සහකරු හෝ සහකාරිය සමග උවමනාවට වඩා තර්ක කිරීම ඔවුන්ගේ සෞක්‍යට තර්ජනයක් වෙනවා

80% ක් පිරිමින් තර්ක කිරීම් වලින් පසුව පපුවේ වේදනාවන්, හුස්ම ගැනීමේ අපහසුතා හා හෘද ආශ්‍රිත රෝග ලක්ෂණ පෙන්වනවා.

තර්ක කිරීම් විවාහයක සාමාන්‍ය සිදුවීමක්. තර්කයන් නොමැතිව විවාහයක් පවතින්නේ නැහැ. ඒ වගේම තර්ක විතර්ක සාර්ථක පවුලකට වැදගත් වෙනවා. එය දෙපාර්ශවයටම දෙදෙනා හඳුනාගන්න අවස්ථාවක් ලැබෙනවා.

නමුත් මෙය පුරුෂයින් නම් ඒ ගැන තවත් සිතන්න වෙනවා. 

අධ්‍යනයකදී සෑම වසර පහකට සැරයක්ම විවාහක අය තම පෞද්ගලික අත්දැකීම් කැමරාවක් ඉදිරියේදී ප්‍රකාශ කරනවා. Men’s Health නම් ලිපියෙහි මේ පිළිබඳව අධ්‍යනයකදී ඔවුන්ගේ ඉරියව්, මුහුණේ ඉදිරිපස හා කන, විලාසයේ ස්වරයන් අධ්‍යනය කරන අතර ඉන්පසුව ඔවුන්ගේ සෞක්‍ය අධ්‍යනය කර තිබුණා.

අවුරුදු 20 ක් පුරා තර්ක කිරීම එකම අයුරින් සිදු කළ අය බොහෝ විට හෘදයාබාධ වලට ලක්ව ඇති බව සොයා ගැනුණා.

80% ක් සැමියන් තර්කයන් අතරතුර කේන්ති ගැනීම නිසා කාලයත් සමග හෘද රෝග ලක්ෂණ කියාපානවා. මේවාට හෘදයේ වේදනා, හුස්ම ගැනීමේ අපහසුතා ඇතුළු ලක්ෂණ පෙන්නුම් කරනවා.

මේ අතර 53% ක් සැමියන් ඉතා සංයමයෙන් තර්ක වලට මුහුණ දීම නිසා වෙනස් ලක්ෂණ සොයාගෙන තිබෙනවා. මෙහිදී රුධිර පීඩනය වැඩි වන අතර හෘද ස්පන්දනය වේගවත් වෙනවා. ඒ වගේම තර්ක මගින් හැඟීම් ගැලීම නිසාත් රෝග තත්වයන් ඇතිවෙනවා.  Men’s health රිපොර්ට් සඳහන් කරන ආකාරයට සමහර පිරිමින් සම්පුර්ණයෙන්ම තර්ක අතර තුර තම ක්‍රියාවලිය වසා තබන අතර ඇස් එකිනෙකට හමුවීම, සහකරු සහකාරිය මගහැරීම වැනි දේවල් කිරීමෙන් කොන්දේ වේදනා හා මාංශ පේශීන්ගේ වේදනාවන් ආදිය ඇතිවීමට ඉඩ තිබෙනවා. භාගයකට වැඩි පිරිමින්ට මෙසේ බරපතල වේදනා ඇතිවන අතර ඒ බව 23% ක ප්‍රමාණයක් එළිපිට තම හැඟීම් දක්වනවා.

ප්‍රවීණයන් දක්වන ආකාරයට මෙයින් ශරීරයේ දරඳඩු බව, බෙල්ලේ හා මාංශ පේශි වල තද බව ඇති වීමෙන් දිගුකාලින වේදනාවන් ඇතිවීමට ඉඩ තිබෙනවා.

වෛද්‍ය ක්ලෝඩියා හාසේ ට අනුව ඔබට කේන්තිය ආ විට හොඳම දෙය ඇවිදීම බවයි. මේ නිසා කෑගැසීම වගේ හැඟීම් ප්‍රකාශනය ඇතිවීම වළකන බව පවසනවා. ඇවිදීම මගින් මනස සන්සුන් කරන අතර අවස්ථාවට හොඳින් මුහුණ දීමට අවස්ථාව ලබාදෙනවා.

දෙදෙනෙක් අතර ගැටුම් බත් මුට්ටිය ඉදෙනකන් විතරයි කියලා කතාවට කිව්වත් දිගුකාලීනව අපි කවුරුත් නිරෝගීව සිටීම වැදගත්. ඒ වෙනුවෙන් theAsianparent Sri Lanka මේ ලිපිය සකස් කළා.