theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

තාත්තායි දුවයි මේ ආදරයයි III

2 අවම කියවීම
තාත්තායි දුවයි මේ ආදරයයි IIIතාත්තායි දුවයි මේ ආදරයයි III

තාත්තලාට දුවලා එක්ක එකතු වෙලා දග වැඩ විතරක් නෙවෙයි ප්‍රයෝජනවත් වැඩත් කරන්න පුලුවන්.

අද නම් අක්කිව එක්ක එන්න පෙර පාසැල ලගට ගිය ආච්චි අම්මා නඩු ගොඩාක් අරගෙන ඇවිත්,

අක්කී පෙර පාසැලේදී සිංහල අකුරු ලියන්න බෑ කියනවාලු. මොකද කරන්නේ මාත් දහ අතේ කල්පනා කලා.

ඊට පස්සේ ආච්ච් අම්මායි, මමයි එකතු වෙලා පොතක් අරගෙන අක්කාට අකුරු ලියන්න කිව්වා. මෙන්න අක්කා පොත පුරාම බලි කුරුටු ගානවා. මම ලගට ගිහින් අතින් අල්ලලා ලියවන්න උත්සහ කලා. ඒත් අක්කී සිංහල අකුරු ලියන්න බෑ කියනවා. මහන්සිය වැඩි කමට මට චුට්ටක් තරහාත් ගියා.

ඔන්න ඔය අතරේ තමා තාත්තා ගෙදර ආවේ. ගෙදර හරිම යුද්ධයක් , අක්කා අකුරු ලියන්න බෑ කියනවා. ආච්චියි මමයි අකුරු ලියවන්න උත්සහ කරනවා. තාත්තාව දැක්ක අක්කා තාත්තා ගාවට දුවගෙන ගියා.

"හා හා මාව අල්ලන්න එපා පැටියෝ, තාත්තා බස් එකේනේ ආවේ, තාත්තා ගාව විෂබීජ පිරිලා. ඉන්න මම ඇග සෝදගෙන එනකම්"

අපේ සටනට පුංචි විරාමයක් තියලා තාත්තා ඇග සෝදන් එන්න ගියා.  අක්කිටයි මල්ලිටයි විෂබීජ යන්න පුලුවන් නිසා එයා හැමදාම ගෙදර ආ හැටියේ එයාලා අල්ලන්න කලින් හොදට පිරිසිදු වෙනවා. ඒක තාත්තාගේ හොද පුරුද්දක්,

" මෙහෙ එන්න පැටියෝ, ඇයි ඔයා සිංහල අකුරු ලියන්න කැමති නැත්තේ"

නඩුව අහගෙන හිටපු තාත්තා අක්කාව ලගට අරගෙන ඇහුවා. එතකොටයි මටත් මතක් වුනේ ඒක අක්කා ගෙන් අහන්න බැරි වුනා කියලා.

" ඒවා හරිම අමාරුයි තාත්තේ "

දුව උත්තර දුන්නා.

" අමාරුයි ? ඇයි ඒ?"

තාත්තා ආයෙමත් ඇහුවා.

" ඒවා හරිම රවුම් "

දුව කිව්වේ පැකිලෙමින්, මටත් කාරණය තේරුනේ එතකොටයි. මෙච්චර දවස් ලේසී ඉංග්‍රීසි අකුරු, ඉලක්කම් ලිය ලිය හිටපු අක්කාට සිංහල අකුරු ලියන්න වෙලා.

" එන්න පුතේ, "

තාත්තා අක්කාව එක්ක ගියේ බිත්තියේ එල්ලලා තිබ්බ වයිට් බෝඩ් එක ලගට, දෙන්නාම එකතු වෙලා කරන්නේම දගවැඩ නිසා මම එයාලාට නොදැනෙන්න මම ඒ දිහා බලා හිටියා. මුලදී ටිකක් පැකිලුනත් දුව තාත්තාත් එක්ක හරි හරියට තරගෙට රවුම් ඇන්දා.

මල්ලිට බඩගිනි වෙලා අඩපු නිසා මම මල්ලීට කෑම කවලා ආපහු එනකොට පැයක් විතර යන්න ඇති, මෙන්න වයිට් බෝඩ් එක පුරාම ලස්සන සිංහල අකුරු  ලියලා.

" අම්මේ ලස්සනයිද? මම ලිව්වේ "

බෝඩ් එකේ දුව හිටපු පැත්ත පෙන්නලා එයා කිව්වා. තාත්තායි දුවයි හිනාවුනේ ආඩම්බරයෙන්,

" මගේ හොද දුව"

මම එයාගේ ඔලුව හෙමිහිට අතගෑවා.

දෙන්නාම එකතු වුනහම කරන්නේම දගවැඩ වුනාට තාත්තායි දුවයි යාලුවෝ වගේ, ඒක නිසා තමයි තාත්තා එයාගේ පුංචි යාලුවාගේ හිත තේරුම් අරන් එයාට ගැලපෙන විසදුමක් දුන්නේ.

තාත්තලාට දුවලා එක්ක එකතු වෙලා දග වැඩ විතරක් නෙවෙයි ප්‍රයෝජනවත් වැඩත් කරන්න පුලුවන්.

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • තාත්තායි දුවයි මේ ආදරයයි III
බෙදාගන්න :
  • තාත්තායි දුවයි මේ ආදරයයි -පික්නික් ගිහින්

    තාත්තායි දුවයි මේ ආදරයයි -පික්නික් ගිහින්

  • තාත්තායි දුවයි මේ ආදරයයි

    තාත්තායි දුවයි මේ ආදරයයි

  • තාත්තායි දුවයි මේ ආදරයයි -පික්නික් ගිහින්

    තාත්තායි දුවයි මේ ආදරයයි -පික්නික් ගිහින්

  • තාත්තායි දුවයි මේ ආදරයයි

    තාත්තායි දුවයි මේ ආදරයයි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it