මව්කිරි දෙන මව්වරුන්ගේ තන පුඩු ආසාදන වලින් ආරක්ෂා කරගන්න මග

lead image

ඔබ කවදා හෝ ඔබේ පියයුරු වලින් තියුණු  වේදනාවක්  අත්විද  තන පුඩු  ආසාදන වලට ගොදුරුව හෝ ඔබේ දරුවාගේ මුඛය දිලීර ආසාදනයකට ලක්ව තිබේ නම් මේ ලිපිය ඔබ කියවිය යුතුය.

මව්කිරි දීමෙන් මවට හා දරුවාට ප්‍රතිලාභ  අත්වේ. නමුත් දරුවන්  සම්බන්ධ අනෙක් දේවල්  මෙන් එහිද වාසි අවාසි ඇත.

මව්කිරි දීමේ වාසි ගැන බොහෝ ලිපි ලියවී ඇති නිසා අපි බහුලව පවතින වේදනාකාරී මව්කිරි දෙන මව්වරුන් මුහුණ දෙන තන පුඩු ආසාදන ගැන සොයා බලමු.

තන පුඩු  ආසාදන යනු කුමක්ද?

මව්කිරි දෙන විට ඔබට පියයුරු වලින් තියුණු වේදනාවක් දැනෙනවා නම් හෝ ඔබේ තන පුඩු කසන සුළු හා දීප්තිමත් රතු පැහැයෙන් යුක්ත නම් ඔබට බොහෝ විට තන පුඩු ආසාදනයක් වැළදි තිබෙන්න පුළුවන්.

මෙම තන පුඩු  ආසාදන සදහා  Candida albicus නැමති දිලීරය හේතු වේ.

වෛද්‍ය ශිරාස්ට අනුව මුඛය  සහ යෝනි මාර්ගය, බබාගේ ඩයිපර් ප්‍රදේශය, බ්‍රා පෑඩ් සහ නිතර තෙත්ව පවතින, උණුසුම්, අඳුරු, තෙතමනය සහිත ශේෂ්මල සහිත ස්ථාන වල මෙම  දිලීරය වර්ධනය වේ.

මෙම දිලීරය ඔබේ තන පුඩු වල වර්ධනය වීම ආරම්භ වෙන විට නිපල් කැන්ඩිඩා (nipple candida/ nipple thrush) නමින්ද හැඳින්වෙන තන පුඩු ආසාදනය ඇතිවේ.

ඔබ ගර්භණී නම් හා යෝනි  මාර්ග  ආසාදන වී ඇත්නම්, ඔබ ඔබේ  දරුවා බිහි කිරීමට පෙර එයට ප්‍රතිකාර ගැනීම සුදුසු වේ.

src=https://lk admin.theasianparent.com/wp content/uploads/sites/5/2017/02/Breast Feeding mum.jpg මව්කිරි දෙන මව්වරුන්ගේ තන පුඩු  ආසාදන වලින් ආරක්ෂා කරගන්න මග

තන පුඩු  ආසාදන වල රෝග ලක්ෂණ

තන පුඩු ආසාදනයේදී ඇති වන  පහත සඳහන් ලක්ෂණ  ඔබගේ පියයුරු වල පරීක්ෂා කරන්න.

• පැහැය  වෙනස් වු ලද අපැහැදිලි හෝ දැවිල්ලක් හෝ කසන සුළු බවක් ඇති තන  පුඩු;  දිලිසෙන, සිහින්, පැල්ලම් සහිත සහ / හෝ කුඩා බිබිලි සමග

• මව්කිරි දීමට පෙර හා පසු  පුඩුවේ සිට පියයුර දෙසට හෝ  පුඩුවේ සිට අත පිටුපසට  යන තියුණු වේදනාව

මව්කිරි දීම හා එම ඉරියව්ව වඩා හොද පරිදි සකස් කලද අඩු නොවන ක්ෂනික  තනපුඩු හෝ පියයුරු වේදනාව

• ගැඹුරු පියයුරු වේදනාවක්

• පිපුරුන  හෝ මෘදුව ඇල්ලුවත් සංවේදී තනපුඩු  (ඇඳුම්  හෝ උණු වතුර)

ඔබේ තන පුඩු වේදනා දේ නම් ඔබට මෙම රෝග තත්වය ඇතිවී තිබිය හැකිය. ඔබේ දරුවාගේ මුඛයේ ආසාදන ඇතිවීමට හෝ ඊස්ට් වලට අදාල නැපි රෑෂ් එකක් ඇතිවීමට හේතු විය හැක.

• වේදනාවකින් තොරව මව්කිරි දීමෙන් පසු ඔබේ තන පුඩු වලින් හදිසියේම වේදනාවක් ඇති වේ.

• ඔබ දැනට ප්‍රතිජීවක ඖෂධ ලබා ගන්නවා නම්  හෝ දැනට ඒවා ලබා අවසන් කලා.

මව්කිරි දෙන මවකට  තන පුඩු ආසාදනය ඇති බව දැන ගන්නේ කෙසේද?

ඔබ මව්කිරි ලබා දෙන්නේ  නම් සහ ඔබේ කුඩා දරුවෙකු මුඛයේ ආසාදනයක් ඇති නම්, එය ඔබගේ තනපුඩු ආසාදනයට හේතු විය හැකි බව එක්සත් ජනපදයේ ජාතික සෞඛ්‍ය ආයතනය පවසනවා.

ඇත්ත වශයෙන්ම, මව්කිරි දීම තුලදී Candida albicus සදහා සුදුසු පරිසරයක් නිර්මාණය වෙනවා.

ඒ එය උණුසුම්, තෙත්, අඳුරු තැන් වල මෙන්ම මව්කිරි දෙනවිට ඔබේ දරුවාගේ මුඛය වැනි සීනි සහිත ස්ථානවල සාර්ථකව වර්ධනය වෙන නිසයි.

ඔබටත් තනපුඩු ආසාදනය  ඇති වීමේ වැඩි අවදානමක් ඇති විය හැකි අවස්ථා:

1. ඔබ හෝ ඔබේ දරුවාට මෑතකදී ප්‍රතිජීවක ඖෂධ ලබා ගත්විට: වෛද්‍ය  විශේෂඥයින් පවසන ආකාරයට  මෙම දිලීර පාලනය කරන බැක්ටීරියා සංඛ්‍යාව ප්‍රතිජීවක ඖෂධ  මගින් අඩුවේ.

2. ගර්භනී කාලයේදී යෝනි මාර්ගයේ ආසාදන: ගර්භනී අවධියේදී, ඊස්ට්‍රජන්  හා ප්‍රොජෙස්ට්‍රෝන්  මට්ටම  ඉහල යෑමෙන්  යෝනි මාර්ගයේ  pH මට්ටම් වෙනස් වීම නිසා යීස්ට් වර්ධනය  වනු ලබයි. සෞඛ්‍ය   වෘත්තිකයන් පවසන්නේ  මේ සදහා ප්‍රතිකාර නොකලහොත් ස්වාභාවික දරු උපතකදී ඔබේ පුංචි  දරුවාට  මුඛ ආසාදනයක්  ඇතිවිය හැකිය . මෙම ආසාදනය මව්කිරි දීම තුළදී ඔබට  ආසාදනය විය හැකිය.

3. ඔබේ තන පුඩු පැලී හෝ පුපුරා  ඇතිනම්: ඔබේ දරුවාට මුඛ ආසාදනයක් ඇත්නම් එය පහසුවෙන් පුපුරා ගිය  තනපුඩු  වලින් ඔබට ආසාදනය විය හැකිය .

4. ඔබ උපත් පාලක පෙති  හෝ ස්ටෙරොයිඩ් භාවිතා නම්: බාම්ස්ගල් සහ මයිකල්ස් (1992) අනුව, ඊස්ට්‍රජන්  අඩංගු උපත් පාලක පෙති ලබා ගන්නා මව්වරුන් යීස්ට් ආසාදන සදහා ගොදුරු වීමට ඉඩ ඇත. වෙනත් වෛද්‍ය  වෘත්තිකයින් පවසන පරිදි දිගුකාලීන ස්ටෙරොයිඩ් භාවිතය (ඇදුම හෝ බරපතල  අසාත්මිකතා සඳහා භාවිතා කරන ) සහ යීස්ට් ආසාදන අතර සම්බන්ධතාවක් වාර්තා වෙනවා.

ආසාදනයක්  ඇති බව  ඔබට සැක සහිත නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

තන පුඩුව සඳහා ප්‍රතිකාර කිරීම

NHS වලට අනුව, ඔබේ තනපුඩු  වල ආසාදනයක් තිබේ  නම්,  අසාදනයට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රතිදිලීර ක්‍රීම් භාවිතා කරන අතරම වෛද්‍යවරයා දිගටම ඔබට මව්කිරි දීමට උපදෙස් දෙනු ඇත.

LLLI විශේෂඥයින් පවසන්නේ   දින හතරකට වරක් හෝ සෑම මව්කිරි දීමේ වාරයකට පසු ප්‍රතිකාර කිරීමටය.

ඔබේ රෝග ලක්ෂණ අතුරුදන් වී සති දෙකක් ‍යන තුරු  ප්‍රතිකාර දිගටම කරගෙන යාම ඉතා යෝග්‍ය වේ.

ඔබට සුවය ලැබීම ආරම්භ වීමට  පෙර ප්‍රතිකාර ආරම්භ වීමෙන් දින කිහිපයකට පසු රෝග ලක්ෂණ වඩාත් නරක අතට හැරෙන බව ඔබට මතක තබා ගන්න.

තනපිඩු ආසාදනය  වළක්වා ගැනීමට උපදෙස්

සමහර විට එය වේදනාකාරී වුවත්, පියයුරු  හිරවීම හා තනපුඩු ප්‍රදාහය වැළැක්වීම සඳහා ඔබට තනපුඩු ආසාදනය ඇතිවිට  දිගටම මව්කිරි දීම  වැදගත් වේ.

පියයුරු හා තනපුඩු ආසාදනය වර්ධනය වීමට පෙර එයින් මිදීම මදක් අසීරු විය හැකි අතර  ඒ මගින් අපහසුතාවය හා වේදනාව ඇතිවිය හැකිය. මේ නිසා, පළමුවෙන්ම එය වළක්වා ගත හැක්කේ  කෙසේද යන්න පිළිබඳව තොරතුරු ඔබ දැන සිටීම  වඩාත් සුදුසුය.

පහත දැක්වෙන්නේ තනපුඩු ආසාදනය වැළැක්වීම සඳහා LLLI සහ Dr. Sears වෙතින් විශිෂ්ට ඉඟි කිහිපයක්:

1. නිතර   අත් සේදීම ( මව්කිරි පෙර සහ පසු , වැසිකිලිය භාවිතා කිරීමෙන් පසු, සහ  ඩයපර් මාරු කිරීමට පෙර හෝ පසුව) උණුසුම්   සබන්  මිශ්‍ර ජලය , කඩදාසි තුවා භාවිත කරන්න.

2. අයිස් දැවටු රෙදි කැබැල්ලකින් මව්කිරි දීමට  පෙර තන පුඩු තවන්න.

3.වේදනාකාරී පැත්තෙන් පටන් ගෙන කෙටි කිරිවේල් නිතර දෙන්න. ඔව්, මේ තත්වය යටතේ ඔබේ දරුවාට කිරි දීම ඉතා දරුණු වේදනාවක් ලබා දෙනවා .

එහෙත්, ඔබේ පියයුරු වලින් නිතර  කිරි ඉවත් කර කිරි නහර අවහිර වීම වළක්වාගන්න. මව්කිරි දීම  වඩාත් වේදනාකාරී වන්නේ නම්, වේදනාව අඩුවෙන තුරු ඔබේ කිරි තාවකාලිකව දොවා  බෝතලය මගින් ඔබේ කිරි දරුවාට ලබාදෙන්න.

4. දවසට තුන් හතර වතාවක්  ග්‍රීන් ටී පානය කරන්න. එය ඔබේ පද්ධතිය තුල අතිරේක ඊස්ට්  ඉවත්  කිරීමට උදව් විය හැක.

5. සජීවී ක්‍රීයාකාරී එකතුන් අඩංගු වන යෝගට් ආහාරයට ගැනීමෙන් හෝ acidophilus  මුඛයෙන් ගැනීමෙන් යීස්ට් වර්ධනය වීම වළක්වන  හිතකර බැක්ටීරියා වර්ධනය කර ගත හැකිය.

6. සීනි සහ / හෝ යීස්ට් (බියර්, වයින්, සෝඩා , පාන්, අතුරුපස, ආදිය)  විශාල ලෙස  අඩංගු  ආහාර ආහාරයට එකතු කර ගැනීම  අවම කරන්න.

7. ඔබ ආහාර වේලෙන්   යීස්ට් හා සීනි අඩු කිරිමෙන් ආසාදනය පැතිරම අඩු කිරීමට ඔබට උපකාර විය හැකිය.

8. ඔබේ දරුවා සුප්පුවක් හෝ බෝතලේ  පුඩුව භාවිතා කරන්නේ නම්, දිනකට විනාඩි 20 ක් උණු ජලයේ තැම්බීම කල යුතු අතර සෑම සතියකම එය ඉවත් කර අලුත් එකක් භාවිතයට  ගන්න.

9. කිරි සහ තෙතමනය රැදිය හැකි ප්ලාස්ටික්වලින් සාදා ඇති බ්‍රෙස්ට් පෑඩ් වලින් වළකින්න. සෑම මව්කිරි ලබා දීමකින් පසු ඔබගේ බ්‍රෙස්ට් පෑඩ් වෙනස් කිරීමට මතක තබා ගන්න.

10. ඔබ කිරි දොවනවා නම්, කිරි සමග ගැවී ඇති අදාල උපකරණයේ සියලුම කොටස් දැඩි ලෙස විෂබීජහරණය කරන්න .

11. මව්කිරි අධිශීතකරණයේ බහාලන්න එපා . ඔබට තනපුඩු ආසාදනයක්  ඇති විට දොවන ලද කිරි අධිශීතකරණයේ දැමුවිට ඊස්ටි විනාශ නොවේ.

12. ඔබේ දරුවා මුඛයට දමන  සෙල්ලම් බඩු උණුසුම්, සබන් සහිත ජලයෙන්  සෝදාගත යුතුය.

13. ඔබේ තනපුඩු සමග ස්පර්ශ වන සියලුම ඇදුම් උණු වතුරෙන් සෝදා  හිරු එළියෙන්  වියලා ගන්න. යීස්ට් ජීවීන් සූර්යාලෝකයට අකමැතියි. එමනිසා දිනකට කිහිප වරක්  ඔබේ පියයුරු සහ තනපුඩු   හිරු එළිය සඳහා මිනිත්තු කිහිපයකින්  නිරාවරණය කරන්න.

14. සෑම මව්කිරි දීමකටම පසු විනාකිරි සහ ජලය (එක් ජලය කෝප්පයකට විනාකිරි එක් තේ හැන්දක් ) මිශ්‍රණයකින් ඔබේ තනපුඩු  සෝදන්න. සෑම පිරිසිදු කරන අවස්ථාවක්  සඳහාම නව කපු බෝලයක් භාවිතා කරන්න. සෑම දිනකම මිශ්‍රණය  අලුතින්  සාදන්න. සෑම ආලේප කිරීමකටම පසු තනපුඩු හොදින් වේලන්න මතක තබාගන්න.

ඔබට තනපුඩු ආසාදනයක්  ඇතිබව සිතනවා නම් නොපමාව වෛද්‍යවරයා හමුවෙන්න. ඔහුට ඔබගේ තත්වය ඇගයීමට ලක් කර  හොඳම ප්‍රතිකාරය ලබා දිය  හැකිය.  

සම්පූර්ණයෙන්ම හා ඵලදායී ලෙස තුරන් කිරීම සඳහා නිර්දේශිත ඖෂධ වෛද්‍යවරයා පවසා සිටින තාක් කල් ගැනීම පිළිබඳව සැලකිලිමත්  වන්න.

උදව් අවශ්‍යද? කරදර වෙන්න එපා.

සැකයක්  ඇත්නම්  ඔබ සහ ඔබේ දරුවාගේ තත්වය සදහාම  උපදෙස් ලබා ගත හැකි මව්කිරි ලබාදීම පිළිබඳ විශේෂඥයෙකු  හමුවෙන්න.

ඔබට කවදාවත් හෝ තන පුඩු ආසාදන  ඇතිවී  තිබේද? ඔබේ අදහස් අපි හා බෙදා ගන්න

මව්කිරි දෙන අම්මලා සදහාම සුවිශේෂී වු මේ ආදරණීය මග පෙන්වීම ඔබට ගෙන එන්නේ the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී