මේ වගේ දුවට ආදරේ පෙන්වන්න තාත්තලාට පුළුවන්: ඉඟි 14 ක්

Share this article with other mums

තාත්තලාට දුලාට ආදරේ පෙන්වන්න මහ හුඟක් දේවල් ඕනේ වෙන්නේ නැහැ. මිල මුදල් හුඟක් ඕනෙත් නැහැ. ඒවා හරිම පුංචි දේවල්...

තාත්තලාට දුලාට ආදරේ පෙන්වන්න මහ හුඟක් දේවල් ඕනේ වෙන්නේ නැහැ. මිල මුදල් හුඟක් ඕනෙත් නැහැ. ඒවා හරිම පුංචි දේවල්. පුරුදු ක්‍රිකට් තරඟය බලනවා වෙනුවට දූගේ ආසම රූපවාහිනී වැඩසටහන බලන්න එකට ඉඳගන්න. ඔවුන්ට ඇහුම්කන් දෙන ගමන් දවස ගෙවුණු හැටි කතා කරන්න. නැතිනම් එයාගේ කොණ්ඩය පීරනවා වගේ දෙයක් වුනත් ඔබට කරන්න පුළුවන්.

  1. එයාගේ අම්මට ආදරේ කරන්න

මේ කාරණය ලැයිස්තුවේ මුලට එන කාරණයක්. ඔබ ඔබේ බිරිඳට ආදරය කරන විදිහට ඇය අනාගතයේ ඇගේ සහකරුගේ ආදරය පතනවා. මෙම ආදරය ආරක්ෂාව පිළිබඳ පවුරක් බැඳෙන අතර සබඳතාවයක සුන්දරත්වය හා වැදගත්කම ඔවුන් ඉන් ඉගෙන ගන්නවා.

  1. ඇය ආසම කරන සංගීතයට සවන් දෙන්න

අද කාලයේ සංගීතය හා පම්පරාවන් අතර ඇත්තේ බොහෝ දුරස්ථ බවක්. නමුත් ඔබේ රුචිකත්වයටත් දෙයක් ඇති බව පෙන්වන්න. ඇය කැමති සංගීතයට ඔබත් ඇහුම්කන් දෙන බව පෙන්වන්න සාප්පු සවාරි යනවිට ඔබ දෙදෙනාම ඊට ඇහුම්කන් දෙන්න.

  1. අහඹු ලෙස සාද පැවැත්වීම

මේක ලොකු දෙයක් නෙමෙයි. ඔබේ ගෙදර ඔබේ පවුලේ අය කම්මැලි දවසක දුවත් එක්ක පුංචි නැටුම් ටිකක් සංගීතයට අනුව නටලා සතුටු වෙන්න.

  1. ඇගේ වාහනය සෝදන්න දෙන්න

ඇයටම කියා කාරයක් ඇත්නම් එය සෝදන්න හෝ ඊට උදවු කරන්න ඔබට පුළුවන්. ඔබ ඇය ගැන කෙතරම් සැලකිලිමත් දැයි ඇය සිතාවි.

  1. ඇයට දුරස්ථ පාලකය හසුරවන්න දෙන්න

චිත්‍රපට බලන වෙලාවට ඇයටත් ඇය කැමති චිත්‍රපටයක් බලන්න ඉඩ දෙන්න. එය නිතරම කළයුතු නැතත් ඇය කැමති දෙයින් ඔබත් සතුටු වෙන බව ඒත්තු ගැන්වීමට එය හොඳ අවස්ථාවක්.

  1. ඇගේ නිය ආලේපන ගලවන්න ඉගෙන ගන්න

අත් පා වල නිය හා මෙනිකියු හෝ පෙඩිකියු එකක් දුවට කරන්න. අනෙක් අතට පළමු වර එය ඉතා අසාර්ථක විය හැකි නමුත් වඩා සොඳුරු මතකයකට ඇතුලත් වේවි. නමුත් එය ඔබ ඇය සමග කරන්න ගත්තහම ඔබේ බැඳීම තවත් ශක්තිමත් වන බව වැටහේවි.

  1. එළිමහනේ එක්ව කාලය ගෙවන්න

තිරයකට හෝ දුරකථන වලට කොටු වෙනවාට වඩා ඇවිදින්න යන්න නැතිනම් ව්‍යායාම වල යෙදෙන්න. එළිමහනේ ඇයත් සමග ගෙවන කාලය ඇයටත් ඔබටත් බැඳීම ශක්තිමත් කරගන්න හුඟක් වැදගත් වේවි.

  1. ඇයත් සමග දවසක් නිදහසේ ගෙවන්න

ඇයත් සමග එළිමහනේ සතුටින් කාලය ගත කරන්න සැලසුම් කරන්න. එය ඇගේ වයස අනුව තීරණය කරන්න පුළුවන් වුනත් අයිස් ක්‍රීම් එකක් අරන් දෙන්න වගේ දෙයක් නැතිනම් නිවසේදීම තේ පැන් සංග්‍රහයක් ලෑස්ති කරන්නත් පුළුවන්. තරමක් වයසින් වැඩි දියණියක් නම් එයත් එක්ක බයිසිකල් පදින්න යන්නත් පුළුවන්.

  1. ඇගේ විනෝදාංශ වලට කැමැත්තක් දක්වන්න

ඇගේ විනෝදාංශ වලට ඔබ දක්වන කැමැත්ත නිසා ඇය ඔබ ගැන සොයා බලන බව ඇයට දැනෙනවා. සමහර විට ඇයත් සමග ගිටාර් එක වාදනය කරන්න. ඇය තුළ ආත්ම විශ්වාසය ගොඩනගන්න. හැමවිටම ඇය ළඟ ඔබ ඉන්න බව පෙන්වන්න.

  1. ගොඩක් දේවල් හදන්න ඉඩ දෙන්න

කැඩුණු දේවල් හෝ අලුතෙන් හදන දේවල් ඇයටත් අත්හදා බලන්න ඉඩ දෙන්න. ඒ තුළින් ඇය තුළ විශ්වාසය ගොඩනගන්න ඔබට පුළුවන්. සිප් එකක් හදාගන්න, හුක් එකක් පැන්නොත් නැවත දාගන්න වගේ පුංචි දේවල් ඇයට කරන්න ඉඩ දීමෙන් අම්මත් එක්ක මුළුතැන්ගෙයි කරන වැඩ වලට වඩා එය ඇයට විනෝදයක් වෙන්නත් පුළුවන්.

  1. ඔබට ඇයව මතකයට නැගෙන පින්තූර යවන්න

අහඹු දේවල් ආදරය පෙන්වන්න හුඟක් වටිනවා. ඇය ගැන සොයා ගත් සමහර දුර්ලභ පින්තූර ඇයට යවන්න ඔබට පුළුවන්. ඇය ඉන් හුඟක් සතුටට පත්වේවි.

  1. ඇගේ කොණ්ඩය ගොතන්න

ඇගේ කොණ්ඩය පීරීම, ගෙතීම, නැත්නම් විලාසිතාවක් කිරීම ඔබට ඔබේ ආදරය පෙන්වන්න අපූරුයි. සමහර විට අන්තරජාලයේ තාත්තලාටම මේ පිළිබඳ කියා දෙන වීඩියෝ තියෙනවා. ඉතින් අම්මලාම මේවා කළයුතු නැහැ. ඉන් ඇයට ඔබ ගැන හුඟක් ආදරේ හිතේවි.

  1. සිරුර ගැන ලැජ්ජා බය

මෙය තරමක් අභියෝගාත්මක වුනත් අන් කාන්තාවන්ගේ සිරුරේ හැඩය ගැන දුව ඉදිරියේ විවේචනය කිරීම අත්හරින්න. මේ නිසා නොදැනුවත්වම ඇය ඇගේ සිරුර ගැන අනවශ්‍ය ලෙස අවතක්සේරු කිරීමට පෙළඹෙන්න පුළුවන්.

  1. අහඹු ලෙස ඇයට පණිවිඩයක් යවන්න

තරමක් වැඩිමහල් දුවෙක් ඉන්නකොට ඇයට ඔබේ ආදරය කියා SMS එකක් යවන්න පුළුවන්. ඉන් ඇය තුළ ආදරණිය බව වැඩිවෙනවා.

අපි නොසිතන බොහෝ දේවල් තාත්තලාට දුලට දෙන්න පුළුවන්. ඊට සීමා මායිම් අවශ්‍ය නැහැ.  theAsianparent Sri Lanka ඒ ආදරය වෙනුවෙන් මේ අදහස් ගෙන ආවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

                                                                                                              

Sign up for the

Your weekly Pregnancy guide

Receive weekly personalized updates on your pregnancy! More details on the Plus One here

For dads