theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගෘහණියකට සීමා නොවී තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්න කැමතිද?

4 අවම කියවීම
ගෘහණියකට සීමා නොවී තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්න කැමතිද?ගෘහණියකට සීමා නොවී තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්න කැමතිද?

මව් පදවියට සීමා නොවී ඔබේම ව්‍යාපාරයක් පටන් ගන්නට පුළුවන්.

මව් පදවිය කොතරම් උත්තරිතරද යන්න ගැන අටුවා ටීකා කියන්න අවශ්‍ය නැහැ. පසුගියදා මවුවරුන්ගේ දිනයේදී ඒ බව තවත් උකහා දැක්වෙන කව් ගී වදන් කියැවුණු, ලියැවුණු අතර සමාජ ජාලා වෙබ් අඩවි මව්වරුන්ගේ ගුණ වරුනාවෙන් පිරී ඉතිරී ගියා. සුභ පැතුම් පත්, මල් අලෙවි සැල් ආදියද එදින ඉතා කාර්යබහුල වුණා. විශේෂයක් වුනේ ගොඩක් සුභ පැතුම් පත් තමන්ගේම ව්‍යාපාරයක් කරනා කාන්තාවන් අතින් නිර්මාණය වී තිබීමයි.

ගෘහණියකට සීමා නොවී තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්න කැමතිද?

මව් පදවියෙන් පිදුම් ලබන කාන්තාවකගෙන් ප්‍රේමයේ අරුත නිතැතින්ම දිස් වෙනවා. නිදි මරමින් ලේ කිරි කොට දරුවාගේ ජීවයට පණ පොවන්නේ හද පිරි ආදරයෙන්.

දරුවා කෙමෙන් වැඩෙත්ම ඇයගේ අයෝමය ශක්තිය දිස් වන්නට පටන් ගන්නවා. එදා මෙදා තුර ඇගේ දෑතින් සිදුවන කාර්යභාරය ගැන ලිවීමට පිටුවක්  දෙකක් මදි වනවා නිසැකයි.

මවක තරම් ඉස්තරම් ලෙස බහු කාර්ය කළමණා කරන්නන් මගේ වෘත්තීය ජිවිතයේදිවත් මා දැක නැහැ.

අද ලෝකයේ  මවුවරුන්ගේ සීග්‍ර ලෙස විධායක නිළතල වලට යොමු වනවා දැකීම සතුටට කරුණක්.

ලංකාවේ මවුවරුන් ගත් කළ මේ තත්වයේ යම් වෙනසක් දක්නට ලැබෙනවා. මව් පදවිය ලැබූ සැණින් කාන්තාව තම අනන්‍යතාව සම්පුර්ණයෙන් යටපත් කරනවා.

විශේෂයෙන් මවු පදවිය නිසා රැකියාවකට සමු දෙන මවුවරුන්ගෙන් දක්නට ලැබෙන්නේ බොහෝ දුක්බරිත බවක්.

කෙටියෙන් කියතොත් තමන්ගේ නොවන, අනුන්ට නතු වූ දිවියක් ගෙවන සෙයක් හැඟෙන්නේ.

නමුත් මවකට තමන් සතු කුසලතා, තමන් සතු ශක්තිය ගැන අල්පයක හෝ අවබෝධයක් තිබේ නම් ඔවුන්ගේ දිස් වන්නේ මීට හාත් පසින් වෙනක් වූ විජයග්‍රාහී ප්‍රතිරූපයක්.

ඔබත් ජිවිතය ජයග්‍රහණය කරන්නට කැමති, දවසින් පැය  කිහිපයක් ව්යවසායකවරියක් සේ සිතීමට කැමති මවක් නම්, මේ ලිපියෙන් කියවෙන ක්‍රමවේදය පිලිපැදීමෙන් ඔබේ ජීවිතය වෙනස් වනවා නොඅනුමානයි.

තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පළමුවෙන්ම ක්‍රියාත්මක කල හැකි පියවර තුනක් පහත දක්වමු.

ගෘහණියකට සීමා නොවී තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්න කැමතිද?

1. ඔබේ හැකියාවන් සහ නිපුණතා සියල්ලේම ලැයිස්තුවක් පිළියෙළ කරන්න

ඔබට ඇති සියලුම හැකියාවන්, උගත් කම්, සහජ නිපුණතා සහ මෙකී නොකී සියලුම දේවල ලැයිස්තුවක් සාදා ගන්න.

මගේ දිරිගැන්වීමේ පුහුණු කිරීම් කටයුතු වලදී මුණ ගැසෙන බොහෝ මව්වරුන් කියන්නේ තමනට කිසිදු හැකියාවක් නොමැති බවයි.

නමුත් කතා කරගෙන යාමේදී ඔවුන් මනාව ඉවුම් පිහුම්, මැහුම් ගෙතුම්, ගෙවතු වගා පමණක් නොව සමරුන්ට ඔවුන්ටම අවේණික අද්විතීය හැකියාවන්ද තිබෙනවා.

ඔබ අපට වඩා ජිවිතයේ අනේක කම්මටොලු මැද දිවියේ පහළම තැනින් පටන් ගත දිරිය කාන්තාවන් ලෝකයේ එමටයි.

ඇමරිකාවේ Xerox සමාගමේ අධිපතිණි උරුසුලා බර්න්ස්, ඔප්රා වින්ෆ්රි, J. K. රොලින්ග් ඉන් කිහිප දෙනෙක් පමණයි.

සිංගප්පුරුවේ නිවසක ගෘහ සේවිකාවක් ලෙස රැකියාවට ගිය සාර්ථක ව්යාපාරික කාන්තාවක් ලෙස යලි මෙරටට පැමිණි අපේම නිලුෂිකා ජයවීර මෙනෙවියගේ කතාවත් ඔබ මවිත කරවාවී.

මොවුන්ගේ ජිවිත දෙස බැලූ විට ඔබට මෙයට වඩා කෙතරම් හැකියා සහ අදහස් ඇත්දැයි ඔබටම තේරේවි.

තමන්ගේම ව්‍යාපාරයක්

ඒවායේ ලැයිස්තුවක් සාදා ගෙන ඔබට පහසු තැනක තිබීමෙන් ඔබ කෙතරම් පිරිපුන් වාසනාවන්ත කෙනෙක්දැයි ඔබට නිතර මතක් කර ගත හැකියි.

දැන් මෙම ලැයිස්තුව හොඳින්  අධ්‍යයනය කර තමාට සුදුසු ව්‍යාපාරය ගැන තීරණයකට එන්න.

ඔබේ කුසලතා සහ ඔබට සුදුසු ව්‍යාපාරය කුමක්දැයි ඔබට තෝරා ගැනීමට අපහසු නම් ඒ සම්බන්ධයෙන් පළපුරුදු විශේෂ සේවා සපයන්නෙක්ගේ උපදෙස් ලබා ගන්නට පුළුවන්.

ලංකාවේ ග්‍රේට් ඉම්ප්රෙෂන්ස් ආයතනයද එවන් සේවා සපයන අතර ඔබට සුදුසු ව්‍යාපාරය සාර්ථකව පිහිටුවා ගැනීමට ඔබට උපකාර කරයි.

2. සාර්ථක ඉලක්කයක් පිහිටුවා ගැනීම.

 

මීළඟට ඔබ කල යුත්තේ ඔබට හොඳ ඉලක්කයක් පිහිටුවා ගැනීම.

ව්‍යාපාරයක් ආරම්භ කිරීම ඔබ හිතනවට වඩා ගොඩක් පහසු දෙයක්. එනමුත් එය හිතන තරම් සරල නැහැ.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

ඉලක්කයක් පිහිටුවා ගැනීම ඉතාමත්ම පහසුයි. නමුත් මෙය ක්‍රියාත්මක කරන්නේ ඉතා සුළු කොටසක් තමයි.

බොහෝ ව්‍යාපාර අසාර්ථක වීමට හේතුවක් තම තමාට අවේණික කුසලතා අනුව අරමුණු ඇති කරගන්නවා වෙනුවට අසල්වැසියන් කරන දේ කරන්නට යාම.

ඔබේ නිපුණතා වලට සරිළන ව්‍යාපාරයක නිරත වීමෙන් ඔබට නිරායාසයෙන්ම අද්විතීය භාණ්ඩ හෝ සේවා සැපයීමට හැකි වනවා.

ඉතාම සරල දිවීමේ තරඟයකදී වුවද ජය පරාජය, ප්‍රගතිය ආදිය මැනිය හැක්කේ ඉලක්කයක් වෙත ඇදී යාමෙනුයි.

අරමුණක් නැතිව එදිනෙදා කටයුතු කිරීමෙන් හෝ පමණට වඩා අරමුණු ඇති කර ගැනීමෙන් ජිවිතයේ ප්‍රගතියක් අත් දැකීමට බැරි වෙනවා.

එවිට පරාජිත හැඟුමෙන් හිත කඩා වැටෙන්නට පුළුවන්. එම නිසා පුංචි ඉලක්ක පිහිටුවා ගැනීමෙන් ඒවා කරා  පහසුවෙන් යොමු වීමටත් දියුණුව දැක තෘප්තිමත් වීමටත් හැකියාව ලැබෙනවා.

3. තමන්ගේම ව්‍යාපාරයක් වුවත් දෛනික සැලැස්මකට අනුව කටයුතු කිරීම

ගෘහණියක් මෙන්ම ව්‍යාපාර කටයුතුද පවත්වාගෙන යාමේදී දිනපතා සැලැස්මක් සදා ගැනීම ඉතා වැදගත්.

ඔබට සරිළන සාර්ථක සැලැස්මක් පිළියෙළ කරගත යුතු අතර මෙයට ගේ දොර කටයුතු, පවුලේ සෞක්‍ය කටයුතු, ආත්මික කටයුතු හා ව්‍යාපාරික කටයුතු යනාදී වශයෙන් නිසි පරිදි කාලය වෙන් කර ගැනීම ඉතා වැදගත්.

දිනපතා මෙම සැලැස්මට අනුව ක්‍රියා කිරීමෙන් ඉහත කී ප්‍රගතිය   තක්සේරු කර ගැනීම තවත් පහසු වෙනවා.

මේ පියවර අද සිට පිළිපැද්දොත් ඔබට සාර්ථක ගෘහණියක් මෙන්ම ජීවිතය ගැන තෘප්තිමත් මවක් වන්නටද පුළුවන්.

කුඩා හා මහා පරිමාණ කාන්තා ව්‍යාපාර වලට ඇත හිත දෙන සමිති සමාගම් දැන් ලංකාවේත් තිබෙනවා. කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය එවැනි එකමුතුවක්.

ඔබේ කුසලතා වලින් ඔවබේ ජිවිත අරමුණු කරා යන ගමන ඉතාමත්ම සතුට ගෙන දෙන්නක්. එම සතුටින් ඔබේ මුළු පවුලම ආලෝකමත් වෙනවා.

මෙලෙස ඔබ පටන් ගත් ව්‍යාපාරය තව දුරටත් දියුණු කරගන්නට පුළුවන්. ඉදිරියේදී මෙම පියවර තවත් ප්‍රගුණ කරගන්නා අයුරුද කතා කිරීමට බලාපොරොත්තු වන අතර මේ ක්‍රමවේදයන් ඔබ ජිවිතයට අත්වැලක් වූ අයුරු දැනගන්නටත් අපි කැමැත්තෙන් ඉන්නවා.

ලිපිය: නිලූෆර් පෙරේරා

 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • අත්කම් නිර්මාණ
  • /
  • ගෘහණියකට සීමා නොවී තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්න කැමතිද?
බෙදාගන්න :
  • තමන්ගේම සුළු ව්‍යාපාරයක් ලියාපදිංචි කරගන්නේ කොහොමද?

    තමන්ගේම සුළු ව්‍යාපාරයක් ලියාපදිංචි කරගන්නේ කොහොමද?

  • ගෙදරදීම පටන් ගන්නා ඔබේම ව්‍යාපාරය ඔප් නංවා ගන්නේ මෙහෙමයි

    ගෙදරදීම පටන් ගන්නා ඔබේම ව්‍යාපාරය ඔප් නංවා ගන්නේ මෙහෙමයි

  • තමන්ගේම සුළු ව්‍යාපාරයක් ලියාපදිංචි කරගන්නේ කොහොමද?

    තමන්ගේම සුළු ව්‍යාපාරයක් ලියාපදිංචි කරගන්නේ කොහොමද?

  • ගෙදරදීම පටන් ගන්නා ඔබේම ව්‍යාපාරය ඔප් නංවා ගන්නේ මෙහෙමයි

    ගෙදරදීම පටන් ගන්නා ඔබේම ව්‍යාපාරය ඔප් නංවා ගන්නේ මෙහෙමයි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it