තම බිරිඳට හදවතින්ම ආදරය කරන සැමියෙක් කරන දේවල් 4 ක්  

lead image

ඔහු හදවතින් ආදරය කරන බිරිඳ වෙනුවෙන් බොහෝ දේවල් කරන්න සුදානම් .මේ ඒ අතරින් හතරක්.

ඔහු හදවතින් ආදරය කරන බිරිඳ වෙනුවෙන් බොහෝ දේවල් කරන්න සුදානම් .මේ ඒ අතරින් හතරක්. 

හැමදාම අවංකයි

ඇත්තටම තම තම බිරිඳට හදවතින්ම ආදරය කරන සැමියෙක්, ආදරයේදි අවංක වීමේ අගය දන්නවා.

සත්‍ය කොතරම් අමිහිරි වුවත් ඔහු සැගවෙන්න උත්සහ කරන්නේ නැහැ. යාලුවොත් එක්ක එලියට යන බව, සංවාදයක යෙදෙන්න අපහසු බව වැනි සුලු දේවල් පවා  ඔබට කියන්න ඔහු මැලිවෙන්නේ නෑ.

ඔහු තම බිරිඳ අගය කරන නිසාත් ඇයට ගරු කරන නිසාත් ඔහුට ඇයගෙන් සැගවීමට දෙයක් නැති බැවින් ඔහුට පරිස්සම් වීමට හෝ හැගීම් සඟවා ගෙන සිටීමට අවශ්‍ය වන්නේ නැහැ.

ඔහු ඔහුගේ බිරිඳ වෙනුවෙන් සටන් කරනවා

දෙදෙනාම එක කණ්ඩායමක බව තම බිරිඳට ආදරය කරන පුද්ගලයා හැමවිටෙකම මතක තියා ගන්නවා.

ජීවත්වීම පහසු නැහැ. තම බිරිඳට සහයෝගය දැක්වීමේ වැදගත් කම හා සියලුම ජීවිත අභියෝග තුලදී එකට සිටීමේ වැදගත් කම ආදරණීය සැමියෙක් දන්නවා .

ඔහු ඔබට ආදරය කරන නිසාත්, ඔබට ඔහුගේ උපරිමය දෙන්න අවශ්‍ය නිසාත් ඔබට ආරක්ෂාවත් විශ්වාසයත් දෙනවා.

ඔහු ඔහුගේ බිරිඳ සමග සටන් කරනවා

ඔව් ඒක සත්‍යයක්, තම බිරිඳට ඇත්තට ආදරය කරන සැමියෙක් තමන්ගේ බිරිඳ අසාධාරණයක් කරන විට ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්නත් විමසන්නත් පැකිලෙන්නේ නැහැ.

නිතරම දුකට පත් වීමත් රණ්ඩු වීමත් සුදුසු නැති වුවත් සුදුසු සෑම වේලාවකදීම, සුදුසු සෑම තැනකදීම ඍජුව හා ආදරණීය ලෙස බිරිඳට මුහුණ දෙන්න ඔහු කැමතියි.

එකට වැඩ කිරීමෙන් හා තම බිරිඳ සමග ස්ථාවර සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීම තුලින් ආදරණීය සැමියෙක් උත්තේජනය වෙනවා.

ඔහු බිරිදට හොදින් සවන් දෙනවා

මෙය අපිට අවධාරණය කිරීමට අපහසු වුවත් හොද සැමියන් හොද සවන් දෙන්නන් වේ.ඔවුන් ඔවුන්ගේ බිරිදට බාධාවකින් හා විනිශ්චයකින් තොරව සවන් දෙනවා.

ගැඹුරු තේරුම් ගැනීමකින් හා ඉවසීමකින් යුතුව ප්‍රතිචාර දැක්වීමත් සවන්දීමට ඇතුලත් වෙනවා. ඔවුන් අවධානයෙන් යුතුව සජීවිව සවන්දෙන අතර බිරිදගේ සතුටට වෙනුවෙන් කැපවෙන්නන් වේ. ආදරණීය වදනකට කවදාවත්ම ලබා දිය නොහැකි ප්‍රේමයක් බොහෝ විට නිහඬතාවයෙන් ලබා ගත හැක.

සැමියෙක් ඔහුගේ බිරිඳට ආදරය කරන විට  ඔහුගේ ආත්ම අභිමානය පසෙකින් තබනවා. එමනිසාම ඔහු වැරදි පිලිගන්න තරම් නිහතමානී වෙනවා. ඒ වගේම ඔහු ආදරණීය ප්‍රතිචාර ලබා දීමටත් ඔහුගේ සම්බන්ධතාවය වැඩිදියුණු කර ගැනීමටත් කැප වෙනවා .

ඔබ අවබෝධයත්, දිරිගැන්වීමත් මෙම ලිපිය මගින් ලබා ගන්නට ඇතැයි අප සිතනවා. ඔබට මෙම ලැයිස්තුවට එකතු කිරීමට යමක් ඇත්නම් පහලින් සටහනක් යොදන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී