැනක් කිරීමේ වගකීම සම්පුර්ණයෙන්ම දෙමාපිය ඔබ සතු වනවා. විශේෂයෙන්ම ඔබ දෙදෙනාම රැකියාව කරනවා නම් දරුවාගේ යාම් ඊම් ගැන ඔබ මනාව දැනුවත් විය යුතුයි.  බොහෝ දෙමාපියන් දරුවන්ව නිතර දන්නා ගෙවල් වල තබා යනවා. අහල පහල ගෙවල් වලට යවනවා. මේ දේවල් පුද්ගලයින් ගැන සොයා බලා මිස නොසැලකිල්ලෙන් නම් කරන්න එපා! ඔබ නොදැනුවත්ව කරන්නේ දරුවා මාරු කටට ලං කරන එක.

3. වැඩිහිටියන්ට දරුවන්ගේ උදව් අවශ්‍ය නැහැ

වැඩිහිටියන්ට දරුවන්ගේ උදව් අවශ්‍ය නැති බව නිතර කියා දෙන්න. මක් නිසාද යත් දරුවන් වෙත කාමාතුරයන් බොහෝ විට ලං වන්නේ ඔවුන්ගේ අනුකම්පාව ලබා ගනිමින් හෝ යම් උදව්වක් ඉල්ලමින්. දරුවාට යම් සැකයක් උපදින විධියට වැඩිහිටියෙක් ක්‍රියා කළහොත් කෑ ගසා උදව් ඉල්ලිය හැකි තැනකදී (අවට සෙනග හෝ වෙන කවුරුන් හෝ සිටී නම්) එසේ කෑ ගසා එතනින් ඉවත් වන්නට කියා දැනුවත් කරන්න. කවුරුත් නැති තැනකට කා සමඟවත් නොයන ලෙසට උපදෙස් දෙන්න.

4. දරුවාගේ හැසිරීම් වෙනස්කම් ගැන විපරමින් ඉන්න

දරුවාව ලෝකයේ හොඳින්ම අඳුරන්නේ ඔබයි. ඔබේ දරුවාව ඔබ කිට්ටුවෙන්ම දන්නේ නම් ඔහුගේ හෝ ඇයගේ චරියාවේ වෙනස්කම් ඔබට ක්ෂණයකින් හඳුනාගන්න පුළුවන්. දරුවා ඔබට යමක් නොකී මුත් නින්දේදී අනවශ්‍ය ලෙස බිය වනවා නම්, ඉක්මනින් තැති ගන්න ස්වභාවයක් ඇත්නම් දරුවා කුමක් හෝ මානසික පීඩනයකට මුහුණ දෙනවා වන්නට පුළුවන්. ඒ ගැන ඔබ විමසිලිමත් විය යුතුයි.

5. දරුවාට ඕනෑම දෙයක් කතා කල හැකි ඝණයේ දෙමාපියන් වන්න

දරුවා අතින් බඩුවක් කැඩුනොත් ඔබ කෑ කෝ ගසන මවක් හෝ පියෙක් නම් දරුවාගේ ප්‍රශ්ණ, අතවර, බලපෑම් ගැන ඔබට නිදහසේ විවෘත වේයැයි හිතන්නට අමාරුයි. එම නිසා දරුවා අතර හොඳ සන්නිවේදනයක් පවත්වා ගැනීමෙන් සිදුවිය හැකි අතවර පමණක් නොවේ සුහදශීලී මවුපියන්ට ඔබට කල් තියාම දරුවාව ආරක්ෂාකාරීව මෙන්ම බුද්ධිමත්ව කටයුතු කිරීමට උදව් කල හැකි වනවා.

දරුවන් ඔබ හැර වෙන කිසිඳු කෙනෙක් සමඟ තනි නොකිරීමට වග බලා ගැනීම ඉතාම වැදගත්. ඉහත ප්‍රවෘත්තියේ පවා දරුවන්ගේ තාත්තාට වැරදුන තැනකින් මොහොතකින් තාත්තගේ මලනුවන් කමතුරයෙක් බවට පත් වුනා. මෙහි විශේෂත්වයක් නම් දරුවන්ට තම පියා සමඟ මෙය කතා කිරීමට හැකිව තිබීමයි. එසේ නොවන්නට ඔවුන්ගේ ඉරණම මෙයටත් වඩා වෙනස් වන්නට ඉඩ තිබුනා. මෙම ක්‍රියාමාර්ග පිළිපැද ඔබේ දරුවා ඇස් දෙක මෙන් රැකගන්නා ලෙස අපි ආදරයෙන් ආයාචනා කරනවා.  

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • දේශීය පුවත්
  • /
  • තනි වූ 8 හා 12ස් හැවිරිදි දූටයි පුතාටයි බාප්පා කළ සහ ගහන අපරාධය
බෙදාගන්න :
  • අප ආදරය කරන සීයා කෙනෙකුට දරුවකු කෙලෙසිය හැකිද?

    අප ආදරය කරන සීයා කෙනෙකුට දරුවකු කෙලෙසිය හැකිද?

  • සෙල්ෆි ගන්නට ගිහින් සොයුරන් දෙදෙනෙක් මරුට

    සෙල්ෆි ගන්නට ගිහින් සොයුරන් දෙදෙනෙක් මරුට

  • අප ආදරය කරන සීයා කෙනෙකුට දරුවකු කෙලෙසිය හැකිද?

    අප ආදරය කරන සීයා කෙනෙකුට දරුවකු කෙලෙසිය හැකිද?

  • සෙල්ෆි ගන්නට ගිහින් සොයුරන් දෙදෙනෙක් මරුට

    සෙල්ෆි ගන්නට ගිහින් සොයුරන් දෙදෙනෙක් මරුට

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it