theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පෝෂණයෙන් ඉහළ ත්‍රිපෝෂ රසවත් ලෙස පිළියෙල කර ගන්නේ මෙහෙමයි

6 අවම කියවීම
පෝෂණයෙන් ඉහළ ත්‍රිපෝෂ රසවත් ලෙස පිළියෙල කර ගන්නේ මෙහෙමයිපෝෂණයෙන් ඉහළ ත්‍රිපෝෂ රසවත් ලෙස පිළියෙල කර ගන්නේ මෙහෙමයි

බබා හැමදාම එකම විදියට ත්‍රිපෝෂ කන්න කැමති නැහැ ‌න‌ේද? එහ‌ෙනම් ‌‌මේ ත්‍රිපෝෂ recipes උත්සහ කරලා බලන්නකෝ

ත්‍රිපෝෂ recipes  උත්සාහ කරන්න කලින් මුලින්ම ත්‍රිපෝෂ ගැන චුට්ටක් දැනුවත් වෙමු නේද?

පුංචි පැටියාට උපරිම පෝෂණය ලබාදීම  හැම අම්මා කෙනෙක්ගේම හීනයක්, අම්මා ඔබගේ  එකම හීනෙත් ඒක කියලා අපි දන්නවා.

ඔබ ගැබිනියක් වුනත්, කිරි දෙන අම්මා කෙනෙක් වුනත්  නිරෝගී අනාගත පරපුරක් බිහිකිරීම සදහා ඔබට ඉහළම පෝෂණයක් අවශ්‍ය වන්නේ අන්න ඒ නිසයි. ඒ විතරක් නෙමෙයි අඩු බර නැතිනම් අඩු බරට අවදානම් කලාපේ ඉන්න ඔබේ පුංචි පැටියා නිසි බරට ගෙන ඒමත් රෝගී වු විට නිසි පෝෂණය ලබා දීමත් ගොඩාක් වැදගත් වෙනවා. නැතිනම් අවසන් ප්‍රතිඵලය මන්දපෝෂණය වෙන්න පුළුවන්. 

ත්‍රිපෝෂ recipes: මොනවාද මේ   ත්‍රිපෝෂ කියන්නේ ?

ප‍්‍රධාන ආහාර වේල් තුන මඟින් ලබාගත නොහැකිවූ පෝෂණය  ලබාදෙන්න පුළුවන් ධාන්‍යමය පෝෂණ අතිරේකයකි.

මෙය ප්‍රධාන ආහාර වේලකට ආදේශකයක් නොවන බව මතක තබා ගන්න.  ප්‍රධාන ආහාර වේලක සමබර පෝෂණයට අමතරව ඒ සමග හෝ නැතිනම් අතිරේක කෙටි ආහාර වේලක් ලෙස පිළියෙළ කර  ත්‍රිපෝෂ ලබා දීම සුදුසු වෙනවා.

ත්‍රිපෝෂ recipes 

ත‍්‍රිපෝෂ වල මොනවාද අඩංගු ?  

  • බඩ ඉරිඟු 
  • සෝයා බෝංචි
  • පූර්ණ යොදය සහිත කිරි 
  • ඛණිජ 
  • විටමින් වර්ග 

ත‍්‍රිපෝෂ වලින් ලැබෙන තුන් ආකාර පෝෂණය ගැන ඔබ දැනුවත්ද?

  • සිරුරට අවශ්‍ය  ශක්තිය ලබාදීම 
  • වර්ධනයට අවශ්‍ය පෝෂක ලබාදීම
  • ශරීරය ආරක්ෂා කිරීමේ පෝෂක ලබාදීම 

ත්‍රිපෝෂ වල සීනි ,රසකාරක, කල් තබාගන්නා ද්‍රව්‍ය කිසිවක් අඩංගු නැහැ. එය පිසින ලද ආහාරයක් නිසා පහසුවෙන්ම ආහාරයට ගන්න පුළුවන්.

ත්‍රිපෝෂ ඇත්තටම කා සදහාද?

මේ සුවිශේෂී ධාන්‍ය අන්තර්ගත ආහාරය මන්දපෝෂණයට ගොදුරුවීමේ වැඩි අවධානමක් ඇති පිරිස සදහා නිෂ්පාදනය වෙනවා.

  • ගර්භනී මව්වරුන්         
  • බර අඩු ළදරුවන්       
  • පෝෂණ ඌනතා ඇති දරුවන්  
  • රෝගී   දරුවන් 
  • කිරි දෙන මව්වරුන්

ත්‍රිපෝෂ ලබා ගැනීමේදී මේ ත්‍රිපෝෂ recipes උත්සාහ කර බලන්න ඔබටත් පුළුවන් .

ත්‍රිපෝෂ recipes : ත්‍රිපෝෂ  ලබා දිය හැකි සාමාන්‍ය ආකාර

  1. පානයක් ලෙස

අවශ්‍ය ද්‍රව්‍ය:

ත‍්‍රිපෝෂ තේ හැදි 03

සීනි තේ හැදි භාගයක් 

උතුරා මඳක් නිවාගත් ජලය මිලි ලීටර් 100 ක්

සාදන ක්‍රමය:

පිරිසිදු කෝප්පයකට  ඉහත සදහන් ප්‍රමාණ වලින් ත්‍රිපෝෂ ,සීනි හා ජලය  දමන්න. දැන් එය හොදින් මිශ්‍ර කර පානයක් ලෙස සකස් කර ගන්න. දිනකට තෙවරක් ලබා දෙන්න පුළුවන්.

  1. තලපයක් ලෙස 

අවශ්‍ය ද්‍රව්‍ය:

ත‍්‍රිපෝෂ තේ හැදි 03 ක් 

සීනි ස්වල්පයක් 

උතුරා නිවාගත් ජලය ස්වල්පයක් හෝ ෆ්‍රෙෂ් මිල්ක් ස්වල්පයක් 

සාදන ක්‍රමය:

පිරිසිදු භාජනයකට ඉහත සදහන් ප්‍රමාණ වලින් ත්‍රිපෝෂ ,සීනි හා ජලය හෝ ෆ්‍රෙෂ් මිල්ක්  දමා තලපයක් ලෙස සකස් කර ගන්න. හරිම රසවත් දැන් ආහාරයට ගන්න පුළුවන්. ජලය වෙනුවට ෆ්‍රෙෂ් මිල්ක් යෙදීමෙන් රසය ඉහළ නංවන්න පුළුවන්.

  1. ව්‍යාංජනයක් ලෙස 

අවශ්‍ය ද්‍රව්‍ය:

කලින් සකස් කල කිරි හොඳි ටිකක්ත‍්‍

රිපෝෂ තේ හැදි 03ක්

සාදන ක්‍රමය:

උකු පොල් කිරි වලට , කහ, තුන පහ,ලුණු, කරපිංචා, ලූණු  දමා කිරි හොඳි ටිකක් සකස් කරන්න. දැන් එයට ත‍්‍රිපෝෂ තේ හැදි 03ක් මිශ‍්‍ර කර ව්‍යාංජනයක් ලෙස සකස් කරන්න පුළුවන් . පාන් ,ඉදිආප්ප , බත් ඕනෑම දෙයක් එක්ක කදිමයි.

  1. අග්ගලා ලෙස

අවශ්‍ය ද්‍රව්‍ය:

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

ත‍්‍රිපෝෂ තේ හැදි 03 ක්

පොල් ස්වල්පයක් 

සීනි තේ හැදි භාගයක්

ලූණු ස්වල්පයක් 

උතුරා නිවාගත් ජලය ස්වල්පයක් 

සාදන ක්‍රමය:

පිරිසිදු භාජනයකට  ඉහත සදහන් සියල්ල දමා මිශ‍්‍ර කරන්න.  දැන් එය ගුලි කරමින් අග්ගලා සකස් කරන්න . ඔන්න හවස තේ වේලාවට රසවත් වගේම පෝෂණීය කෙටි කෑමක්

ත්‍රිපෝෂ recipes : ත්‍රීපෝෂ වලින් සකස් කල හැකි අපූරු ආහාර වට්ටෝරු 

හැමදාම එකම විදියට කෑම කනකොට එපා වෙනවා නේද? එහෙනම් ගොඩාක් අම්මලා අත් හදා බලන අලුත් කෑම වට්ටෝරු කිහිපයක් බලමුද?

  1. ත්‍රිපෝෂ  පෑන් කේක්

අවශ්‍ය දේවල් : - 

බිත්තර 1

ත්‍රිපෝෂ 60g

පාන් පිටි 60g විතර 

දියකරගත් බටර් මේස හැදි 1

ලුණු චුට්ටක්

සීනි මේස හැදි 1 

ෆ්‍රෙෂ් මිල්ක්  කෝප්ප 1/2 ක් විතර

බටර්, බිත්තර, සීනි , පාන් පිටි , ත්‍රිපෝෂ ,  ෆ්‍රෙෂ් මිල්ක් එක්ක හොදින් මිශ්‍ර කර බැටරයක් සාදාගන්න .( කැටි නැතිවෙන තුරු)

නොන්ස්ටික් තැටියක මේ මිශ්‍රනය දමා  දෙපැත්ත පුළුස්සා ගන්න.

     2.ත්‍රිපෝෂ රොටී

අවශ්‍ය දේවල් : - 

බිත්තර එකක්

ත්‍රිපෝෂ කෝප්ප 1/2

පාන් පිටි  කෝප්ප 1/2

පොල් කෝප්ප  කෝප්ප 01

ජලය   ටිකක්

රස අනුව ලුණු

* අවශ්‍ය නම් කැරට්,ලීක්ස් , ලූණූ, බෝංචි හීනියට ලියා එක්කර පෝෂණය ඉහල නංවන්න පුළුවන්.

 සාදන ආකාරය : - 

ඉහත සියල්ල හොදින් මිශ්‍ර කරන්න. නොන්ස්ටික් තැටියක මේ මිශ්‍රනය දමා  දෙපැත්ත පුළුස්සා ගන්න.

     3.ත්‍රිපෝෂ කේක්

අවශ්‍ය ද්‍රව්‍ය :

ත්‍රිපොෂ කප් 1

පාන් පිටි කප් ½

බිත්තර 2

බටර් කප් ½

සීනි කප් 1

වැනිලා  තේ හැදි ½

නැවුම් කිරි කප් ¾

බේකින් පවුඩර් තේ හැදි 1 ½

 සාදන ආකාරය : - 

මුලින්ම ත්‍රිපොෂ ,පාන් පිටි,  බේකින් පවුඩර් මිශ්‍ර කර සාමාන්‍ය කේක් හදන අකාරයට  තුන් පාරක් හලාගන්න.

ඉන්පසු  බටර් එක්ක සීනි එකට දාලා සීනි  ක්‍රීම් වෙන්කම් බීට් කර ගන්න.

වරකට   බිත්තරය බැගින් මිශ්‍රණයට එකතු කර   බීට් කර ගන්න.

ඒකටම නැවුම් කිරියි, වැනිලයි එකතු කරලා  ටිකක් බීට් කරන්න.

ඊළඟට පිටි මිශ්‍රණය කලවම් කර ගන්න. දැන් ටොස්ටර්  එකේ බටර් ගා එයට දමා ටොස්ට් කර ගන්න. 

නැතිනම් මිශ්‍රණය බටර් ගා ගත්ත කේක් තැටියකට දාලා සාමාන්‍ය කේක් එකක් වගේ පුළුස්සා ගන්න.

           4. ත්‍රිපෝෂ ඔම්ලට් 

අවශ්‍ය ද්‍රව්‍ය :

බිත්තර 01

ත්‍රිපෝෂ තේ හැදි 03

පොල්තෙල්

රස අනුව ලුණු

සාදන ක්‍රමය:

බිත්තර , ත්‍රිපෝෂ , ලුණු එකට දමා හොදින් බීට් කරගන්න. ඉන්පසු නොන්ස්ටික් ෆෑන් එකකට තෙල් දමා හොදින් රත් කර කලින් හදාගත් මිශ්‍රණය එයට දමා දෙපැත්ත හරවා පුළුස්සා ගන්න. කාලම රස බලන්නකෝ පෙනුම වගේමයි රසත්

* අවශ්‍ය නම් කැරට්,ලීක්ස් , ලූණූ, බෝංචි හීනියට ලියා එක්කර පෝෂණය ඉහල නංවන්න පුළුවන්.

      5.යෝගට් සමග ත්‍රිපෝෂ

අවශ්‍ය ද්‍රව්‍ය :

රට ඉදි ගෙඩි කිහිපයක් 

යෝගට් එකක්

ත්‍රිපෝෂ මේස හැදි 01ක්

නිවාගත් උණු වතුර ටිකක් 

සාදන ක්‍රමය:

මේ සියල්ල  මිශ්‍ර කර බෙලෙන්ඩ් කර ගන්න. රසවත් ආහාරයක් සකස් කර ගන්න පුළුවන්. නිකම්ම යෝගට් එක දරුවාට දෙනවාට වඩා මෙය හොද ආහාරයක් වේවි නේද?

     6.කෙසෙල් , ෆ්‍රෙෂ් මිල්ක් එක්ක ත්‍රිපෝෂ 

අවශ්‍ය ද්‍රව්‍ය :

කෙසෙල් ගෙඩියක්

ෆ්‍රෙෂ් මිල්ක් 

ත්‍රිපෝෂ මේස හැදි 02

සාදන ක්‍රමය:

  • කෙසෙල් ගෙඩිය හොදින් පොඩි කර එයට ත්‍රිපෝෂ හා ෆ්‍රෙෂ් මිල්ක්  අවශ්‍ය පමණ එක් කර හොදින් මිශ්‍ර කරන්න. මෙය රසවත් වගේම පෝෂ්‍ය ගුණයෙන් ඉහල ආහාරයක්,
  • ත්‍රිපෝෂ කියන්නේ පෝෂණ ගුණයෙන් ඉහල වගේම රසවත් ලෙස පිළියෙල කරගන්න පුළුවන් ආහාරයක්, ශ්‍රී ලංකාවේ නම් ගැබිණි හා ළදරු සායන මගින් දැනට ත්‍රිපෝෂ නොමිලයේ ලබාදෙන්න කටයුතු කර තියෙනවා.
  •  ඒ වගේම මේ ධාන්‍යමය ආහාරය විවිධ නම් වලින් ඔබට වෙළද පොලෙන් පහසුවෙන්  සොයා ගන්න පුළුවන්. 
  • ත්‍රිපෝෂ භාවිතයට පෙර අනිවාර්යයෙන්ම කල් ඉකුත් වීමේ දිනය, ඒ වගේම පැකැට්ටුව විවෘත කල පසු එහි තත්වය පරීක්ෂා කරන්න. 
  •  ත්‍රිපෝෂ කැදලි ලෙස ඇත්නම් , කල් ඉකුත් වී ඇත්නම් හෝ පැකැට්ටුව සිදුරු වී ඇත්නම් එය භාවිතයට සුදුසු නැහැ .
  •  පැකැට්ටුව විවෘත කල පසු නිසි ලෙස ගබඩා කරන්න අමතක කරන්න එපා.
  •  ම‌ෙය පිළියෙළ කිරීමේදී පිරිසිදු බදුන්, හැදි භාවිතා කිරීම සෞඛ්‍ය ආරක්ෂිත වෙනවා.
  •  ත්‍රිපෝෂ එක්ක ගන්න  ලුණු හා සීනි ප්‍රමාණය අවම කිරීම ශරීර සෞඛ්‍යයට හිතකර වෙනවා.
  • ත්‍රිපෝෂ සකස් කිරීමේදී  කෑම රුචිය වඩවන්න සමහර අම්මලා ත්‍රිපෝෂ සාමාන්‍ය recipes වලට චොකලට් කුඩු, වැනිලා,  ශරීරයට හානි කර නොවන ස්වාභාවික වර්ණක, මුද්දරප්පලම් , කුඩා කජු කැබලි, රටකජු , රට ඉදි වගේ දේවල් එකතු කරනවා.
  • පෙනුමෙන් ත්‍රිපෝෂ රස නැහැ වගේ පෙනුනත් අනෙක් අම්මලා අත් හදා බලා ඇති මේ රසවත් ක්‍රම වලට  ත්‍රිපෝෂ ඔබත් රස විද බලන්න.
  •  ත්‍රිපෝෂ බිස්කට්,   ත්‍රිපෝෂ මුරුක්කු, ත්‍රිපෝෂ පිට්ටු, ත්‍රිපෝෂ තෝසේ, ත්‍රිපෝෂ පොල් ටොෆී වගේ අලුත් අලුත් රෙසපීස් උත්සහ කර බලලා සාර්ථක නම් ඒවා අනිවාර්යයෙන්ම    අපිත් එක්ක බෙදාගන්න.
  • මේ ලිපියේ  සදහන් ත්‍රිපෝෂ recipes වලට අමතරව ඔබ ලග අලුත් recipe එකක් තියෙනවා නම් කමෙන්ට් කර අපිත් එක්ක බෙදාගන්නත් අමතක කරන්න එපා. හොදද?

ඔබ ගැන හැමදාම හිතන TheAsianparent sri lanka ආදරණීය පවුලෙන් ත්‍රිපෝෂ recipes ගැන මේ රසවත්  තොරතුරු සුපුරුදු ලෙන්ගතුකමින් ඔබේ දෝතට පිළිගන්නවා.

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ආහාර සහ පෝෂණය
  • /
  • පෝෂණයෙන් ඉහළ ත්‍රිපෝෂ රසවත් ලෙස පිළියෙල කර ගන්නේ මෙහෙමයි
බෙදාගන්න :
  • දරුවන්ගේ ආහාර වල සුරක්ෂිතතාව: ශ්‍රී ලාංකික දෙමාපියන් සඳහා පුළුල් මග පෙන්වීමක්

    දරුවන්ගේ ආහාර වල සුරක්ෂිතතාව: ශ්‍රී ලාංකික දෙමාපියන් සඳහා පුළුල් මග පෙන්වීමක්

  • සීනි නොදා බබාලගේ කෑම පැණිරස කරවන උපායන් 14 ක්

    සීනි නොදා බබාලගේ කෑම පැණිරස කරවන උපායන් 14 ක්

  • දරුවන්ගේ ආහාර වල සුරක්ෂිතතාව: ශ්‍රී ලාංකික දෙමාපියන් සඳහා පුළුල් මග පෙන්වීමක්

    දරුවන්ගේ ආහාර වල සුරක්ෂිතතාව: ශ්‍රී ලාංකික දෙමාපියන් සඳහා පුළුල් මග පෙන්වීමක්

  • සීනි නොදා බබාලගේ කෑම පැණිරස කරවන උපායන් 14 ක්

    සීනි නොදා බබාලගේ කෑම පැණිරස කරවන උපායන් 14 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it