ත්‍රාසජනක දෙවැනි වියට මෙන්න මෙහෙම මුහුණ දෙමු.

lead image

දරුවන්ගේ දෙවැනි වියට ඔබත් බයයිද?

" මේ ත්‍රාසජනක දෙවැනි විය ගැන ඔබ කියවා ඇති අනතුරු ඇඟවීම් විශ්වාස නොකරන්න.  විශේෂයෙන් ඔබ මෙම ඉඟි සමඟ සූදානම් වන්නේ නම් මෙය  ඉදිරිය දකින මග සලකුණක්  වනු ඇත."

ඔබගේ දරුවාගේ ළදරු   වර්ෂයේ  මැදදී, ඔවුන්ගේ පෞරුෂත්වය  හැඩ ගැහෙන්න පටන්ගන්නා ආකාරය ඔබට දකින්න ලැබේවි. ඔවුන් ඔබ සමඟ සන්නිවේදනය කිරීමට ඉඩ ඇත.

ඉදිරියටත් බලාපොරොත්තු විය හැකි පුදුම හිතෙන  සංධිස්ථාන  නොසලකා  ත්‍රාසජනක  දෙවැනි විය ගැන අනතුරු ඇඟවීම් පිලිබඳ   ඔබ පුදුම වෙනවා  විය හැකිය.

නමුත් ඔබේ දරුවාගේ දෙවන උපන් දිනය ගැන  බය වෙන්න එපා. මෙම සරල වෙනස්කම් සිදු කිරීම තුලින් ත්‍රාසජනක  දෙවැනි විය සුවිසල් බවට පත් කිරීමට උපකාරි වේ.

01. ඇස් වලින් සම්බන්ධතා පවත්වා ගන්න

ඔබේ දරුවා සමඟ කථා කරන විට හෝ යමක් කිරීමට ඔබ ඔවුන්ගෙන් ඉල්ලා සිටින විට    ඇසෙහි මට්ටමට පැමිණීම බොහෝ විට වැදගත් වේ. මෙම සරල ඉරියව්ව ඔබ ඔවුන් ගැන ඔබේ සැලකිලිමත් බව මනාව සහතික කරන  අතර ඔබ තේරුම් ගන්නා බව ඔවුන්ට වැටහෙනු ඇත.

එය විශ්වාසය පිලිබඳ  ලකුණක් ලෙස මෙන්ම හොඳ ආචාරශීලීත්වයේ සලකුණක් ලෙසද ඇස් වලින් සම්බන්ධතාවය  පවත්වා ගැනීමට ඔවුන්ව දිරිගන්වයි. මෙම සරල පුරුද්දෙන් ඔවුන්ට සුරක්ෂිත බවක් දැනෙනවා පමණක් නොව  ඔවුන්ගේ ආත්ම අභිමානය  ඉහල නංවමින්  අනාගතය සඳහා ඔවුන් සූදානම් කරයි.

02. ස්පර්ශයේ බලය අවතක්සේරු නොකරන්න

ඔවුන් උරහිස් මත ස්පර්ශ කරමින් ඔවුන්ට ඔබගේ ආදරය හා සැලකිල්ල දක්වන බව සහතික කරන්න.   ශාරීරික වශයෙන්, මනසින් හා හැගීම් ලෙස ඔවුන් සෑම පැත්තකින්ම වේගයෙන් වර්ධනය වන නිසා ඔවුන්ට වෙහෙසකාරී කාලයක් විය හැකිය.

දෙමව්පියන් හා දරුවා අතර ඇති වන මානසික  බැඳීම ගොඩනැගෙනවා පමණක් නොව, නිරන්තරයෙන් ආදරය ලබා දීම  හා ඵලදායී ස්පර්ශය දරුවාගේ මොළයේ වර්ධනය සඳහා යහපත් වේ.

3. අරමුණු කර ගත් අවධානයට ප්‍රමුඛතාවය දෙන්න.

මේ වයසේ දී, ඔවුන්ට අන් කවරදාටත්  වඩා ඔබගේ අවධානය අවශ්‍යයි.  ඔබ ඔවුන්ට මග පෙන්වීමට සිටිනා බව දැන ගැනීමෙන් ඔවුන්ගේ  කනස්සල්ල  දුරුවීම මෙන්ම ඔවුන්ගේ නරක හැසිරීම අඩුකිරීමට  දිරිගන්වනු ලබයි. වෙනත් කාර්යයන් ගෙන් හෝ ඔබේ ජංගම දුරකථනයෙන් පවා බධා ඇති කර  නොගැනීමට   උත්සාහ කරන්න.

ජංගම දුරකථන මගින් බධා ඇතිකල දරුවන් රැකබලා ගැනීම දරුවන් තුල ඔවුන් අඩු ඇගයීමකට ලක් වුවා යන හැගීම ජනිත කරනු ලබයි.

හැඟීම්වලට හසු වන ළමුන්ට දරුවන්ගේ අවධානය යොමු කරන බව සොයාගෙන ඇත. දැන්ම ඔබගේ දුරකථනයට ඇලී සිටින පුරුද්දක් ඉවත්  කර  ගන්න.

4. විනය මෘදුව පවත්වා ගන්න

ඔබේ දරුවා  ස්වාධීනව ඔවුන්ගේ අවශ්‍යතා  තුලින් ගමන් කිරීමට  උත්සාහ කරමින් සිටින බව මතක තබා ගන්න. ඒ වගේම ඔබ  ස්ථිර හා නිශ්චිත වීම මෙන්ම උපදෙස් ලබා දීමේදී  කරුණික හා මිත්‍රශීලී  වීම  වැදගත් වේ.

ඔවුන්ට  තෝරාගැනීමට අවස්ථා ලබා දීම සහ නැවත සකස් කල උපදෙස් ලබා දීම මගින් ඔබේ කුඩා දරුවාට  යහපත් හා අයහපත්  හැසිරීම් අතර වෙනස වටහා ගැනීමට උපකාරී වේ.

ඔබේ පුංචි දගයාගේ දෙවැනි වියට බිය නොවන්න. The Asianparent Sri Lanka ඔබ වෙත ගෙන එන මේ උපදෙස්  මතකයේ තබා ගන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී