පියා සමග හොඳ සම්බන්ධතාවයක් පවතින දරුවන්ගේ හැසිරීමත් හොඳයි

lead image

"මේ අනුව දරුවන්ගේ හැසිරීමට පිතෘත්වය මානසික හා ශාරීරික වශයෙන් ප්‍රබල බලපෑමක් එල්ල කරන බව නිගමනය කළා."

මෙම සමීක්ෂණය අනුව තාත්තා සමග දරුවා ගේ හොඳ සම්බන්ධයක් තියන තරමට අනාගතයේ ඔවුන්ගේ හැසිරීම් හොඳ වන බව වාර්තා කරනවා.

තාත්තා සමග දරුවා ගේ හොඳ සම්බන්ධයක්: සමීක්ෂණය

දෙමාපියන් හා දරුවන් 10,440 ක නියැඳියකින් ලබාගත් දත්ත අනුව තමන්ගේ දරුවන් සමග මානසිකව කායිකව ඉතා සැහැල්ලුවෙන් ගතකර දරුවන්ගේ හැසිරීම අනෙක් ළමුන්ට වඩා 28% කින් හොඳ බව වාර්තා වුණා.

සමීක්ෂණයකින් මේ අනුව දරුවන්ගේ හැසිරීමට පිතෘත්වය මානසික හා ශාරීරික වශයෙන් ප්‍රබල බලපෑමක් එල්ල කරන බව නිගමනය කළා. නමුත් එය පියවරුන් නිවසේ අනෙක් උදවු දරුවන් බලා ගැනීම යන නිවසේ අනෙකුත් වැඩ කටයුතු ආදියට ගත කල කාලය මීට ඇතුලත් වන්නේ නැහැ.

තාත්තා සමග දරුවා ළංවිය යුත්තේ ඇයි?

ශුභවාදී ලෙස පියවරුන් දරුවන් රැකබලා ගැනීම නිසා දරුවන්ගේ හැසිරීම් වලින් ඉතා ඉහළ ගුණාත්මක බවක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

  1. අම්මාට තාත්තා උදවු කිරීම නිසා ඇයට දරුවන්ගේ කටයුතු වලට කාලය ලැබෙනවා.
  2. ප්‍රසුතියෙන් පසු අම්මාට ඇති වෙන පීඩාවන් තුරන් කිරීමට තාත්තාට උදවු විය හැකි නිසා
  3. මෙවැනි තාත්තලා නිතරම පවුලේ සතුට වැඩි කරන නිසා

දරුවන් යහපත් ලෙස වර්ධනය කරවීම එතරම් අපහසු කාර්යයක් නොවන බව අපි කවුරුත් දන්නවා. තාත්තා විදිහට ඔවුන් ඔවුන්ගේ භූමිකාව අනිසි ලෙස භාවිතා නොකළ යුත්තේද ඒ නිසයි. Family Share වෙතින් ලබාගත් මේ ඉඟි ඔබේත් දරුවනුත් අතර ඇති සබඳතාවයන් වඩාත් ශක්තිමත් කරයි.

තාත්තා සමග දරුවා ගේ හොඳ සම්බන්දතාවයක් පවත්වාගන්නේ කෙසේද

1. නිරන්තර සන්නිවේදනය

හැම දවසකම ඔබේ දරුවාට කතා කරන්න. පුංචි වෙලාවක් වුනත් කමක් නැහැ. ඔබත් සමග ඔවුන්ට ඕනෙම දෙයක් කතා කරන්න පුළුවන් බවට හැඟීමක් ඔවුන් තුළ ඇති කරන්න.

2. විනෝදාංශයක් බෙදාගන්න

ඔබ දෙදෙනාටම එකම විනෝදාංශයක් තෝරා ගත්තොත් ඔබ දෙදෙනාට එකට එක්ව කාලය ගෙවන්න පුළුවන් අවස්ථාවන් වැඩියි. ඔබ ඔබේ බෙහෙවින් ආශා කරන දෙයක් ගැන ඔහු සමග කතා කරන්න. ඔහුටත් එවැනි දෙයක් ඇති දැයි කතා කරන්න. ඉන් පසු අලුත් විනෝදාංශයකට මුල පුරන්න.

3. වැදගත් අවස්ථාවන් අතපසු කරන්න එපා

පාසලේ ප්‍රසංගයක්, තෑගි බෙදා දීමේ අවස්ථාවක්, ක්‍රීඩා උත්සවයක් වගේ දෙයක් අතපසු නොකර කෙසේ හෝ ඊට සහභාගී වෙන්න. දරුවන්ගේ පුංචි පුංචි වැදගත් අවස්ථාවන් දෙමාපියන් අගය කරන බව දරුවන්ට හැඟීම ඔවුන්ට ලෝකයක් ලැබෙනවා වගේ.

4. සහතික වෙන්න

ඔබේ දරුවාගේ වැරදී නිවැරදි කිරීමම අරමුණු නොකර ඔවුන් යමක් නිවැරදිව කරන බවට සහතික කරන්න. ඉන් ඔවුන්ගේ ආත්ම විශ්වාසය වැඩි වන අතර ඔවුන් ඔබට ළඟ බව දැනෙනවා.

5. දැනුම බෙදාගන්න

දෙමාපියන් ලෙස පැවරෙන කාර්යභාරය තුළ ඔබ ප්‍රියමනාප ගුරුවරයෙක් ලෙස හැසිරීමත් වැදගත්. ඔබේ දරුවාට බයිසිකලය පදින හැටි කියා දීම, ගසක් සිටුවන හැටි කියා දීම, රසවත් කෑමක් හදන්න එකතු වීම වගේ දේවල් දැනුම ලබාදීම පමණක්ම නෙමෙයි. එය ඔවුන්ට රසබර මතකයක් වෙනවා.

අම්මා වගේම තාත්තාගේ දායකත්වයත් හැම අතින්ම වැදගත් වන්නේ කොහොමද කියලා theAsianparent Sri Lanka තුළින් අපි ඔබට ගෙන ආවේ අපේ දරුවන්ගේ අනාගතය සුන්දර කිරීමේ ආශාවන් පුරවගෙනයි.

 theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

Written by

theAsianparent

app info
get app banner