තාත්තායි දුවයි මේ ආදරයයි පුංචි ඊර්ෂ්‍යාවක් ඇවිල්ලා

ඇයි තාත්තා මල්ලීට විතරක් වැඩිය ආදරේ?

හවසට ගෙදර තියෙන්නේ හරිම යුද්ධයක් , අක්කායි මල්ලීයි ආදරේ දිනා ගන්න එකම යුද්ධයයි.

 

තාත්තා ගෙදර ඇවිත් ඇග සෝදන් ආපු ගමන් තාච්චා, තාච්චා කියලා ලගට ආපු මල්ලී බබාව වඩා ගත්තා.

 

ඒකට අක්කාගේ හිත හරි නැහැ. ඒයාගේ හිත රිදුනා. සෙල්ලම් කර කර හිටපු බඩු ටික ඔක්කොම විසි කලා. පුංචි මුණට තරහක් ඇවිදිල්ලා.

 

" ඇයි දුව"

 

මම එයාව ලගට අරන් ඇහුවා.

 

" තාත්තා මට ආදරේ නැහැ "

 

දුව කිව්වේ හරිම දුකින්, මල්ලිගේ හුරතල් අතර අතරමං වෙලා හිටපු තාත්තාට ඒක ඒ වේලාවේ ඇහුනා. එයා ගැස්සිලා බැලුවා.

 

" දුව මෙහේ එන්නකෝ"

 

තාත්තා ආදරයෙන් කථා කලා.

අනේ පුංචි පූස් පැටියෙක් වගේ අපේ කේන්තිකාරි තාත්තාට කිට්ටු වුනා.

 

" මෙහේ එන්න , ඔයා මගේ ඔඩොක්කුවෙන් වාඩි වෙන්න, අක්කී වම් කකුල උඩ, මල්ලී දකු

තාත්තා අමාරුවෙන් වුනත් දෙන්නවම ඔඩොක්කුවෙන් තියා ගත්තා. අක්කාට දැන් හරි සතුටුයි. එයා තාත්තාවයි, මල්ලිවයි දෙන්නාවම බදා ගත්තා.

 

අක්කායි මල්ලියි අතරේ ආදරේට රණ්ඩු ගොඩායි. වැඩිහිටියෝ විදියට අපි ඒ pපුංචි තරහා වැඩිවෙන විදියට හැසිරෙන්න හොද නැහැ. පුංචි පුංචි අපහසුකම් තිබුනත් ඒවා දරාගෙන දෙන්නාටම සමානව සලකන්න ඕනී.

 

මේ තාත්තා කියා දුන්නේ ජීවිතයේ අපූරු පාඩමක්