තායිවානයේ ළදරුවන් රැකබලා ගන්නියක් දොවන ලද මව්කිරි පානය කර හසු වේ.

lead image

සේවා යෝජකයාගේ නිවසේ ස්ථාපනය කර ඇති CCTV කැමරාව  මගින්  ඇය සිය සේවායෝජකයාගේ මව්කිරි පානය කිරීමට ගොස් හසු වෙයි.

අපේ ලෝකයේ  වඩාත්ම වටිනා දේ වන දරුවන් සමග සිටින දරුවන් රැකබලා ගන්නියන් හා සේවිකාවන් අපි විශ්වාස කරනවා. ඇත්ත වශයෙන්ම, අප ඔවුන්ව රැකියාවට ගැනීමට පෙර  සම්මුඛ පරීක්ෂණ පවත්වා ,  නිරීක්ෂණය කර බදවා ගත්තත් සමහර අවස්ථාවල ඔවුන් කරන දේවල්  සිතා ගත නොහැකියි.

The Straits Times වාර්තා කර ඇති ආකාරයට තායිවානයේ ළදරුවන් රැකබලා ගන්නියක්  ඇයගේ රැකවරණය යටතේ සිටින මාස දෙකක් වයසැති දරුවා කිරි පෝෂණය කරනවා  වෙනුවට සේවායෝජකයා විසින් දොවන ලද මව්කිරි පානය කිරීම නිසා  චෝදනා ලැබුවාය..

කැමරාව අල්ලා දෙයි

තායිවානයේ කහ්ෂුෂන් නගරයෙහි ජීවත් වන මේ දරුවන් රැකබලා ගන්නියගේ සේවා යෝජකයා වන මිස් ලින්, විසින් පළමුවෙන්ම ෆේස්බුක් පෝස්ට් මගින් මෙම සිද්ධියට අවධානය ලබා ගෙන  තිබේ.

දැන් ඇයගේ අත්දැකීම් වලට තායිවානයේ ප්‍රවෘත්ති ආයතන විසින් පුළුල් ප්‍රචාරයක් ලබා දී ඇත.

ඇත්තටම  මොකද වුණේ ?

විශ්වාසවත්ත හෙදියක් නිර්දේශ කල නිසා මීස් ලීන් විසින් මෙම දරුවන් රැකබලා ගන්නිය සේවයට බදවා ගත්තාය. ලින් ගේ මාස දෙකක් වයසැති  දෙවන දරුවා රැකබලා ගැනීම සඳහා මෙම ළදරුවන් රැකබලා ගන්නිය රැකියාවේ යෙදවුවාය.

ළදරු පානය කරමින් හිටි බෝතලයේ වු ඉතිරි කිරි දරුවාට පානය කිරීමට දෙනවා වෙනුවට ළදරුවන් රැකබලා ගන්නිය පානය කල බව ලීන් චෝදනා කලාය.

ලින් ගේ සීසීටීවී කැමරාවෙන් පටිගත වු වීඩියෝ පටයේ ළදරුවන් රැකබලා ගන්නිය  බෝතලයකින් දරුවාට කිරි දෙනවා පෙනෙනවා. ඉන්පසු ඇය බෝතලය දරුවාගේ මුඛයෙන් පිටතට ගෙන එහි කට විවෘත කරනවා. පසුව ඇය බෝතලය පානය කිරීමට පෙර කැමරාව දෙස බලා බෝතලය සහ දරුවා වෙනත් කාමරයකට ගෙන යනවා.

මෙම බිලිඳා  නිරන්තරයෙන්ම 150cc මව්කිරි පානය කරන බව ළදරුවන් රැකබලා ගන්නිය සටහන් කර ඇති බව ලීන් පවසන බව තායිවාන මාධ්‍ය වාර්තා කරනවා.

එහෙත් ඇය එසේ පවසන්නේ ළදරුවන් රැකබලා ගන්නිය  එය පානය කිරීම කරන බවත්  එසේ කිරීම සඳහා සීසීටීවී ආවරණයක් නොතිබූ නිවසේ ස්ථානවලට ඇය යන බවත්ය.

ලින් සහ ඇය අතර ඇති පණිවුඩවල ස්ක්‍රීන් ෂොට්ස්  වලට  අනුව    ලින් "සුලු" ප්‍රමාණයක් බව පවසා ඇතත්  ළදරුවන් රැකබලා ගන්නිය "කිරි ටිකක්" පානය කල බව පවසා ඇති බවට පාපොච්චාරණය කර ඇති බව වාර්තා කරනවා.

ඇයගේ පූර්ව සේවායෝජකයාට ප කිරි නිවහන ගැනීමට අවසර ලබා දී තිබු අතර,  ඇයට ධෛර්යයක් ඇතිනම් එය පානය කරන ලෙස ඇයව උනන්දු කල බව ඇය පැවසු බව වාර්තා වෙනවා.

මෙම ළදරුවන් රැකබලා ගන්නිය  සමාජීය කටයුතු පිළිබඳ කාර්යාංශයට වාර්තා කළද, දරුවාට කිසිදු හානියක් සිදු නොකල  බැවින් ඇයගේ බලපත්‍රය ඉවත් කර නැත.

ඔබගේ සේවිකාව ගැන නිරීක්ෂණයට CCTV TV එකක් සවිකල යුතුයද?

මෙම තීරණය සම්පූර්ණයෙන්ම ඔබ  මත රදා පවතී. එහෙත්, සේවා යෝජකයන් වශයෙන්, ඔබ නිවසේ CCTV සවි කිරීමට තීරණය කරන්නේ නම්, මතක තබා ගත යුතු කරුණු කිහිපයක් මෙහි දැක්වේ.

• පුද්ගලික ස්ථානවල CCTV ස්ථාපනය නොකරන්න.

සේවිකාවගේ නිදන කාමරය සහ වැසිකිළි CCTV කැමරා වලින් තොර විය යුතුය. විසිත්ත කාමර සහ මුලුතැන්ගයි වැනි පොදු ස්ථානවල සුපරීක්ෂාකාරිත්වය සදහා  CCTV කැමරා සවි කරන්න.

• සේවිකාව දැනුවත් කිරීම සහ ඉගැන්වීම  කරන්න.

ඔබේ දරුවාට අනිසි ලෙස පහර දෙන ඔබ සැක කරන අතර ඇයගේ එම ක්‍රියාව ඔබට  අල්ලාගැනීමට අවශ්‍ය  නම්, ඔබ CCTV කැමරා සවි කර ඇත්තේ ඇයි සහ කැමරා සවි කර ඇති ස්ථාන මොනවාද යන්න පැහැදිලි කිරීම සුදුසු  වේ. මෙය කිරීමෙන් ඇයව දැනුවත් කරනු ලබන අතර, ඔබ දෙදෙනා අතර විශ්වාසය ගොඩනඟා ගැනීමටද එය  උපකාර වනු ඇත.

• ඉතා කුඩා දරුවන්  සිටී නම් CCTV කැමරා  වඩා සුදුසු වේ.

වැඩිමහලු දරුවන්ට කතා කළ හැකි බැවින්  අසීරු යමක් සිදුවේ නම් ඔබට පැවසිය හැකිය.

අපේ මල් වැනි දරුවන් රැකබලා ගන්නට සේවයේ යොදවන්නන්  ගැන වඩා අවධානයෙන් සිටිය යුතු බව ඔබට මතක් කරන්නේ The Asianparent Sri Lanka විසිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී