theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මහනුවර ත්‍රිත්ව විදුහලේ සිසුවා රග්බි ක්‍රීඩා පුහුණුවීම් කරමින් සිටියදී මහමග ඇද වැටී මියයයි.

3 අවම කියවීම
මහනුවර ත්‍රිත්ව විදුහලේ සිසුවා රග්බි ක්‍රීඩා පුහුණුවීම් කරමින් සිටියදී මහමග ඇද වැටී මියයයි.මහනුවර ත්‍රිත්ව විදුහලේ සිසුවා රග්බි ක්‍රීඩා පුහුණුවීම් කරමින් සිටියදී මහමග ඇද වැටී මියයයි.

කිසිඳු රෝග පිඩාවක් නැතිව මනා සෞක්‍යයකින් සිට ක්‍රීඩාවේ යෙදෙමින් සිටියදී දරුවෙක් හදිසියේ ඇද  වැටි මිය යාම දෙමාපියන් කෙසේ නම් දරන්නද?

කිසිඳු රෝග පිඩාවක් නැතිව මනා සෞක්‍යයකින් සිට ක්‍රීඩාවේ යෙදෙමින් සිටියදී දරුවෙක් හදිසියේ ඇද  වැටි මිය යාම දෙමාපියන් කෙසේ නම් දරන්නද? මේ දුක්මුසු පුවත වාර්තා වන්නේ මහනුවරින්. පසුගිය පළමුවනදා උදෑසන 11.00ට පමණ රග්බි ක්‍රීඩා පුහුණුව සඳහා මහනුවර ත්‍රිත්ව විදුහලේ සිට පල්ලේකැලේ පිහිටි ත්‍රිත්ව විද්‍යාලීය ක්‍රීඩාංගණය දක්වා ගොස් ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම සඳහා ප්‍රධාන මාර්ගයේ දුවමින් සිටියදී පල්ලේකැලේ ප්‍රදේශයේදී  17 හැවිරිදි භාතිය ඒකනායක සිසුවා හදිසියේ සිහිසුන්ව ඇද වැටී ඇත. ඉන්පසු ත්‍රිරෝද රථයකින් මහනුවර රෝහලට ඔහු ඇතුළත් කර තිබුණු අතර ඊයේ නොහොත් ඔක්තෝබර් 2වනදා ඔහු මියගොස් ඇති බව පොලීසිය පැවසුවා.

මෙසේ මියගොස් ඇත්තේ මහනුවර ‍බෝවලවත්ත ඔගස්ටාවත්ත ප්‍රදේශයේ පදිංචි භාතිය ඒකනායක නැමැති දාහත් හැවිරිදි සිසුවායි. ඔහු අපොස උසස් පෙළ පන්තියේ අධ්‍යාපනය ලබමින් සිට ඇත.

පාසල් රග්බි වාරය නිමවී සියලු රග්බි ක්‍රීඩකයන් මාස දෙකකට වැඩි කාලයක්‌ විවේකීව සිට ඇති අතර ලබන (2018) පෙබරවාරියේ යළි රග්බි වාරය ආරම්භ වන බැවින් පෙරේදා (01 වැනිදා) පෙරවරුවේ නැවත පුහුණුවීම් ආරම්භ කර ඇත. මහනුවර සිට පල්ලේකැලේ රග්බි ක්‍රීඩාංගණය දක්‌වා මහා මාර්ගයේ දුවමින් ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාමයන්හි නියුතුව සිටි තිස්‌දෙනකුට අධික ක්‍රීඩකයන් පිරිස අතර සිටි මෙම ක්‍රීඩකයා තැන්නේකුඹුර ප්‍රදේශයේදී සිහිසුන්ව ඇදවැටී ඇතැයි පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

මියගිය ශිෂ්‍යයාගේ දේහය පිළිබඳ මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය අද (03 දා) පැවැත්වීමට නියමිත අතර පල්ලේකැලේ පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

ත්‍රිත්ව විද්‍යාලයේ විදුහල්පතිවරයා කියා සිටියේ තම පාසලේ දරුවකු මෙවැනි හදිසි මරණයකට ලක්‌වීම පිළිබඳව තමා දැඩි කම්පනයට පත් වී ඇති බවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගුරුවරුන් සහ පුහුණුකරුවන් ඇතුළු පාසල් කමිටුවක්‌ හරහා පුළුල් පරීක්‍ෂණයක්‌ සිදු කළ බවද, එම පරීක්‍ෂණ වාර්තාව පාසල් මට්‌ටමෙන් දැනටමත් අවසන් කර ඇති බවද විදුහල්පතිවරයා සඳහන් කළේය.

"මට ආයේ නැති වෙන්න දෙයක්‌ නෑ.. මගේ ජීවිතේම නැතිවෙලා ඉවරයි..." භාතියගේ පියා වන සෙනවිරත්න ඒකනායක මහතා දරාගත නොහැකි වේදනාවෙන් ප්‍රකාශ කළේය. හෙතෙම ත්‍රිත්ව විදුහලේ අනධ්‍යයන කාර්ය මණ්‌ඩලයේ සේවකයෙකි. හීරැස්‌සගල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන භාතියගේ මව ඉන්දිකා දමයන්ති ඒකනායක මහත්මියයි.

සිද්ධිය සම්බන්ධයෙන් පල්ලේකැලේ හා මහනුවර පොලීසි ඒකාබද්ධව පරීක්ෂණ පවත්වයි. මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (02) දහවල් පැවැත්වීමට නියමිතව තිබිණි. 

පාසලේ ක්‍රීඩාවේ නිරත දරුවන්ගේ ආරක්ෂාව පවත්වාගෙන යාමට උපකාර වන උපදෙස් කිහිපයක් පහත දැක්වේ:

1. ඇඟ උණුසුම් කිරීම

ක්‍රීඩා කිරීමට ප්‍රථම සැහැල්ලු ව්‍යායාම වලින් අංග උණුසුම් කිරීමෙන් වැඩි ආතතියක් නොමැතිව දරුවාගේ මාංශපේශි ක්‍රීඩාව සඳහා සුදානම් කරන්නට හැකියි.

2. නිසි ආරක්ෂක උපකරණ සහ ආරක්ෂක ඇඟලුම් සහ මෙවලම් භාවිතා කිරීම

ආරක්ෂණ උපකරණ නොහොත් මුඛ ආරක්ෂණ, හෙල්මට්, පෑඩ් සහ සපත්තු වැනි දෑ භාවිත කිරීම අනතුරු වැළැක්වීම සඳහා ඉතා වැදගත් වේ.

3. විවේකය

පුහුණු, ක්‍රීඩා අතර ප්‍රමාණවත් විවේකයක් අවශ්ය වේ. නින්ද හා විවේකය මදිකම හා මාංශ පේශි දුර්වල කොට තෙහෙට්ටුවක් ඇති කිරීම ක්‍රීඩකයාට හානිදායක විය හැක.

4. හොඳින් සජලනය වීම

ක්‍රීඩාවට පෙර, ක්‍රීඩාව අතර සහ ක්‍රීඩාවෙන් පසුව පානය සඳහා ප්‍රමාණවත් ජලය ඇති බවට දෙමාපියන් තහවුරු කර ගත යුතු අතර, තෙහෙට්ටුව, ඔක්කාරය, වමනය, ව්යාකූලත්වය හෝ කණස්සල්ල වැනි තාපයට සම්බන්ධ ලෙඩ රෝග පිළිබඳ ඇතිවිය හැකි යම් සලකුනු ගැන විමසිල්ලෙන් සිටිය යුතු වනවා.

5. යම් අසීරුතාවයක් දැනේ නම් වහාම ක්‍රීඩාව නැවත්වීම

සිරුරට දැනෙන යම් අසීරුතා නොසලකා හැරීම විශාල ගැටළු වලට මග පාදනු ඇත. දරුවා දුර්වල බවක් පිටතට පෙන්වන්නට ඇති අකමැත්ත නිසා අසීරුතාවයෙන් වුවුඅද ක්‍රීඩාවක නියැලෙන්නට පිළිවෙන. නමුත් දරුවා ගැන විමසිලිමත්ව කටයුතු කිරීම දෙමාපියන්ගේත් පුහුණුකරුවන්ගේ වගකීම වනවා.

පාසැල් දරුවන් තුල සැඟවුණු Aortic dilations (aneurysms) වැනි රෝගකාරකයන් තිබිය හැකි අතර මදක් බරපතල් ක්‍රීඩා නැතහොත් අධික පීඩනයක් ගෙන දෙන ක්‍රීඩා කිරීම් වල නියැලීමට ප්‍රථම දරුවෙකුගේ සෞක්‍ය එම ක්‍රීඩා වලට ඔරොත්තු දේදැයි තහවුරු කරගැනීම ඉතාම වැදගත් වනවා. මේවා එකෝ පරීක්ෂාවක් සිදු කරගැනීමෙන් කල හැකි වනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • දේශීය පුවත්
  • /
  • මහනුවර ත්‍රිත්ව විදුහලේ සිසුවා රග්බි ක්‍රීඩා පුහුණුවීම් කරමින් සිටියදී මහමග ඇද වැටී මියයයි.
බෙදාගන්න :
  • අප ආදරය කරන සීයා කෙනෙකුට දරුවකු කෙලෙසිය හැකිද?

    අප ආදරය කරන සීයා කෙනෙකුට දරුවකු කෙලෙසිය හැකිද?

  • දින දහයක් වයසැති බිලිඳා මහමග දමා විශ්ව විද්‍යාලයට යන්නට ගිය සිසුවිය

    දින දහයක් වයසැති බිලිඳා මහමග දමා විශ්ව විද්‍යාලයට යන්නට ගිය සිසුවිය

  • අප ආදරය කරන සීයා කෙනෙකුට දරුවකු කෙලෙසිය හැකිද?

    අප ආදරය කරන සීයා කෙනෙකුට දරුවකු කෙලෙසිය හැකිද?

  • දින දහයක් වයසැති බිලිඳා මහමග දමා විශ්ව විද්‍යාලයට යන්නට ගිය සිසුවිය

    දින දහයක් වයසැති බිලිඳා මහමග දමා විශ්ව විද්‍යාලයට යන්නට ගිය සිසුවිය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it