theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

තම්පලා-අධික ඔසප් මැඩලන, මළ බද්ධය වලකන, රක් පිත් රෝග සමනය කරන දිව්‍ය පැළෑටියක් ගැන තතු

3 අවම කියවීම
තම්පලා-අධික ඔසප් මැඩලන, මළ බද්ධය වලකන, රක් පිත් රෝග සමනය කරන දිව්‍ය පැළෑටියක් ගැන තතුතම්පලා-අධික ඔසප් මැඩලන, මළ බද්ධය වලකන, රක් පිත් රෝග සමනය කරන දිව්‍ය පැළෑටියක් ගැන තතු

තම්පලා ශීත පැලෑටියක් වන අතර එය මළ මුත්‍ර පහ කිරීමේ පහසුවක් ඇති කරයි.  රත්තයා, පිත සමනය කර මළ බද්ධය නැති කිරීමට උපකාර කරයි. එනම් මලපහ හොඳින් බුරුල් කිරීමත්, මුත්‍රා පිරිසිඳු කර පහ කිරීමටත් සලස්වයි.

තම්පලා අප රටේ පමණක් නොව, ලොව පුරා පැළෑටි වලින් මිනිස් සිරුරට ඇති සෞක්‍ය ගුණ පමණක් නොව අනේකවිධ රෝග සුව කිරීමේ හැකියාවද අප්‍රමාණ බව ඔබ දන්නා බවට සැකයක් නැහැ.

අපගේ ගෙවත්තෙන්ම පහසුවෙන් සොයාගත හැකි දිව ඔසු වන් පැළෑටි කොපමණ ඇතත්, ඒ ගැන ඇති සීමිත දැනුම නිසා ඇතැම් පැළෑටි නිකම්ම පොලවට පස් වී යාම ඉමහත් දුකක් නොවේද?

මෙවන් ඖෂධීය පැළෑටි හඳුනාගන්නත්, ඒවායේ ගුණ දොස් ගැනත්, පිළියෙළ කරගන්නා ආකාර ගැනත් ලිපි සටහන් කිහිපයක් ඔබ වෙත ගෙන එන්නේ අපගේ අනාගත පරපුරට හෙළයේ පැළෑටි ගැන හැකි තරම් දැනුමක් ලබා දී ඒ දිවගුණ ඉදිරියට පවත්වාගෙන යාමට හැකි අයුරින් දායක වීමේ උතුම් චේතනාවෙන්.

මෙම මිල කල නොහැකි දැනුමින් අප පොහොසත් කරන්නට දායක වන්නේ අලුත්ගම වරාපිටිය ප්‍රදේශයේ පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ජයමිණී මහත්මියයි.

ජයමිණී වෛද්යතුමියගේ විශේෂත්වය වන්නේ ඇය වෛද්‍යවරියක් මෙන්ම මවක්ද වීමයි. මීට අමතරව ඇය දරුවන් පිළිසිඳගැනීමට උපකාර කිරීමේ  වෛද්‍ය ක්‍රම සම්බන්ධයෙන් විශේෂ කුසලතා දක්වනවා.

ඉතින් මේ විශේෂාංගය ඔස්සේ අද ඔබ වෙත ගෙන එන්නේ  මෙම  පැළෑටියේ  ඖෂධිය ගුණ හා සම්බන්ධ විස්තරයකි.

තම්පලා පැළෑටිය ගැන විශේෂ ගුණ

1. මල මුත්‍ර පිරිසිඳු කර පහසුවෙන් පහකිරීමට සලස්වයි  

ශීත පැලෑටියක් වන අතර එය මළ මුත්‍ර පහ කිරීමේ පහසුවක් ඇති කරයි.  රත්තයා, පිත සමනය කර මළ බද්ධය නැති කිරීමට උපකාර කරයි.

එනම් මලපහ හොඳින් බුරුල් කිරීමත්, මුත්‍රා පිරිසිඳු කර පහ කිරීමටත් සලස්වයි.  අහාර දිරවීම කාර්යක්ෂම කිරීමේ හැකියාවත් තම්පලා සතුව තිබෙනවා. දහදිය දුගඳ නැති කිරීමට හැකි සෞම්‍ය ගුණයක්ද තම්පලා වල අඩංගුයි.

2. පැහැපත් සමක් වඩවයි

සුදු තම්පලා අහාරයට ගැනීමෙන් ශරීරය පැහැපත් වී සමේ පැහැය වඩවනු ඇත.

රතු තම්පලා

1. රත්තයා හා පිත් රෝග සමනය කරයි

රතු තම්පලා ආහාරයට ගැනීමෙන් පිත් සමනය කරන අතර, ශරීරයේ දැවිල්ල රත් පිත් (සිරුරේ කොතනකින් හෝ රුධිර වහනය වීම), කාන්තාවන්ගේ අංග උණුකරවා යාම, ලේ අර්ශස්, අක්මා රෝග, සිලාවේ රෝග, සෙංගමාලය සහ පාන්ඩුව වැනි රෝග වලට ඉතාමත් ගුණ දේ. මෙය රක්තධාතු නොහොත් රුධිරය වඩවන පෝෂ්‍යදායක පලා වර්ගයකි.

රෝග සඳහා යොදා ගන්නා ආකාරය

රක්ත පිත්ත (සිරුරේ කොතනකින් හෝ ඇතිවන අස්වාභාවික රුධිරවහනය), අධික ඔසප් වීම, ඇඟ උණුකර යාම සහ පාණ්ඩු රෝග ආදී තත්ත්ව සඳහා   තම්පලා කොටා ගත් යුෂ, වැල්මී කුඩු/සීනි මිශ්‍ර කර උදේ හවස බිමට ගන්න.

ශරීරයේ දාහයට තම්පලා යුෂ ඇඟේ ගාන්න.

තම්පලා-අධික ඔසප් මැඩලන, මළ බද්ධය වලකන, රක් පිත් රෝග සමනය කරන දිව්‍ය පැළෑටියක් ගැන තතු

කූර තම්පලා     

මෙය බෙහෙත් මෙන්ම අහාර සඳහා ගන්නා අතර වැඩිපුර බෙහෙත් සඳහා යොදා ගැනේ. කුර තම්පලා සෙම හා බලය වඩවයි. සැහැල්ලුයි. කැස්ස නසයි. අධික ඔසප් වීම, අංග උණුකර යාම, ශරීරයේ දැවිල්ල, පිත රක්තය, ශරීරයේ කොතනින් හෝ රුධිර වහනය සහ උන්මාද රෝග සඳහා විශේෂයෙන් ගුණ ගෙන දෙයි.

රෝග සඳහා යොදා ගන්නා ආකාරය

අධික ඔසප් වීම, ඇඟ උණුකර යාම සහ ශරීරයේ දැවිල්ල ආදිය සඳහා කුර තම්පලා ගස සහමුලින් ගෙන සුදු හඳුන් සමඟ තැම්බූ වතුරට සිනි මිශ්‍ර කර උදය හවස බිමට ගන්න.

අධික ඔසප් වේදනාවට කුරතම්පලා ගස සහමුලින්ම ගෙන රතු ලුණු ලියා දමා තම්බා එම වතුර උදේ හවස බිමට ගන්න.

 

තම්පලා-අධික ඔසප් මැඩලන, මළ බද්ධය වලකන, රක් පිත් රෝග සමනය කරන දිව්‍ය පැළෑටියක් ගැන තතු

ආහාර ලෙස ගැනීම

පරිප්පු හෝ කොස් ඇට දමා කිරට පිසගෙන අහාරයට ගත හැකි අතර තෙම්පරාදු කරගන්නත් පිළිවෙන.

මේ අතරින් කටු තම්පලා කිසි විටෙක අහාරයට ගැනීම නුසුදුසු බව සිහි තබාගත යුතුයි.

ඔබේ ගෙවත්තේ පහසුවෙන වගා කරගත හැකි මෙම දිව ඔසුව සිටුවා දින 20-25 වැනි ඉතා කෙටි කාලයකදී අස්වනු ලැබිය හැකි තම්පලා ඛනිජ හා විටමින් අඩංගු පලා වර්ගයකි.

දිව ඔසුවක් වන් පැලෑටිය (Amaranth) ගැන මිල කල නොහැකි දැනුමකින් අප පෝෂණය කල ජයමිණි වෛද්යතුමියට නැවතත් අපගේ කෘතජ්යපුර්වක ස්තුතිය පළ කරන්නේ ඉමහත් සතුටින්.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • ශාරීරික සුවතාව
  • /
  • තම්පලා-අධික ඔසප් මැඩලන, මළ බද්ධය වලකන, රක් පිත් රෝග සමනය කරන දිව්‍ය පැළෑටියක් ගැන තතු
බෙදාගන්න :
  • රූපලාවන්‍ය සත්කාර: පහසුවෙන් කල හැකි රූපලාවන්‍ය සත්කාර

    රූපලාවන්‍ය සත්කාර: පහසුවෙන් කල හැකි රූපලාවන්‍ය සත්කාර

  • ඔබට වයසට වඩා වැඩි පෙනුමක් ලබා දෙන රූපලාවන්‍ය නිෂ්පාදන හා සම්බන්ධ වැරදි හතක්

    ඔබට වයසට වඩා වැඩි පෙනුමක් ලබා දෙන රූපලාවන්‍ය නිෂ්පාදන හා සම්බන්ධ වැරදි හතක්

  • රූපලාවන්‍ය සත්කාර: පහසුවෙන් කල හැකි රූපලාවන්‍ය සත්කාර

    රූපලාවන්‍ය සත්කාර: පහසුවෙන් කල හැකි රූපලාවන්‍ය සත්කාර

  • ඔබට වයසට වඩා වැඩි පෙනුමක් ලබා දෙන රූපලාවන්‍ය නිෂ්පාදන හා සම්බන්ධ වැරදි හතක්

    ඔබට වයසට වඩා වැඩි පෙනුමක් ලබා දෙන රූපලාවන්‍ය නිෂ්පාදන හා සම්බන්ධ වැරදි හතක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it