දරුවන් සමග හොඳ සම්බන්ධතාවයක් ඇති කරගන්න තාත්තලාට ඉඟි කිහිපයක්

ඔබේ කිරිකැටියා එක්ක ඇති බැඳීම වැඩිකරගන්න මේ ගැන දෙවරක් හිතා බලන්න.

පිරිමි පාර්ශවයට විශේෂයෙන් වැදගත් මේ කරුණු පීතෘත්වයට තවත් උදවු වේවි. ඔබේ කිරිකැටියා එක්ක ඇති බැඳීම වැඩිකරගන්න මේ ගැන දෙවරක් හිතා බලන්න.

ඔබට පුළුවන් විදිහට දරුවාට ගී ගයන්න

දරුවාට ගීත ගයනා කිරීම නිසා දරුවා හොඳින් නැළවෙන බව දැනෙනවා. නැත්නම් ආයි ටිකක් නොසන්සුන් වෙනවා ඔබට පෙනේවි. ඒ වගේම තාත්තලාගේ ගැඹුරු කටහඬ ඔවුන් ඔබත් එක්ක ඇති බැඳීම වැඩි කරනවා.

වඩා ගන්න

දරුවෙකු තුරුලට ගෙන නළවා ගැනීම තරම් බැඳීම් ඇති කරන දෙයක් නැති තරම්. දරුවා වඩා ගන්න, සිපගන්න, වැළඳගන්න, ඇඟිල්ලෙන් අල්ලා ගන්න. දරුවාත් ඔබත් අතර ශාරීරිකව ඇතිවන බැඳීම තවත් ශක්තිමත් කරනවා.

ඇස් ආදරයෙන් පුරවා ගන්න

බැල්මක ඇති ශක්තිය වටහා ගන්න ඔබ පැටියව තුරුළට ගෙන ඉන්න විට ඔවුන්ගේ ඇස් ඔබේ ඇස් හා ගැටෙන සේ තබා ගන්න උත්සාහ කරන්න. මේ මගින් බැඳීම වගේම ඔබව ඉරියව් මගින් වටහා ගන්නත් දරුවා ඉගෙන ගන්නවා. ඒ වගේම එය දරුවාගේ වර්ධනයට වැදගත් වෙනවා.

දරුවා සමග තනිව කාලය ගෙවන්න කාලයක් වෙන් කර ගන්න

දරුවන් සමග පියා වැඩිපුර කාලයක් ගත කිරීම ඔවුන්ගේ වර්ධනයට වැදගත් වන බව පරීක්ෂණ මගින් සනාථ කරනවා. ඒ වගේම ඉඳහිට හෝ රාත්‍රී කාලයේ අම්මා වෙනුවට තාත්තටත් ඔවුන් සමග ගතකරන්න පුළුවන් නම් එය වැදගත් වෙනවා. දරුවා සමග පාසලෙන් පසු ඔහු සමග ගැවසෙන්න ඔබට ඉඩ ලැබෙනවා වගේම හුඟක් වෙහෙසෙන බිරිඳට යම් විවේකයක් ලැබෙනවා.

වෛද්‍ය හමුව

සෑම වෛද්‍ය හමුවකටම දරුවා සමග යන්න. මේ මගින් ඔබේ දරුවාගේ සෞක්‍ය ගැටළු ගැන ඔබට හඳුනා ගන්න ඒවා වටහා ගන්නත් පුළුවන් වෙනවා.

විනෝදජනක ලෙස හැසිරෙන්න

දරුවා ඉදිරියේ පොඩි දරුවෙකු ලෙස හැසිරෙන්න. එය දරුවාට සිනහව කැන්දනවා. දරුවා ටික ටික ලොකු වෙනකොට එයත් එක්ක විවිද ක්‍රීඩාවන්ට එකතු වෙන්න. දුවන්න, නටන්න, හිනාවෙන්න.

තාත්තගේ ආදරේ හුඟක් ගැඹුරු වුනත් එය පෙන්වන්න සමහර තාත්තලා දන්නේ නැති වෙන්න පුළුවන්. theAsianparent Sri Lanka ඒ වෙනුවෙන් මේ ලිපිය සකස් කළා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ